Dongle එකට phone එකට සිග්නල් මදිද මෙන්න එළකිරි විසදුමක්

ඉතින් යාළුවනේ අද නම් පොඩි වැඩක් කරන්නයි හදන්නේ අපි දන්නවා dongle එකෙන් ඩවුන්ලෝඩ් කරනකොට සමහරුන්ට speed අඩුයි සමහරුන්ට පට්ටෙට speed එනවා, මටත් ඕකම උනා මොකද මගේ කාමරේට සිග්නල් මදි නිසා මන් එක එක ඒවා කරා මේ නිසා අන්තිමේදී මන් සාර්ථක උනා කිව්වොත් හරි

හැමදාම වගේ එකම සාම්ප්‍රදාය නැතුව අද පොඩි ගැජමැටික් එකක් හදන්නයි ඔන්න ලෑස්තිය

මේකට ඕනි වෙනවා
                              1.dongle එකක්

                              2.මීටර 1.5ක් හෝ 2ක් දිග usb extended cable එකක්

                              3. CD Rom එකේ හෝ power supply එකේ කවර එකක්


                              4.සෙලෝටේප්
                              5.කම්බි කෑල්ලක්
                              6.අඩුවක්



සාදන ආකාරය


මුලින්ම සෙලෝටේප් එකෙන් මේ වගේ අලවගන්න dongle එක / usb ෂෝර්ට් වෙන්නේ නැති වෙන්න

දැන් කරන්න තියෙන්නේ කම්බිය මේ විදිහට හදාගන්න කේබල් එක වැටෙන්නේ නැතිව හොදින් සවිවිමට (සිදුරු සෑදීමට ඇණයක් සහ මිටියක් භාවිතා කල හැක)


හරි ඕක හදාගත්තාම මේ වගේ තියෙන්න ඕනි ඈ






ආ දැන් කරන්න තියෙන්නේ dongle එක ඔය පොර්ට් එකට ගහන එක



මේ වගේ තියෙන්න ඕනි

දැන් ලැප් එකට/PC එකටplug කරන්න



දැන් අපි හදාගත්ත මේ ගැජමැටික් කෑල්ල කාමරයේ ජනෙල් ලග හෝ අල්මාරියක් උඩ (ඒ කියන්නේ හොදම ඩේ තමා මොකක් හරි බාගන්න දාල අපි හදාගත්ත ගැජමැටික් එක හැමතැනම ගිහින් හොදින්ම සිග්නල් එන තැන බලන එක ඒ කියන්නේ ඩවුන්ලෝඩ් speed එක වැඩිම තැන ඈ )


1000%ක් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
අනික මන් මේක කරේ 2011 අප්‍රේල් වල

මේ තියෙන්නේ ඒ දවස් වල මන් හදපු ගැජට් කෑල්ල




ඒ තැන හොයාගත්තට පස්සේ 4න් එක ඕක උඩ තිබ්බත් වැඩේ ගොඩ

 මේ වගේ


හිතනවා හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා එහෙනම් අපි ගියා
හැමෝටම ජයවේවා !

4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post