One day Passport එක ගමු

ඔන්න ඉතින් කොල්ල ගියාලු පාස්පෝර්ට් එක ගන්න ඉතින් කාට හරි වැදගත් වෙයි කියල මේකේ දානවා යන කෙනෙක්ට වටින්න

මුලින්ම කියන්න ඕනි මන් ගියේ බත්තරමුලේ පාස්පෝර්ට් ඔෆිස් එකට

මෙන්න මැප් එකේ තැන


යන්න කලින් ඔෆිස් එකෙන් සර්විස් ලෙටර් එකක් ගන්න
උප්පැන්නේ මුල් පිටපතක් සහ ජාතික හැඳුනුම්පත  තියෙන්න ඕනි

ඒ ටික සෙට් කරගෙන යන්න මෙතෙන්ට




bike එකේ වගේ යනවා නම් ලේසි ඒ ලගම තියනවා පාකින් , කාර් එකේ වගේ නම් කට්ටක් කන්න ඕනි තැනක් සෙට් කරගන


ගග ගාවම බයික් දාන්න තැනක් තියනව ඒකෙ දාන එක ලේසි , එතැනින්ම පොටෝත් ගන්න පුළුවන්

600ක් ගත්ත පොටෝ වලටයි පොටෝකොපි වලටයි ඔක්කොම පුරවාලම දුන්න


Download Link Form K 35A









මුලින්ම ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙන්න






ඊටපස්සේ මේ බිල්ඩින් එකේ 2වෙනි තට්ටුවට යන්න ඕනි









මුලින්ම කරන්න ඕනි


මෙතනින් දකුණු පැත්තට ගිහින්


C වලින් අපේ උවමනාව කියල නම්බර් එකක් ගන්න එක ,




 ඊටපස්සේ අපේ application එක එතනම තියන  කවුන්ටර් එකට පෙන්නන්ලා D පැත්තට යන්න ඕනි


එතන යනකොටම තියන කවුන්ටර් එකට ඔය සෙට් එක දුන්නම කියනවා ඉදගන ඉන්න කියන මෙතනින් නම කතාකරන කල්




ඔය පේන Screen එකේ පොටෝ එකත් එක්කම වැටෙයි

ඊටපස්සේ නම කතා කරාම කවුන්ටර් එකට ගිහින් id එකයි අපේ application එකත් එක්ක අමුණලා දෙන සෙට් එකම දෙන්න පස්සේ id එක දෙයි පරිස්සමට පර්ස් එකට දාගන්න

දැන් තියෙන්නේ ඔතනම වම අත පැත්තේ හෝල් එකට ගිහින් ඇගිලි සලකුණු දෙන්න



ඕකෙන් ඇගිලි සලකුණු ටික ගනියි ඊටපස්සේ කරන්න තියෙන්නේ වම්පැත්තට යන්න මුදල් ගෙවන්න

15000ක් ඉල්ලනවා දුන්නම රිසිට් එක දෙනවා







ඒත් එක්කම ඔයාගේ පෝන් එකට sms එකක් එයි payment එක වැටුන කියල





දැන් වැඩේට ගොඩක් වෙලාවක් යනවා process වෙන්න ඉතින් ඔයාට පුළුවන් රවුමක් ගහල එන්න , නැත්තම් පවර් බෑන්ක් එකක් එහෙම අරන් ගියානම් ගේමක් හෝ ෆිල්ම් එකක් බලන්නත් පුළුවන් පැත්තකට වෙලා

එහෙම ඉන්නකොට process එකට බාරගත්තා කියල sms එකකුත් එනවා




පේනවනේ දැනටමත් පැය  3ක් විතර ගිහින් ඉවරයි හැබැයි 4.30ට කලින් ගිහින ගන්න ඕනි ඒ නිසා එකත් ඔලුවේ තියාගන්න පුළුවන් නම් ඒ msg එක ආවම යන්න බත්තරමුල්ලට ඉන්න තැනකින්

ඔහොම ඉද්දි ඔන්න එනවා හදල ඉවරයි කියල



හරි දැන් යන්න ඕනි පලවෙනි තට්ටුවට ඒ බිල්ඩිමේම




C පැත්තට තමා යන්න ඕනි



ඊටපස්සේ ඉදන් ඉන්න තමන්ගේ අංකෙ කියන්නේ කොයි වෙළෙද කියල

කවුන්ටර් නම්බර් එකයි ටිකට් නම්බර් එකයි කලින් සල්ලි ගෙව්වම හම්බෙන එකේ තියනව

ඊටපස්සේ ටික වෙලාවකට පස්සේ තමන්ගේ ටිකට් නම්බර් එක screen එකේ වැටෙයි ඊටපස්සේ එතනට ගිහින් කොලේ අත්සන් කරලා පාස්පෝර්ට් එකයි කලින් බාර දුන්න කොළ ටිකයි ගන්න තියෙන්නේ





ඔන්න ඔහොමයි දවසින් පාස්පෝර්ට් එක ගන්නේ

එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා !


1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. දැන් මට කියහං උඹ මොකටද හදිසායේ ඕක ගත්තෙ ?
    යන තූත්තුකුඩියක ගිහින් වර හැබැයි පුතෝ ලීටර් 5ක් වත් නැතිව තෝ මව් බිමට පය තියන්න ඒපි හොදේ
    සිංහලෙන් කමෙන්ට් දාන්න බෑ ටිකක් බලහං (google input chrome extension)

    ReplyDelete
Post a Comment
Previous Post Next Post