ලයිසන් එක ගමු...




ඔන්න ඉතින් මාත් ගියාලු ලයිසන් එක ගන්න

කවද හරි යන කෙනෙක්ට ඕනි වෙයි කියල හිතල ලියනවා

මන් ගියේ වේරහැරට ඈ

1. Medical එක ගන්න එක

Department Of Motor Traffic එකට යන්න එකේම තියනවා ගන්න පුළුවන් තරම් උදෙන්ම යන්න බලන්න එතකොට ගන්න පුළුවන් දනිස්සට නමන්න පුළුවන් ඩෙනිමක් ඇදන් යන්න මට මාර කට්ටක් කන්න උනා ඩෙනිම උස්සන්න :/
එතනින් 750ක් වගේ ගන්නේ මෙඩිකල් එක ගන්න පැය 2කින් වගේ ගන්න පුළුවන්.
එතකල් එළියේ ඉන්න පුළුවන්.

ඊටපස්සේ එකත් අරන් යන්න Register වෙන්න K hall එකට ( කැන්ටිම පාස් කරලා යන්න තියෙන්නේ)
ඔන්න ඔකේ ඉස්සරහ ඉන්න සික්කට කියන්න විස්තරේ. (exam එකට දවසක් දාගන්න කියන්න)
මතක් කරලා රිසිට් එකක් අරන් යන්න.
මෙතැනදී උප්පැන්න සහතිකය සහ NIC එක ඕනි වෙනවා ඒවත් අරන් යන්න.

දැන් ඔයාගේ අංකෙ කතා කරාම යන්න ඒ කියන කාමරේට.

ඊටපස්සේ ඔයාගේ උප්පැන්නේ, ID සහ මෙඩිකල් එක ගනියි.
ඊටපස්සේ ඔයාගේ පොටෝ එකක් ගහයි ඒ නිසා ලස්සනට යන්න කොන්ඩේ පීරලා, නැත්තම් ඉතින් Licence එකට හොද මුණක් සෙට් වෙයි හෙන ගහල වගේ.

Application එකක් අරන් පුරවන්න ඊටපස්සේ Payment එක කරන්න. එතනින් Written Exam එකට දවසක් දාල දෙයි.

දැන් වැඩේ ගොඩනේ ඊටපස්සේ ගිහින් ගන්න පොතයි past paper සෙට් එකයි එළියේ විකුනන්න තියනවා එකක් අරන් ගෙදර එන්න පාඩම් කරන්න

නැත්තම් මෙතනින් බලාගන්න ඔක්කොම ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු එක්කම තියනවා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ ටික


නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස්.මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ.

පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල කලුතර හම්බන්‍‍තොට ගම්පහ (මීගමුව උප කර්යලයක් පිහිට ඇත)අනුරාධපුර යාපනය මොණරාගල දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ගගත (ONLINE) ක්‍රමය
දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය
පොදු අවශ්‍යතා

අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
1 සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
ලිඛිත පරිෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
2 බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දීර්ඝ කරගැනීම

අයදුම් කරන දිනට ‍අවම වශයෙන් වසර 2 කට ප්‍රථම සැහැල්ලු වාහන (B සහ B1 වාහන පන්ති පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබාගැනිම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය.මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබාගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
වයස අවු:20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවු : 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.






මේ තියෙන්නේ ඕනි වෙන ලින්කු...




මහා මාර්ග නීති සංග්‍රහය

මාර්ග සංඥා



Written Exam Guide

Past Papers With Answers

මහා මාර්ගෝපදේශ සංග්‍රහය - පාපැදියන්

මහා මාර්ගෝපදේශ සංග්‍රහය - පාගාමීහු (පයින් යන අය)

රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?



Previous Post Next Post