Ellaට Trip එකක්

ඔන්න ඉතින් අද කියන්නේ ජිවිත ගමනේ යාළුවො සෙට් එකට් එක්ක ගිය එක සුන්දර ට්‍රිප් එකක් ගැන කියන්නටයි.

ඔයාලත් ඇල්ලේ ආරුක්කු 9 පාලම, බෝම්බුරුඇල්ල එහෙම බලන්න යනවනම් අපේ අත්දැකීම කියවල යන එක හොදයි.

කන්නේලියේ අපේ nibm batch ට්‍රිප් එකෙන් පස්සේ එනගමන් ම සෙට් උන අපේ කොල්ලෝ සෙට් එක යන්න plan කරේ ඇල්ලේ. අපේ ගෙවලුත් ඒ පැත්තේ තියන නිසා මැයි පළවෙනිදා අල්ලලා යන්න තමා හිතුවේ. ඒ කියන්නේ දවස් 3 නක ට්‍රිප් එකක්.
යන්න මාසෙකට කලින්ම කොච්චි ටිකට් රුසිරු කට්ටක් කාල ගත්තේ හොදම වෙලාවට කියල හිතුනේ කෝච්චියට නැග්ගට පස්සේ.(බුක් කරන්න ගියේ 2nd class උනත් අන්තිමට සෙට් උනේ 3 rd class) මොකද කිව්වොත් වැඩ ඇරිලා එහෙමම කොටුවට සෙට් උනේ, එතකොටත් පට්ටම සෙනගක් හිටිය.
හැම ට්‍රිප් එකටම වගේ එනවා කියල අන්තිම මොහොතේ එන්න වෙන්නේ නැති ඩයල් එකකුත් ඉන්නවනේ අපේ නම් ඔන්න සුපුනා. කොහොම හරි පොරට වැඩේ මිස් උනා.
මම රුසිරුවා කොටා සහ බමුණා කොටුවට සෙට් උනත්
මන්ජියා නගින්නේ රාගමෙන් නිසා උට කෝච්චිය අද්දනකොට කෝල් කරේ,
කන්න ඉතින් පාන් හොයන්න කොටුව වටේම මමයි රුසිරුයි ඇවිද්දත් අන්තිමට ගන්න උනේ උණු උණු පරාටා තමා, (කොටුවේ තියන පාන් උදේ දාපුවා ඉතින් පහුවදා උදේට මොකුත් කන්න තියාගන්නත් එපැයි ඒ නිසා කෑම වැඩියෙන් අරන් යන තරමට හොදයි.)
ඔන්න ඉතින් රෑ8ට කොටුවෙන් යන train එක එනකල් ගැහුවා පොඩි සෙල්පියක්



කෝච්චිය නම් වෙලාවට ආව එත් ගියේ නම් 8.20 ට වගේ , සිට් බුක් කරපු නිසා කිසි කරදරයක් නැතුව කෝච්චියට නැගල බෑග් ටිකත් පැත්තකට දාල පොඩ්ඩක් ආතල් එකේ චැටක් දාගෙන ආව රාගමට, රාගමින් මන්ජියත් නැග්ග නිසාත් මන්ජියගේ අම්මගේ රසම රස පරිප්පු එක ඕනි නිසාත් ඌ ආව ගමන් උණු පිටම කන්නත් හදල පොඩි චැටක් දාල සෙල්පියක් එහෙම ගහල
පරාටත් කාල කොටාගේ වයිපරේ හදපු කට්ලට් ටිකත් කාල පොඩි ඇලට් එකක් දාගත්තා ගෙනාපු තුවාය බෑග් එකකට දාල පොඩි කොට්ටයක් හදාගෙන,
ඊටපස්සේ ඉතින් රෑ මැද ඇහැරුනත් සිකුරාදා වැඩ කරපු නිසා මහන්සියට හොදට නිදාගත්තා, මන්ජියා රුසිරුව එහෙම නම් නිදාගත්තේ නැති තරම්,
එකට බමුණා නම් 3නෙ සිට් එකේ හොදට නිදි
නුවර හැටන් නානුඔය Station වලින් කට්ටිය බැස්ස නිසා ඉඩ නම් තිබ්බ හොදට

