Demak DTM 200 Review

ඔන්න ඉතින් කලින් පොස්ට් එකේ 150 SM එක ගැන කියල තිබ්බ එකට ලැබිච්ච ප්‍රතිචාර නිසාම ඉක්මනටම DTM 200 ගැනත් Review එකක් ලියන්න උනා.

මගේ Youtube Channel එකත් subscribe කරලා තියාගන්න ඔයාලට අළුත් දේවල් බලාගන්න


මන් කලින් කිව්වනේ මේකෙයි 150 ලොකු වෙනසක් නෑ කියල

DTM 200 එකක් ගන්න ඉන්නවනම් මේක බලන්න.

දැනට Demak Company එකේ වැඩියෙන්ම අලෙවි වන SM කාණ්ඩයට අයත් බයික් එක තමා මේ DTM 200 කියල කියන්නේ

ලෙඩ ලෙඩ කිව්වට මේකෙනම් ලෙඩ නඩු නැති තරම් එන්ජිමේ ගහලම තියනවා පදම් කරන කාලේ හිමින් පැදපන් කියල ඉතින් සමහරු අහන්නෙම නෑනේ ඒ නිසයි ලෙඩ දෙන්නේ වෙලාවට service ටික කරන්න අමතක කරන්න එපා ,
මේක ඇවිල්ල super moto එකක් මිසක් enduro  නෙමේ ඒ නිසා ගස් උඩ නගින එක නම් එච්චර හොඳ නෑ .




දන්නවනේ ගෙනාපු ගමන් කරන්න ඕනි වැඩ ටික මොනවද කියල ඒවා දන්නේ නැත්තම් මේක බලන්න DTM 150 Review එක

හරි මුලින්ම එන්ජිම ගැන බලමු

මේක ඇවිල්ල pushrod එන්ජිමක් 193cc, Single Cylinder, Air Cooled, 4 Stroke එන්ජිමක් තමා මේකට එන්නේ ඉතින් කලින් කිව්වා වගේ පාට් ලිස්ට් එක බලන්නකෝ සෙට් කරගන්න පුළුවන් ගැලපෙන honda ඒවා.
Power එක විදිහට 18.7hp @ 6000rpm දෙන්න පුළුවන් කියල තමා කියන්නේ ඉතින් ගින්නක් නැතුව 100 පන්නන්න පුළුවන් ඒ වගේම 100ත යද්දී Vibration නම් නෑ මොකද බර වැඩියි හොනට් එකට වඩා,

ටොප් යන්නේ 148ක් කියල තමා පදින උන් කියන්නේ










පිටත පෙනුම KTM එකකට සමාන උනත් එන්ජිම නම් CG 125 එක ලඟින් යනවා කියල තමා කියන්න තියෙන්නේ






මේක ඉතින් ගියර් 5කින් සමන්විතව තමා එන්නේ





 සයිලන්සර් එක සීරුමාරු කරන්න පුළුවන් එකක් එන්නේ DTM 200 එකේ




ඉස්සරහ Up Side Down Telescopic Forks තමා තියෙන්නේ





පිටිපස්සේ සීරු මාරු කරන්න පුළුවන් එකක් එන්නේ





Handle Guard එක



Break Light



මේකත් DTM 150 එකේ වගේම තමා

වම්පස තියෙන්නේ ලයිට් on කරන්න off කරන්න උඩින්ම
ඊටපස්සේ නිල් පාට switch එකෙන් හෙඩ් dim සහ පාස් එක
ඊටපස්සේ signal
ඊටපස්සේ හෝන් එක
යටින්ම චෝක් එක



දකුණු පස

සෙල්ෆ් start එක
රන් off එක







ඉදිරිපස KTM එකට සමාන Headlight එකක් සහ Face එකක්




Chain එක





ටයර් ගැන කිව්වොත් මේකෙත් එන්නේ
ඉස්සරහට  110 /70 17 ටයර් එකක්ද පිටිපස්සට 130 /70 17 ටයර් එකකින්ද සමන්විතව තමා එන්නේ.




රීම් එහෙම DTM 150 එකේ ඒවම තමා

තෙල් කිරිල්ල නම් 30ක් වගේ කියල තමා කිව්වේ

පොටෝ වලට බයික් පිස්සට ස්තුතියි වෙන්න ඕනි

Demak වල ගැටළුවක් තියනවනම් සෙට් වෙන්න FB එකේ DEMAK WORLD  (Sri Lanka)  එකත් එක්ක මේකේ ඉන්න members සෙට් එක ඔයාගේ ගැටළුවට පිළියම් දෙයි.


Dimensions : 2080 x 800 x 1160
Curb Weight : 130kg
Engine : Single Cylinder, Air Cooled, 4 Strokes
Wheel Base : 1370mm
Speed Max ≥110km/h (Tapi rata-rata boleh cecah 130km/h)
Engine Capacity (cc) : 193cc
Compression Ratio : 9.0:1 (Jangan tanya aku, aku pun tak tahu)
Torque Max : 14kw (6000rpm)
Starter : Electric & Kick
Battery : 12 Volt 7 AH
Fuse         : 15A
Brake front / rear : Disc / Disc
Front Tyre : 110/70 - 17
Rear Tyre         : 130/70 - 17
Fuel Tank Capacity : 7.5 litres



8 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Nicely written, thanks machan! Just bought my DTM 200 :)

    ReplyDelete
  2. මචං dart 225 එක ගැන full review එකක් ඕන

    ReplyDelete
  3. Mcn Review eka patta....eth mewage weight eka gena mt podi awlak thinw mcn samahara then wala 130kg th 195kg kiyalath kiyanw...hari eka mokakda broo...

    ReplyDelete
  4. මචෝ මන් DTM200 ගෙනාවා ඒකේ සයිලන්සර් එකේ මප්ලර් එක ගලවලා ඉතින් ඒකට මොනවගේ එකක්ද එන්නේ පුලුවන්නම පොටෝ එකක් දාන්න කම්පැනි එකