Mobile Broadband Evaluation ගැන දැනගනිමු

 ඉතින් යාළුවනේ මන් ඊයේ අලුත් ඩොන්ගල් එකක් ගත්තා මිට කලින් මන් ගාව තිබ්බ ඩොන්ගල් 3න 3.5g එකයි 7.2 එකයි 21 එකයි,
අපි හැමෝම නෙට් එකට කනෙක්ට් උනාට මොකද අපි ඔකේ එන සිග්නල් වර්ගේ මොකක්ද එකේ band එක එතකොට කොච්චර speed ද කියන එක අපි බලනවා අඩුයි,
ඕනිම දෙයක් මුල ඉදන් ඉගෙනගත්තොත්
ගොඩක් කට්ටිය කියනවා 2g වලින් speed නෑ 3g මරු එහෙම කියල මුලින්ම අපි බලමු මොනවද මේ  G කියන්නේ කියලා මෙතැනදී g කියල කියන්නේ "generation" කියන එකට

ඊටපස්සේ අපි බලමු 1G කියන්නේ මොකක්ද කියලා
wireless telecommunication technology කියන එක ඉස්සෙල්ලම මේ ලෝකෙට ආවේ 1980දි තමා ඒ මෙන්න මේ 1g කියන එකත් සමග
මේ තාක්‍ෂණය නම් Analog කියල තමා කියන්නේ හරියට නියරකින් යනවා වගේ බොහොම පටුයි 25 kHz වැනි බොහොම පොඩි band එකක් තමා තියෙන්නේ ඒ නිසාම මේකේ කෝල් කොලිටිය නම් අඩු වැඩි වෙනවා එකම විදිහට නෑ තව තව දේවල් තිනවා ඒ තමා මේ තාක්‍ෂණය තිබ්බේ voice විතරයිනේ මේකේ advance encryption methods මොකුත්ම නෑ ඒ කියන්නේ ඔය අපේ caller id එක එහෙම ලේසියෙන් හැක් කරන්න පුළුවන් ඊටපස්සේ ඒ නම්බරේට බිල එන්න ඇති වෙනකල් කතා කරන්න පුළුවන්, තව අපි කතාකරන දේවල් ලේසියෙන්ම අහන්නත් පුළුවන් එකේදී පාවිච්චි කරපු තාක්ෂණයන NMT, C-Nets, AMPS, TACS





දැන් බලමු 2G කියන්නේ මොකක්ද කියල

ඔන්න ඉතින් අර කෝල් කේස් එක ලොකුවටම වෙලා ඉක්මනටම මේක වැඩිදියුණු කරලා 1992දි හදුන්වල දෙනවා මේ 2Gකියන එක
මේකෙදි නම් ඔන්න කලින් වගේ voice විතරක් නැතුව sms කියන එකත් ආව ඒ වගේම මේ තාක්ෂණය digital නිසා encryption දාල වෙන එවුන් කෝල් අහන එක නැති කරන්න පුළුවන් උනා තව circuit-switched data නිසා ලාවට වගේ නෙට් යන්න පුළුවන්
GSM, CDMAOne, D-AMPS තමා මේකෙදි භාවිතා කරන්නේ

ඔන්න ඊටපස්සේ තමා 2.5G ආවේ
ලංකාවේ GSM 900, GSM 1800 කියන band වැඩ තව මෙතැනදී GPRS සහ EDGE 384kbps යනකල් නෙට් speed එකක් තියනවා අපි ඔය ඉස්සර sony එරික්සන් පෝන් වලින් නෙට් ගියේ මෙන්න මේ තාක්ෂණය නිසා ඒ වගේම මෙමගින් නෙට් යනකොට ගාන නම් හුගක් අඩුයි හැබැයි ගොඩක් slow අපිට අනුව නම්
එත් ඒ කලේ මට මතකයි මන් මුලින්ම ගත්ත k510i එකෙන් mb 10ක් ගන්න විදපු දුක