කොහොමින් කොහොමින් හරි ඔන්න සෙනසුරාද පාන්දර 4ට වගේ අපි පට්ටිපොළට ආව
ඔන්න ඔතනදි තමා පට්ටම බඩගින්නක් ආවේ, හොද වෙලාවට පරාට ටිකක් ඉතුරු වෙලා තිබ්බ ඉතින් අපේ අම්ම හදපු Chillipaste එකත් එක්ක ඒ සීතලේ කාපු පරාට එකනම් මැරෙනකල් අමතක වෙන එකක් නෑ,


ඔන්න ඉතින් දැන් තමා සීතල එහෙම දැනෙන්නේ, දැන් තමා ඔන්න එලිය වැටෙන්න හදන්නේ ඒ වෙලාවේ සෙට් උනේ හපුතලේ හරියේ පට්ටම ලස්සනයි ඉතින්


කොහොමින් කොහොමින් හරි පෙට්ටියේ හිටපු සෙට් එකම ෆිට් එකේ පිස්සුවක් නටගෙන ගියා එතන තව සෙට් එකකුත් හිටියා ඇල්ල බලන්න


බණ්ඩාරවෙල පහුවෙනවත් එක්කම පට්ටම මීදුමක් තිබ්බේ හැබැයි ඉතින් පට්ටම ලස්සනයි


ඔන්න ඉතින් අපි කිතල්ඇල්ල Station එකේ බැස්සේ , ඒ කියන්නේ ඇල්ලට කලින් හොදේ



ඔන්න ඉතින් ඊටපස්සේ තමා අපේ බජට් එක හදන්න ගත්තේ බමුණා තමා භාණ්ඩාගාරික, ඉතින් උ ඒ ටික කරනකල් අපි station එක පිටිපස්සේ පොඩි වතුර පාරකින්  මුණ ටිකක් හෝදගෙන බමුණාගේ කෑල්ල හදපු කේක් එකට වගකියන්න ගත්තේ,
අන්න එතැනදී තමා මන්ජියා ලග හිටපු බල්ලෙකුට කේක් කෑල්ලක් එහෙම දීලා යාලු කරගත්තේ ඊටපස්සේ ඌත් ආවනේ අපිත් එක්ක



මග දිගට කට්ටිය ඉන්නවා අහන්න කොහොමද යන්නේ කියල 166 කනුව පාස් කරලා යද්දී වම් පැත්තට පොඩි පාරක් තියනවා එතැනින් ඇතුලට යන්න තියෙන්නේ

එතකොටම වගේ පොඩි ඇළ පාරක් ගලාගෙන යනවා


ඇළ පාරෙන් එගොඩ වෙලා උඩට යන්න තමා තියෙන්නේ තේ වත්ත මැදින්, ඉතින් ඔන්න ගමන පටන් ගත්ත ගමන්ම ශිවන්යා එහෙමත් මතක් වෙනවා මේවා දැක්කම


ඔන්න ඉතින් අපි නම් හොයාගෙන ගියේ රොටි කඩේ
එකට පොඩ්ඩක් උඩට යන්න ඕනි යන්න තියන පාර නම් ලස්සනයි උදේ නිසා


ඔන්න ඉතින් එහෙම ගිහිල්ල සෙට් උනා සීයාගේ රොටි කඩේ
මේක තමා තියන එකම කඩේ මේ පාරේ ඉතින් යන ඔක්කොම වගේ මෙතන නැවතිලා තමා යන්නේ



අපිනම් ඉතින් ගත්තේ උදේට කන්නත් එක්ක රොටි ගත්තා
කොටගෙ සැමන් එකයි ලුණුමිරිසයි සුපිරියට නැගල ගියා



රොටි කාල කහට එකක් එහෙම බිලා පොඩ්ඩක් හිටියා


 වතුර එහෙම නම් නෑ ලොකුවට, හැබැයි පොන් චාජ් කරන්න පුළුවන් කඩේ මල්ටියක් තියේ.

