Scooter Maintain Part 1 - Change Engine Oil

ඉස්සෙල්ලම කියන්න ඕනි මාස 7ක් විතර පොස්ට් දාන්න බැරි උනාට කවදාවත් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට බ්ලොග් Views 200,000ක් පනියි කියල ඒ ගැන නම් තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.

ඔන්න ඉතින් දන්නවනේ දැනට මාස 4කට විතර කලින් ගත්ත කියල වන්ඩිය, එකේ Free Service ඔක්කොම ඉවරයි ඉතින් මන් තනියෙන් ගේම ගහන්න කියල ලෑස්තිය,

කඩෙන් කිව්වා 2500ක් යනවා කියල වැඩේට මන් ආස ඉතින් මන් ම කරගන්නනෙ ඉතින් මන් ම කරා,

පටන් ගමු

අවශ්‍ය දේවල් :

10w-30 10w-40 එන්ජින් ඔයිල්, හැබැයි මේක කඩේ එකා කියයි මේක තමා මල්ලි හැමෝම ගෙනියන්නේ කියල අහුවෙන්න නම් එපා හොදේ දන්නේ නැතුව ගෙනල්ල කෙලොගත්ත නිසයි මන් කියන්නේ
ගන්න ඕනි 10W-30  MB type එක, MA දාන්නේ wet type Clutch වලට, එත් ස්කුටර් වල තියෙන්නේ Dry Clutch අන්න ඒ නිසා මැනුවල් එකේ කියල තියන විදිහටම ඒ තෙල් ජාතියම දාන්න


දෙවෙනියට මේ වගේ මිලිලීට‍ර් ගැන බලන්න පුළුවන් කෝප්පයක් වගේ එකක්


10mm යතුරක්
ඕක තමන්ගේ එකේ ගානට තිබ්බම ඇති 10ම වෙන්න ඕනි කියල නෑ නමුත් ගොඩක් තියෙන්නේ 10ම තමා

පුනිලයක්


මේ වගේ භාජනයක්







දැන් වැඩේට බහිමු
ඉස්සෙල්ලම එන්ජිම මිනිත්තු 5ක් 6ක් වගේ ස්ටාර්ට් එකේ තියන්න දැන් නවත්තල එහෙම
 තෙල් බලන අයිටම් එක තියෙන්නේ අන්න එක ගලවන්න Dipstick එක කියන්නේ
දැන් 10mm යතුරෙන් මෙන්න මේ ඇනේ හිමිට ගලවන්න

දැන් මෙහෙම හිමිට ඇතුලෙන් අර තෙල් එකතු කරන්න ගත්ත භාජනය තියන්න දැන් ඇනේ බුරුල් කරන්න ලස්සනට මේ වගේ වැටෙයි හොදේ
අන්තිම බින්දුව වෙනකල්ම වැටෙන්න තියන්න දැන් හොදට අර ඇනේ පිහදාල එහෙම ආයෙත් හයි කරන්න දැන් කරන්න තියෙන්නේ මේකයි,පුණිලේ දාන්න Dips Stick එක තියන තැනට දැන් අර මනින කෝප්පෙට එන්ජින් ඔයිල් දාල ගානට දාන්න මගේ නම් තියෙන්නේ 740 ml ඉතින් එකේ ගානට දැම්ම එතකොට Dips Stick එක වහන්නේ නැතුව තියල බලන්න මේ වගේ මැද්දේ තියනවද කියල,


මදි නම් තව දාන්න වැඩි නම් අයින් කරන්න, මුල් ඒවා වැඩි වෙන නිසා තමා කිව්වේ ml ගාන ගහල තියන එකකින් දාන්න කියල

ඊටපස්සේ ඕක වහන්න ඔන්න අපි එහෙනම් එන්ජින් ඔයිල් මාරු කරා

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post