February 2016
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් දැන් කියන්න හදන්නේ COC ගහන අයට පොඩි දෙයක්, ඒ තමා හැමෝම වගේ ගහන COC එකේ mod කරපු APK එක මේකේ මේ වගේ සෝක් එකට ඔක්කොම තියනවා

කරන්න තියෙන්නේ install කරලා ගහන්න විතරයි
සමහර වෙලාවට ලෝඩ් වෙන්නේ නැති අවුලක් එයි ගණන් ගන්න එපා


Google drive මෙන්න එහෙනම් ගන්න 
Mediafire මෙන්න එහෙනම් ගන්න
________________________________________________________________________________
________________________________________________________________________________
ඔන්න ඉතින් ලස්සනට COC SL V4 එකත් ආව මේ සර්වර් එක කරගෙන යන්නේ ඇත්තම කිව්වොත් මට කිසිම ලාබයක් නැතුව, එත් කියන්න සතුටුයි දැනට 3ක් විතර Donation දීල තියනවා,
මේ app එක වැඩ කරන්නේ සෙනසුරාද සහ ඉරිදා විතරයි
Server එක on ද නැද්ද කියන එක මෙතනින් බලන්න පුළුවන්
_____________________________________________________________________________
_____________________________________________________________________________


COC SL අවුලක් ආවොත් මෙන්න මේක බලන්න
එන්න අපේ

best sinhala blog in sri lanka
HTC Sinhala Font

>Google Drive Link Click On this<

>Media Fire Link<

Steps

mulinma Settings yanna


dan personalize yanna


dan font style yanna


dan manusha font eka select karanna



දැන් හරියන්න ඕනි...





best sinhala blog in sri lanka
ඉස්සෙල්ලම කියන්න ඕනි මාස 7ක් විතර පොස්ට් දාන්න බැරි උනාට කවදාවත් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට බ්ලොග් Views 200,000ක් පනියි කියල ඒ ගැන නම් තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.

ඔන්න ඉතින් දන්නවනේ දැනට මාස 4කට විතර කලින් ගත්ත කියල වන්ඩිය, එකේ Free Service ඔක්කොම ඉවරයි ඉතින් මන් තනියෙන් ගේම ගහන්න කියල ලෑස්තිය,

කඩෙන් කිව්වා 2500ක් යනවා කියල වැඩේට මන් ආස ඉතින් මන් ම කරගන්නනෙ ඉතින් මන් ම කරා,

පටන් ගමු

අවශ්‍ය දේවල් :

10w-30 10w-40 එන්ජින් ඔයිල්, හැබැයි මේක කඩේ එකා කියයි මේක තමා මල්ලි හැමෝම ගෙනියන්නේ කියල අහුවෙන්න නම් එපා හොදේ දන්නේ නැතුව ගෙනල්ල කෙලොගත්ත නිසයි මන් කියන්නේ
ගන්න ඕනි 10W-30  MB type එක, MA දාන්නේ wet type Clutch වලට, එත් ස්කුටර් වල තියෙන්නේ Dry Clutch අන්න ඒ නිසා මැනුවල් එකේ කියල තියන විදිහටම ඒ තෙල් ජාතියම දාන්න


දෙවෙනියට මේ වගේ මිලිලීට‍ර් ගැන බලන්න පුළුවන් කෝප්පයක් වගේ එකක්


10mm යතුරක්
ඕක තමන්ගේ එකේ ගානට තිබ්බම ඇති 10ම වෙන්න ඕනි කියල නෑ නමුත් ගොඩක් තියෙන්නේ 10ම තමා

පුනිලයක්


මේ වගේ භාජනයක්







දැන් වැඩේට බහිමු
ඉස්සෙල්ලම එන්ජිම මිනිත්තු 5ක් 6ක් වගේ ස්ටාර්ට් එකේ තියන්න දැන් නවත්තල එහෙම
 තෙල් බලන අයිටම් එක තියෙන්නේ අන්න එක ගලවන්න Dipstick එක කියන්නේ
දැන් 10mm යතුරෙන් මෙන්න මේ ඇනේ හිමිට ගලවන්න

