Written Exam Guide

registration එකේදී දවසක් දෙනවනේ written exam එකට ඉතින් ඔන්න එදාට මතක් කරලා පැය බාගෙකට විතර කලින් යන්න, (කොට කලිසම් ගහන් යන්න එපා යාළුවේ මේ ලෝකේ කොල්ලෝ වෙච්ච අපට හුගක් දරුණු නීති තියනවා කෙල්ලොන්ට පුළුවන් කකුලට උඩ තියන ස්කට් ගහන යන්න අපිට බෑ ෂෝට ගහන යන්න) ගිහින් ඉන්න මන් නම් ගියේ වේරහැර එකටනේ ඉතින් කැන්ටිමේ ඉදන් ඉදල විභාග ශාලාවට යන්න එකේ සික්කා කියයි ඉදන් ඉන්න කියල වෙලාව එනකල් හම්මේ කෑලි ටිකක් හිටියා ඉතින් ඒවත් බල බල තොක්ස් පාරක් දාගෙන ඉන්න පුළුවන්, ඔන්න ඉතින් වෙලාව ආවම ඇතුලට යන්න කියයි, යද්දී පෝන් off කරන යන්න මේ කොලේ ගන්න   එතන ඉන්න එක්කෙනා ඉල්ලයි දෙන්න ඊටපස්සේ එකට තව කොලයක් අමුණලා ඉස්සරහට දෙන්න කියයි ඊටපස්සේ එකේ Fingerprint එක ගනියි ඊටපස්සේ ඉදගන්න තමා තියෙන්නේ( මතක් කරලා මේ වගේ බාර්කොඩ් එකේ අන්තිම ඉලක්කම් 4 මතක තියාගන්න එකෙන් තමා රිසාල්ට් කියන්නේ )
ඔන්න ඉතින් ඉඩගත්තට පස්සේ එපා වෙන්නම ලංකාවේ වාහන අනතුරු ගැන කියන පොඩි විනාඩි 15ක වගේ වීඩියෝ එකක් දායි ඈ ඊටපස්සේ පොඩි දර්මදෙසනාවකට ඇහුන්කන් දෙන්න පුලුවන් වෙයි විභාගේ ගැන
දෙන කොලේ මොකුත් ලියන්න එපා නිල් පෑනක් හරි කළු පෑනක් හරි අරන් යන්න

ඔන්න දැන් ලැමිනේට් කරපු පොඩි පිටු 3ක් තියන පොතක් දෙයි එකේ එහෙම මොකුත් ලියන්න එපා

එකේ ප්‍රශ්න 45ක් තියනවා බර වාහන ගන්න අයට තමා අන්තිම ප්‍රශ්න 5ත උත්තර ලියන්න තියෙන්නේ
ලියන්නේ නැති අය අර ඇන්ටි කියනවා වගේ තනි ඉරකින් කපල දාන්න ඒ 5

අපිට පිළිතුරු දෙන්න ප්‍රශ්න 40ක් තියනවා ඉතින් පාස් වෙන්නේ 30ක් වත් හරියට උත්තර දෙන අය විතරයි

ඔන්න ඉතින් දැන් ප්‍රශ්න පත්තරේ දුන්නා දැන් කලබල වෙලා අර දුන්න පිළිතුරු පත්තරේ කූරු ගාන්න යන්න එපා එකේ එක පාරක් විතරයි ලියන්න පුළුවන් හොදේ කපන්න කොටන්න යන්න එපා.













Previous Post Next Post