How to Create SSH & MOTD Banner Messages

ඔව් පිංවතුනි  අද කියන්න හදන්නේ අපේ linux system එකට ssh කනෙක්ට් උනාම ඒ කනෙක්ට් වෙන කෙනාට message එකක්  කොහොමද දාන්නේ කියල

ඒ කියන්නේ හරියට welcome note එකක් වගේ දෙයක්

මේ message එක පෙන්නන්න ක්‍රම 2ක් තියනවා
1 ssh කනෙක්ට් වෙන්න හදනකොට ( issue.net)
2 සාර්ථකව ලොග් උනාම පස්සේ (MOTD file) කියන අවස්ථා 2කේ දී අපිට පුළුවන් මේක පෙන්නන්න .

ඉතින් අපේ admin අයියලා සෙට් එක මේ වගේ එකක් දාල තිබ්බනම් හොදයි කියල තමා කියන්න තියෙන්නේ


හරි දැන් අපි වැඩේ පටන් ගමුකො


nano /etc/issue.net

දැන් මේක paste කරන්න

#########################################################################
#                                                      Welcome to usefuleverything                                         #
#                                   All connections are monitored and recorded                                     #
#                          Disconnect IMMEDIATELY if you are not an authorized user!                #
#########################################################################
save කරලා exit වෙන්න


දැන් මේ file එක edit කරන්න ඕනි

nano /etc/ssh/sshd_config

ඔකේ තියනවා banner කියන එක
find #Banner

අන්කොමෙන්ට් කරලා කලින් දාපු file එකේ පාත් එක දෙන්න

Banner /etc/issue.net

දැන් ssh restart කරන්න ඕනි

systemctl restart sshd

ඔන්න අපි දැන් ලොග් වෙන්න හදනකොට එන එක හදල ඉවරයි

දැන් බලමු ලොග් උනාට පස්සේ එකක් display කරන්නේ කොහොමද කියල

එකට මේ file එක edit කරන්න

nano /etc/motd

මේක paste කරන්න

#########################################################################
#                                                      Welcome to usefuleverything                                         #
#                                   All connections are monitored and recorded                                     #
#                          Disconnect IMMEDIATELY if you are not an authorized user!                #
#########################################################################

save and exit


ලස්සන asci design තියනවා මේකේ බලන්න


http://www.network-science.de/ascii/

එහෙනම් මන් ගියා......

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post