ඔන්න ඉතින් දැන් ආයෙත් ගමනේ යන්න පිටත් උනා කඩේ ගාවින්මයි උඩට යන්න තියෙන්නේ


දැන් ඉතින් කන්ද තමා නගින්න තියෙන්නේ උඩටම

ඔන්න ඉතින් එහෙම යද්දී පේනවා කන්ද



ඔන්න ඉතින් කන්ද නැග්ගම ඉතින් මේ විදිහට තමා වටේම පෙන්නේ








ඔන්න ඉතින් ඇල්ල බලල  එහෙමම ගියේ නාන්න කලින් ආපු පාරෙමයි

කලින්ම හම්බුනා ඇළෙන් තමා නාන්න තියෙන්නේ



ඔන්න ඕක පහලටම යන්න ඕනි එතන තමා නාන්න තියෙන්නේ අපි ගියේ වැස්ස නැති කාලෙක නිසා වතුර පොඩ්ඩක් අඩුයි

ඔන්න දැන් තමා බඩගින්න දැන්නෙන්නේ අපේ ඊලග plan එක ආරුක්කු 9 යේ පාලම බලන්න යන එක,
කන්නත් ඕනි නිසා ගියා කිතල්ඇල්ල station එකටම
මොකද කෝච්චිය ළග නිසා


අපි සෙට් උනේ 1.20 ට යන කෝච්චියට මොකද කන්නත් ඕනි පාලම බලන්න යන්නත් ඕනි

ඉතින් පාලම විතරක් බැලුවට වැඩක් නැනේ 3.20 ට විතර කෝච්චිය එනවා පාලම ගාවට ඒක නිසා කියල ගියා ඇල්ලට කන්න කියල
මේ තියෙන්නේ ඇල්ල Station එක ඉස්සරහ තිබ්බ map එක යන කෙනෙකුට ඕනි වෙයි කියල දාන්නම්





අම්මෝ ඔන්න ඉතින් කන්න කියල ටවුමට ගියා පට්ටම ගණන් ඒ මදිවට අපිට එක ගානක් සුද්දොන්ට තව ගානක්
කොහොම හරි ඉතින් රයිස් කෑවා කට්ටියම මන් හිතන්නේ වැඩියෙන්ම ගිය වියදම අපේ ට්‍රිප් එකේ


ඔන්න ඉතින් කාල එහෙම පස්සර පැත්තට ඇවිදන් ගියා බස් එකක් එනකල්
බස් එකේ අයියත් හොදයි පොර නවත්තල අඩගහුව නගින්න කියල, අපි හිතුවේ පයින් යන්න ලගයි කියල


කොන්දොස්තර අයියට කිව්වම ආරුක්කු 9 යේ පාලම බලන්න යන්නේ කියල බස් එක නවත්තනවා




බස් එක නවත්තපු ගමන් මේ වගේ දේවාලයක් හම්බවෙයි


ඊටපස්සේ ඉතින් මේ පාර දියේ යන්න තියෙන්නේ



ඔන්න ඊටපස්සේ මේ වගේ තැන් ටිකක් සෙට් වෙයි මග දිගට








ඔන්න දැන් ඔතනින් බැස්සට පස්සේ පාලම පේනවා


මෙතනිනුත් බහින්න තියෙන්නේ


ඊටපස්සේ ඉතින් පාලම උඩට වෙලා ඉන්න තමා තියෙන්නේ කෝච්චිය එනකල්,

ගොඩක් අය ඇවිල්ල ඉන්නේ ඒ ටයිම් වෙනකොට



ඔන්න ඉතින් දැන් කෝච්චිය එනවා


කොටා නම් ගත්ත සුපිරි Video එකක් Sport cam එකෙන්




හිත හිත හිටියේ නෑ එහෙමම බැස්ස පාලම යටට මන්ජියත් එක්කම පොටෝ ටිකක් ගන්න













දැන් ඉතින් ඇල්ලට පයින් යන්න කියල අපි කොච්චි පාර දිගේ ගියා



ඔහොම පොඩ්ඩක් යද්දී වැස්සකුත් සෙට් උනා හොද වෙලාවට ලග ටකරං කඩයක් තිබ්බ වහල ඒක ඇරගෙන හිටිය පායනකල්

ඊටපස්සේ ආයෙත් ඇල්ලට ආව

ඊටපස්සේ බණ්ඩාරවෙල බස් එකේ නැගල ඇවිත් බණ්ඩාරවෙල Food City එකට ගිහින් කන්න බොන්න අරන් වැලිමඩ බස් එකේ නැගල ගෙදර ගියා

අන්න එහෙමයි ඒ සෙනසුරාද දවස ගෙවිල ගියේ





Previous Post Next Post