Mobile Display Technology ගැන



ඔන්න ඉතින් අද නම් ලියන්නේ කාට කාටත් වැදගත් වෙන පොස්ටුවකි ඒ තමා පෝන් එකේ display එක ගැන
මේ ලගදි මන් යාලුවෙක් ගේ කඩේකට ගියා ඉතින් එහෙම ඉන්නකොට
S4 එකක් ආව display කුඩු වෙච්ච දාගන්න කොහොම හරි ඉතින් විසි ගානක් වෙනවා කිව්වට පස්සේ අයිතිකාරයාට පොල්ලෙන් ගැහුවා වගේ යකෝ පෝන් එකෙ සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් එකත් යන්නේ 30ක් වගේ නේ
එත් sony වල ගණන් අඩුයි apple උනත් එහෙමයි එත් ඇයි මේ සම්සුන්ග් එකේ මෙච්චර ගණන් වැඩි? මට පොඩ්ඩක් මේ ගැන හොයන්න හිතුනා ඉතින් හැමෝටම දැනගන්නත් එක්කම මේකේ දාන්නම්

පෝන් ගත්තොත් හැම එකේම අනිවා display එකක් එනවනේ, එත් ඒවා එකට එකක් වෙනස් වෙනවා එකම කොම්පැනියේ උනත් උදාහරණයක් කිව්වොත් සම්සුන්ග් එකේ එනවා Super AMOLED, AMOLED, TFT, වගේ

අපි ඉතින් ඒ හැම එකක්ම බලමු ඒවගේ කොලිටිය වගේ හොද පැත්තත් නරක පැත්තත්



TFT LCD 

TFT කියන්නේ Thin Film Transistor තාක්ෂණය කියන්න LCD කියන්නේ ඉතින් Liquid Crystal Display  කියන්නනේ බොහොමයක් මොබයිල් පෝන් වලට එන display ජාතියක්. මේකේ හොදකට තියෙන්නේ picture කොලිටිය සහ resolution එක වැඩි කලින් ආපු LCD එකට වඩා, නමුත් මේකේ අවුල් ටිකක් නම් තියනවා පොඩ්ඩක් ඉර එලියට පෙන්නේ අඩුවෙන් තව view angle එක නම් පොඩ්ඩක් අඩුයි, ඒ වගේම ලොකු tft display එක battery එකට නම් හොද මදි මොකද මේකෙදි battery එක වැඩියෙන් use කරන නිසා, නමුත් මේකේ නිෂ්පාදන වියදම අතින් ගත්තොත් බොහොම අඩු මුදලක් තමා යන්නේ අනිත් display එක්ක ගත්තොත්.








IPS – LCD



IPS කියන්නේ In-Place Switching කියන එකට නෝමල් TFT display එකට වඩා මේකේ view angle එක වැඩි සහ මේක use කරන power එක අඩුයි නමුත් picture කොලිටිය අතින් වැඩි ඒ නිසා හොද ස්මාර්ට් පෝන් වලට එන්නේ මේක, apple lg වගේ හැබැයි TFT display එකට වඩා නම් ගාන වැඩියි හොදේ




CSTN 


මේක ඇවිල්ලා LCD Display එකේම වැඩිදියුණු කරපු එකක් මේක තමා ඔය නොකියා පරණම කලර් display පෝන් අවේ අන්න ඒවගේ තියෙන්නේ මේක, මේක ගැන කිව්වොත් picture කොලිටිය නම් අන්තිමයි නමුත් battery එක නම් ගොඩක්ම අඩුවෙන් බහින්නේ ආ CSTN කියන්නේ Color Super Twisted Nematic කියන එකට



OLED
OLED කියන්නේ Organic Light Emitting Diode කියන එකට, මේ තාක්ෂනය අළුත් එකක් මේක ඇවිල්ලා පෝන් වලට විතරක් නෙමේ මොනිටර් වලත් මේ තාක්ෂනය යොදාගන්නවා කියවනකොටම තේරෙනවනේ මේකේ තියෙන්නේ රසායනික මෙව්වා එකක් කියලා ඒ නිසාම මේකේ colour වැඩි, ඒ වගේම මේකේ response ටයිම් එක වැඩි ඒ වගේම view angle එකත් වැඩි තව කිව්වොත් ලොකු brightness එකක් ගන්නත් පුළුවන් ඒ වගේම මේකේ බර හුගක් අඩුයි ඒ වගේම අඩු බැටරි බලයක් තමා මේකට ඕනි වෙන්නේ තවත් දෙයක් කිව්වොත් මේක නිෂ්පාදන වියදමත් අඩුයි හදන්නත් පහසුයි




AMOLED
AMOLED කියන්නේ Active Matrix Organic Light Emitting Diode කියන එකට මේක ඇවිල්ලා මන් කලින් කිව්ව OLED එකේම තවත් වර්ගයක් මේක භාවිතා කරන්නේ බොහෝ වශයෙන් මොබයිල් පෝන් වලට ඒ වගේම මේකේ response ටයිම් එක වැඩි ඒ වගේම view angle එකත් වැඩි තව කිව්වොත් ලොකු brightness එකක් ගන්නත් පුළුවන් ඒ වගේම මේකේ බර හුගක් අඩුයි ඒ වගේම අඩු බැටරි බලයක් තමා මේකට ඕනි වෙන්නේ තවත් දෙයක් කිව්වොත් මේක නිෂ්පාදන වියදමත් අඩුයි හදන්නත් පහසුයි කලින් වගේම



Super AMOLED
ඒ කියන්නේ මේකත් ඇවිල්ලා AMOLED display එකේම version එකක් නමුත් මේක හැදුවේ සම්සුන්ග් සමාගමෙන් අරකට වඩා නම් ගොඩක් advanced කිව්වොත් හරි මොකද කිව්වොත් මේකෙදි display එකෙමයි touch එකත් පිහිටා තියෙන්නේ අන්න එකයි සම්සුන්ග් Galaxy S , SII, SIII, SIV, කියන පෝන් වල display එක මෙච්චර ගණන්, මේ display එක තම දැනට තියන හිනිම display එක හරියට පොත්තක් වගේ




Retina Display
සම්සුන්ග් සමාගමේ වගේම apple සමාගමේ display එක අතින් ගත්තොත් සුපිරිනේ මේකත් හැදුවේ සම්සුන්ග් සමාගමෙන් ම තමා දැන් නම් නෑ මේකෙදි කරලා තියෙන්නේ high resolution එකක් + backlit LED + High PPi එකක් ips display එකකට සම්බන්ද කරලා තියන එකයි අන්න ඒ නිසා තමා ඇපල් වල display එක මෙච්චර කොලිටි.



හිතනවා ඉතින් ඔයාල දෙයක් ගන්න ඇති කියලා වැරද්දක් තියනවනම් කියන්න එහෙනම් මන් ගියා

2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. නියමයි .. දිගටම කරගෙන යමු ..

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි සහෝ

    ReplyDelete
Post a Comment
Previous Post Next Post