ඔන්න ඉතින් ඒ speed එහෙම මදි වෙද්දී voice කෝල් උනත් අරන් එපා වෙනකොට කට්ටියට ඕනි උනා මුණ බලාගෙන කතා කරන්න
ඉතින් අපි ඊළගට බලමු මොකක්ද මේ 3G කියන්නේ කියල

මේ කාලේදී තමා පෝන් එහෙම වැඩි දියුණු වෙලා නෙට් speed යන්න ඕනි වෙච්ච කාලේ ඔය නොකියා පෝන් එතකොට samsung සෝනි එරික්සන් වගේ පෝන් වලට 3g කැම එහෙම එන්න පටන් ගත්ත කාලේ 2002දි වගේ මේ තාක්ෂණය එනවා මේ තාක්‍ෂණය මුළු ලෝකෙම ඉක්මනට වැළදගෙන ලෝකෙටම ලොකු සේවයක් කරනවා 2Mbps තරම් ලොකු speed එකකට යන්න පුළුවන් වෙනවා මේ තාක්‍ෂණය හරහා UMTS / WCDMA කියල වැටෙන්නේ මේක

ඔන්නඔහොම දියුණු වේගන වේගන යනකොට ලෝකෙට හදුන්වල දෙනවා මේ 3.5 G (HSPA) කියන තාක්‍ෂණය මේකෙදි තවත් speed එක වැඩි වෙනවා 14.4 Mbps (HSDPA) දක්වා තවද මේකෙදි අප්ලෝඩ් speed එකත් සැලකිය යුතු තරම් වේගයක් තියනව් 5.76Mbps (HSUPA)

 දැන් ඉතින් අද වන විට ලෝකෙම අන්තර්ජාල පහසුකම් ලබාගන්නවනේ හැමවෙලාවෙම ඉතින් තව තව මේ තාක්ෂණය දියුණු වෙලා 3.75G නොහොත් HSPA+ කියන තැනට ඇවිල්ල ඉන්නේ ඒ කියන්නේ 21Mbps ඩවුන්ලෝඩ් speed එකක් වෙනකල්

ඔන්න ඕක තවත් ටිකක් වැඩිදියුණු කරලා මෙන්න අද වෙනකොට ඇවිල්ල තියනවා DC-HSPA+ කියන මෙව්වා එකට මේකෙදි ඩවුන්ලෝඩ් speed එක 42.3 Mbps දක්වා එනවා ලංකාවේ මන් දැනට 40Mbps දක්වා speed එකක් අරන් තියනවා









ඔයාල 4න් එකක් ඩොන්ගල් එකක් ගන්නකොට ලංකාවට ගැලපෙන්න ගන්න

SRI LANKA

2G capabilities

GSM 900, GSM 1800

3G capabilities

UMTS 2100

4G capabilities

LTE 1800




4G LTE ගැන ඉක්මනටම පොස්ට් එකක් දාන්නම් ඒක ගැන තවම හොයනවා

සැලකිය යුතුයි 1 Mbps =0.125 MBps


අමාරු වචන

GSM (Global system for mobile communications)
EDGE (Exchanged Data rates for GSM Evolution)
HSDPA(High Speed Downlink Packet Access)
LTE (Long Term Evolution)
UMTS (Universal Mobile Telecommunications System)



4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. eyi bn, lankawe hamathanama oya DC-HSPA+ kiyana eka na neda? mama inne nugegoda.. mehe nam athi maye hithe..... DC-HSPA+ walin download karanna monawahari dongle ekak oneda special? namak kiyanna matath ganna .. :D

    ReplyDelete
    Replies
    1. ow mchn ekata 42 mbps dongle ekak ha coverage ekak oni mn inne kottawe mehetat supiriyata tiyanawa

      Delete
    2. hoda dongalayak kiyannako.............

      Delete
Post a Comment
Previous Post Next Post