Information Security කියන්නේ මොකක්ද | What is Information Security

IS Exam එකට පාඩම් කරන ගමන් ඉන්න වෙලාවක tv එකේ යන ad එකක් දැකල මට මෙහෙම දෙයක් මතක් උනා

ඔන්න ad එකේ කොල්ල බිස්කට් පැකට් එකක් සහ කොලයක වචන සෙට් එකක් ලියල උගේ යාළුවො දෙන්නට දෙනවා කෙල්ලට ගිහින් දෙන්න කියල
 

හරිනේ ඔන්න අදාළ එක ගත්තා ඉතින් කොල්ලෝ දෙන්න යනවා

ඔන්න ඔතනින් තමා අපි මාතෘකාවට එන්ටර් වෙන්නේ පින්වතුනි
මේ කොල්ලෝ දෙන්න අර කොල්ල දෙන ලියුම කියවනවා ඒ වගේම දුන්නේ Maliban Smart Cream Cracker එකක් කියලත් දන්නවා


ඉතින් මේ දන්න දේ නිසාත්, එලියට පැහැදිලිව පෙන්න තියන දේ නිසාත් මොකද වෙන්නේ?
මොනා වෙන්නද කනවා ඉතින් බිස්කට් එක රසයිනේ...


හරි දැන් මොකද වෙන්නේ ඊළගට


 මේ කොල්ලෝ දෙන්න අර කොල්ල දුන්න ලියුම වෙනස් කරනවා ඊටපස්සේ ගිහින් කෙල්ලට දෙනවා


දැන් කෙල්ල කොල්ලට sms එකක් දානවා කොල්ලට එයා එවපු එක ලැබුනා 1ක් කියල



 ඉතින් අර කොල්ලට කොයිල්


සාමාන්යෙන් කිව්වොත් අන්තර්ජාලය පාවිච්චි කරන අපිටත් වෙන්නේ මේ ටිකම තමා

අන්න ඒ නිසාමයි අපිට Information Security කියල දෙයක් හදුන්වා දීලා තියෙන්නේ

Security කිව්වම ඇයි අපිට සික්කෝ ඕනි වෙන්නේ කියල කාගෙන් හරි ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ?

හොරුන්ගෙන් අපේ දේවල් ආරක්ෂා කරගන්න
හොරුන්ට එන්න දෙන්නේ නැති වෙන්න
හොරුන්ට විතරක් නෙමේ අපිට උනත් අනවශ්‍ය වෙලාවට අදාළ තැනට යන්න දෙන්නේ නෑ
සික්කා ඉන්නවනේ බයවෙන්න දෙයක් නෑ - ඔන්න ඔහොමත් කියනවා


අන්න ඒ වගේමේ Information එහෙමත් නැත්තම් තොරතුරු වලටත් ආරක්ෂාවක් ඕනි වෙනවා කලින් අර ad එකේ වගේ දෙයක් වෙන්න පුළුවන් නිසා.
බයවෙන්න දෙයක් නෑ කියන්නේ මොකක්ද? අන්න එතන තමා විස්වාසය කියන එක තියෙන්නේ

ad එකට අනුව මොකද කියන්නේ අපි බලමුද මොකද උනේ කියල

කොල්ල යාලුවොන්ට බිස්කට් පැකට් එක දෙනකොට ඒක මොකක්ද කියල යාළුවො දන්නවා ඒ වගේම ඒ ලියුමේ තියන දේත් යාලුවෝ දන්නවා ඒ කියන්නේ අවශ්‍ය නැති පුද්ගලයන්ට පේන්න තියනවා ඒ කියන්නේ  Confidentiality කියන එක නෑ...

ඔන්න මේ යාලුවෝ මොකද කරන්නේ මගදී බිස්කට් එක කනවා ඒ වගේම ලියුම වෙනස් කරනවා අන්න එතන වෙන්නේ මොකක්ද තමන් දීපු දේ වෙනස් කරලා ඒ වගේම දීපු දත්ත වෙනස් අරුතක් එන විදිහට වෙනස් කරනවා මේ බිස්කට් 1 කියල ඒ කියන්නේ මොකක්ද Integrity කියන එකත් නැති වෙනවා.

ඔන්න ඉතින් අන්තිමේදී බලද්දී ඉතුරු වෙන්නේ එක බිස්කට් එකයි එත් කොල්ල එව්වේ බිස්කට් පැකට් එකක් ඉතින් මෙතැනදී නැති උනේ මොකක්ද? ඒ තමා Availability
කියන දේ ඉතින් තොරතුරක මුලික දේවල් ටික තමා මේ.

ඉතින් මේ අපි ඉන්න හැමදෙයක්ම අන්තර්ජාලයට open වෙලා තියනකොට කොහොමද අපි බය නැතුව ඉන්නේ අපි යන්නේ කොහෙද කන්නේ මොනවද ආස මොනවටද කරන්නේ මොනවද අම්මගේ නම මොකක්ද කෑල්ල කවුද එයා මොනවද කරන්නේ මේ හැමදෙයක්ම තියෙන්නේ දැන් අන්තර්ජාලයේ පින්වතුනි

ඉතින් information security කියන්නේ  කෙටියෙන් කිව්වොත්
  1. Integrity(අඛණ්ඩතාව)  තොරතුරු වෙනස් කිරීම හෝ විනාශ කිරීමට එරෙහිව ආරක්ෂා කිරීම හා තොරතුරු nonrepudiation කිරීම හෝ අව්යාජ ලෙස ඇතුල්වීම මේකට ගන්න පුළුවන්.
  2. Confidentiality(රහස්යභාවය) පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මාධ්යයන් සහ වානිජ තොරතුරු ඇතුළුව, ප්රවේශ හා අනාවරණය මත බලයලත් සීමා පැනවීම
  3. Availability(ලබා ගත හැකි) අවශ්‍ය වෙලාවට සහ විශ්වසනීය ලෙස තොරතුරු භාවිතය තහවුරු කිරීම.
කියන කොටස් 3න අනවශ්‍ය අයගේ ඇතුල්වීම නැති කිරීම, පාවිච්චිය, අනාවරණය, කඩාකප්පල් කිරීම, වෙනස් කිරීම, වගේ දේවල් වලින් ආරක්ෂා කරන එක තමා මේ IS කියල කියන්නේ    

දැන් තේරුනා නේද?

Previous Post Next Post