මාසේ ඉවරවෙන්න කලින් Data ටික ඉවරද? එන්න අපි පිලියමක් කරමු | How to view Data Usage

ඔව් ඉතින් SLT, Dialog, Lanka Bell, Mobitel Packages ගත්ත සෙට් එකාගේ දැවෙන ප්‍රශ්නේ තමා මාසේ ඉවරවෙන්න කලින් තමන්ගේ පැකේජ් එක ඉවරයි, ඉතින් අද කියන්න හදන්නේ ඒවාට මොකද වෙන්නේ කියල බලන විදිහක්,



For Windows
 මුලින්ම මේ site එකට ගිහින් මේකබාගන්න MB 30 ක් වගේ තියෙන්නේ

For Android
මෙන්න ලින්ක් එක playstore එකේ



 දැන් එක open කරන්න


 දැන් agree වෙලා next දෙන්න


 පහල එකත් select කරලා next දෙන්න


 ඕක නිකන්ම next දෙන්න


 ඕකත් next දෙන්න


 ඔන්න දැන් install වෙයි


 උනාම පහල විදිහට දීලා Finish දෙන්න


 දැන් මෙහෙම open වෙයි program එක

ඔන්න ඔකේ ඔය උඩම කොටුව තියෙන්නේ එකෙන් පුළුවන් අපිට Graph, Firewall, Usage, Network, Alert අතර මාරුවෙන්න
අපි දැන් ඉන්නේ Graph කියන එකේ මේකේ තමා අපිට දල අදහසක් ගන්න පුළුවන් දැන් අපේ නෙට්වර්ක් එකේ මොනාද වෙන්නේ කියල
ඒ කියන්නේ අප්ලෝඩ් වෙන්නේ මොනවද ඩවුන්ලෝඩ් වෙන්නේ මොනවද කියල,

පහල තියන කොටුවෙන් කියන්නේ කාල සීමාව
ඒ කියන්නේ මාසේ , සතියට දවසට වගේ යම් කිසි කාලසීමාවකට අදාලව අපිට බලන්න පුළුවන් මොනවද අපේ මැෂින් එකේ වෙන්නේ කියල


 දැන් යමු අපි Firewall කියන ටැබ් එකට
මෙන්න මේකෙන් තමා අපිට විස්තරාත්මකව අපේ මොන මොන සොෆ්ට්වෙයා වලින්ද අප්ලෝඩ් ඩවුන්ලෝඩ් වෙන්නේ කොහෙටද මේවා යන්නේ කියන හැමදෙයක්ම මෙතනින් බලාගන්න පුළුවන්


කොහෙටද අපේ data අප්ලෝඩ් ඩවුන්ලෝඩ් වෙන්නේ කියල බලන්න පුළුවන් ඔය පහල තියන කොටුව ලගින් click කරාම
ඔය host කියල තියෙන්නේ තැන
උඩට සහ යටට ඊතලයක් තියෙන්නේ අප්ලෝඩ් ඩවුන්ලෝඩ් උන MB ගාන


දැන් යමු ආයෙත් Graph කියන ටැබ් එකට





 දැන් පේනවා ඇති ලොකු කදු වගේ ටිකක් තියනවා ඉතින් ඒ තැනකින් click කරාම අපිට පුළුවන් ඒ වෙලාවේ මොන මොන app වලින්ද ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් උනේ කියල බලන්න


 දැන් යන්න Usage කියන ටැබ් එකට මෙන්න මේකේ තමා අපේ මුළු Data Usage එක ගණන් කරන්නේ
මෙතනින් පුළුවන් අපේ data වලට මොකද වෙන්නේ කියල ඔයාලට බලාගන්න





 හරි දැන් හිතන්නකෝ ඕකෙන් මන් හොයාගත්ත කියල මට ඕනි නැති එකක් නෙට්වර්ක් එකෙන් අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කරනවා කියල අන්න එක නවත්තන්නේ මෙහෙම

යන්න Firewall කියන ටැබ් එකට
දැන් ඔය ගින්දර වගේ තියන icon එකක් තියෙන්නේ අන්න එක click කරන්න
දැන් හරි,
හැබැයි පුතීලා නොදන්නා හැම එකම ඔහොම කරන්න යන්න එපා නෙට් යන්නත් බැරිවෙයි හොදේ



 එහෙනම් මේකෙන් ඔයාලට වැඩක් උනානම් තවත් කෙනෙකුට කියල දෙන්න
එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා...


Previous Post Next Post