How To Create a Sudo User on CentOS | අපි රූට් user කෙනෙක් හදමු

ඔන්න පුතාලා අද කියන්න හදන්නේ CentOs වල තවත් රූට් user කෙනෙක් හදාගන්න විදිහක් ගැනයි.


දැන් අපි ඔය windows වල admin user account හදන්නේ,
අන්න ඒ වගේම Linux වලත් Root User කෙනෙක්ව හදන්න යන්නේ හැබැයි පුතෝ GUI නම් නෙමේ Terminal එකෙන්,


වැඩි කතා ඕනි නෑ අපි වැඩේට බහිමුකො

  1. ඉස්සෙල්ලම කරන්න ඕනි අපි මේ root user හදන්න ඕනි මැෂින් එකට ලොග් වෙන එක.
    හැබැයි ලොග් වෙන්න ඕනි root account එකෙන්.
    • ssh root@server_ip_address
  2. දැන් adduser කියන  command එක ගහන්න ඕනි, එකෙන් තමා අලුතෙන් user කෙනෙක්ව system එකට ad කරන්නේ.
    මෙන්න මේ username කියන එක තමා අලුතෙන් හදන acc එකේ නම, එක ඉතින් ඔයාට ඕනි එකක් දාගන්න.
    • adduser username
    • දැන් passwd කියන command එකෙන් අපි හදාගත්තු userගේ පාස්වඩ් එක  update කරන්න හදන්නේ.
      • passwd username
    • දැන් මෙහෙම එකක් එයි හරියට කරානම්
      Set password prompts:
      Changing password for user username. New password: Retype new password: passwd: all authentication tokens updated successfully.
  3. මෙන්න මේ  usermod කියන command එකෙන් තමා අපි හදන user මොන group එකටද add වෙන්නේ කියන එක තීරණය වෙන්නේ, ඉතින් cent වල  wheel group එකට add කරමු.
    • usermod -aG wheel username
    ( CentOS වල එනකොටම  wheel group එකේ ඉන්න අයට sudo privileges තියනවා.
  4. දැන් අපි හදාගත්ත acc එකට sudo access තියනවද කියල බලමු.
    • දැන්  su command එකෙන් switch වෙන්න හදාගත්ත account එකට
      • su - username
    • දැන් බඩු හරිද බලන්න sudo ගහල මොකක් හරි කමාන්ඩ් එකක් 
      • sudo command_to_run
       
    • උදාහරණයක්:
      • sudo ls -la /root
    • පලවෙනි පාරට මෙහෙම එකක් එයි
      Output:
      [sudo] password for username:
      ඔක්කොම හරියට සෙට් උනා නම් ඉතින් ඔයා අලුත් user account එකක් හදල පාස්වඩ් දාල එක admin / root account එකක් කරන්න ඔයාට පුළුවන්
      එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා !
Previous Post Next Post