ශිෂ්‍යත්ව විභාගයට නොවරදින තාක්ෂණික අත්වැල

අපි ඉතින් පහ වසර ශිෂ්‍යත්වයට එහෙමත් නැත්තම් අම්මලාගේ  විභාගයට හිටපු ඩයල් නේ, ඉතින් ඒ කාලේට වඩා දැන් පහ වසර ශිෂ්‍යත්වේ කියන්නේ තරගකාරීම විභාගයක් වෙලා ඉවරයි, ඉතින් මේ විභාගෙට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අලුත්ම විදිහකට වැඩක්

ඉතින් නෙත් FM රේඩියෝවේ අනුබද්ධ ආයතනයක් වන MysiteIT Solution පුද්ගලික සමාගම සහ අපේ  Crowderia එකයි එකතු වෙලා මේ කාලයට ගැලපෙන්න ඒ වගේම දෙමව්පියන්ට ලේසියෙන්ම දරුවන් ගැන බලාගන්න පුළුවන් වටිනා app එකක් Android වලට සහ Web එකට හඳුන්වලා දුන්නා.

මේ තියන පොඩ් Video එක බැලුවොතින් ඔයාලට තේරෙයි කොහොමද ළමයින්ගේ සහ දෙමවුපියන්ගේ ප්‍රතිචාර කියල.....


ඉතින් මේකේ විශේෂත්වය කිව්වොත් දිවයිනේ ප‍්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මගින් දමනු ලබන අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල වලට ඔබේ දරුවාට පිළිතුරු සැපයීමට පුළුවන්,
ඒ විතරක් නෙමේ, දෙමවුපියන්ට පුළුවන් තමන්ගේ දරුවා ඒ ඒ ප්‍රශ්න පත්‍ර කට්ටල වලට කොහොමද ලබාගත් ලකුණු, ඒ වගේම වැරදි මොනවද තමන්ගේ ළමයා දුර්වල වන්නේ කුමන විෂය කාණ්ඩ වලටද කියල මේ app එකෙන්ම බලාගන්න පුළුවන්,


හරි කතා ඇති අපි බලමු කොහොමද මේ Grade5 App එක ඔයාලගේ ජංගම දුරකතනයේ install කරගන්නේ කියල


හරි මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහින් app එක ඩවුන්ලෝඩ් කරගන්න.

එහෙමත් නැත්තම් ප්ලය් Play store එකේ Grade5 කියල සර්ච් කරන්න









හරි දැන් ඉතින් app එක open කරන්න

එතකොට මේ වගේ වැටෙයි


ඊටපස්සේ ඉතින් ලොග් වෙන්න තමා තියෙන්නේ ඒකට ඉතින් Gmail එක හරි Facebook හරි පාවිච්චි කරන්න පුළුවන්
හරි දැන් ඔයාට මෙහෙම දෙයක් පෙනෙයි

අපි යමු විභාග ප්‍රශ්න කියන එකට


මෙතන තියෙන්නේ විභාග ප්‍රශ්න කට්ටල
මෙතන free වගේම paid ඒවත් තියනවා

අපි දැන් යමු free එකකට


ඔන්න ඉතින් දැන් ඔය පොන් එක ළමයට දෙන්න තමා කියන්න තියෙන්නේ  paper එක කරන්න........



තමන්ට කැමති කොටසක් කරන්න පුළුවන්



ඔන්න ඉතින් අවසානයේ ලකුණු ටික වැටෙයි

දැන් ඔහොමම දෙවන කොටසත් කරන්න කියන්න

එතකොටත් මේ විදිහට ලකුණු වැටෙයි

ඔන්න ඉතින් දැන් තමා අම්මලාට තියන වැඩ ටික තියෙන්නේ

දැන් යන්න මෙතැනට

ඔන්න ඔකේ දෙවෙනියට තියෙන්නේ විභාග වාර්තා කියල
ඔන්න ඔතන තියනවා ළමයා කරපු paper එකේ වැරදි ඔක්කොම

මෙතන විශ්ලේෂණය කියන එකට යන්න
එතකොට මෙන්න මේ වගේ එකක් එනවා
ඔය තියෙන්නේ වැරදුනු තැන්

ඒ වගේම මෙතනින් බලන්න පුළුවන් කොහොමද ළමයාගේ සිංහල වලට ලකුණු එතකොට English වලට වගේ එකින් එක අපිට බලන්න පුළුවන් දැනුම මට්ටම



ඉතින් මේකෙන් දෙමව්පියන්ට ලේසියෙන්ම තමන්ගේ දරුවා ගැන අවබෝදයක් ලබාගන්න පුළුවන්

ඉතින් වටිනවා කියල හිතපු නිසා තමා මේ පොස්ට් එක ලිව්වේ ඔයාලගේ දරුවන්ටත් දීලා try කරලා බලන්න කියන ගමන් තවත් කෙනෙකුට දැනගන්න share කරන්න කියන පුංචි ඉල්ලීම කරනවා හැමෝටම ජයවේවා!

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post