දැන් මෙහෙම හිමිට ඇතුලෙන් අර තෙල් එකතු කරන්න ගත්ත භාජනය තියන්න දැන් ඇනේ බුරුල් කරන්න ලස්සනට මේ වගේ වැටෙයි හොදේ
අන්තිම බින්දුව වෙනකල්ම වැටෙන්න තියන්න දැන් හොදට අර ඇනේ පිහදාල එහෙම ආයෙත් හයි කරන්න දැන් කරන්න තියෙන්නේ මේකයි,පුණිලේ දාන්න Dips Stick එක තියන තැනට දැන් අර මනින කෝප්පෙට එන්ජින් ඔයිල් දාල ගානට දාන්න මගේ නම් තියෙන්නේ 740 ml ඉතින් එකේ ගානට දැම්ම එතකොට Dips Stick එක වහන්නේ නැතුව තියල බලන්න මේ වගේ මැද්දේ තියනවද කියල,


මදි නම් තව දාන්න වැඩි නම් අයින් කරන්න, මුල් ඒවා වැඩි වෙන නිසා තමා කිව්වේ ml ගාන ගහල තියන එකකින් දාන්න කියල

ඊටපස්සේ ඕක වහන්න ඔන්න අපි එහෙනම් එන්ජින් ඔයිල් මාරු කරා

no image
best sinhala blog in sri lanka
registration එකේදී දවසක් දෙනවනේ written exam එකට ඉතින් ඔන්න එදාට මතක් කරලා පැය බාගෙකට විතර කලින් යන්න, (කොට කලිසම් ගහන් යන්න එපා යාළුවේ මේ ලෝකේ කොල්ලෝ වෙච්ච අපට හුගක් දරුණු නීති තියනවා කෙල්ලොන්ට පුළුවන් කකුලට උඩ තියන ස්කට් ගහන යන්න අපිට බෑ ෂෝට ගහන යන්න) ගිහින් ඉන්න මන් නම් ගියේ වේරහැර එකටනේ ඉතින් කැන්ටිමේ ඉදන් ඉදල විභාග ශාලාවට යන්න එකේ සික්කා කියයි ඉදන් ඉන්න කියල වෙලාව එනකල් හම්මේ කෑලි ටිකක් හිටියා ඉතින් ඒවත් බල බල තොක්ස් පාරක් දාගෙන ඉන්න පුළුවන්, ඔන්න ඉතින් වෙලාව ආවම ඇතුලට යන්න කියයි, යද්දී පෝන් off කරන යන්න මේ කොලේ ගන්න   එතන ඉන්න එක්කෙනා ඉල්ලයි දෙන්න ඊටපස්සේ එකට තව කොලයක් අමුණලා ඉස්සරහට දෙන්න කියයි ඊටපස්සේ එකේ Fingerprint එක ගනියි ඊටපස්සේ ඉදගන්න තමා තියෙන්නේ( මතක් කරලා මේ වගේ බාර්කොඩ් එකේ අන්තිම ඉලක්කම් 4 මතක තියාගන්න එකෙන් තමා රිසාල්ට් කියන්නේ )
ඔන්න ඉතින් ඉඩගත්තට පස්සේ එපා වෙන්නම ලංකාවේ වාහන අනතුරු ගැන කියන පොඩි විනාඩි 15ක වගේ වීඩියෝ එකක් දායි ඈ ඊටපස්සේ පොඩි දර්මදෙසනාවකට ඇහුන්කන් දෙන්න පුලුවන් වෙයි විභාගේ ගැන
දෙන කොලේ මොකුත් ලියන්න එපා නිල් පෑනක් හරි කළු පෑනක් හරි අරන් යන්න

ඔන්න දැන් ලැමිනේට් කරපු පොඩි පිටු 3ක් තියන පොතක් දෙයි එකේ එහෙම මොකුත් ලියන්න එපා

එකේ ප්‍රශ්න 45ක් තියනවා බර වාහන ගන්න අයට තමා අන්තිම ප්‍රශ්න 5ත උත්තර ලියන්න තියෙන්නේ
ලියන්නේ නැති අය අර ඇන්ටි කියනවා වගේ තනි ඉරකින් කපල දාන්න ඒ 5

අපිට පිළිතුරු දෙන්න ප්‍රශ්න 40ක් තියනවා ඉතින් පාස් වෙන්නේ 30ක් වත් හරියට උත්තර දෙන අය විතරයි

ඔන්න ඉතින් දැන් ප්‍රශ්න පත්තරේ දුන්නා දැන් කලබල වෙලා අර දුන්න පිළිතුරු පත්තරේ කූරු ගාන්න යන්න එපා එකේ එක පාරක් විතරයි ලියන්න පුළුවන් හොදේ කපන්න කොටන්න යන්න එපා.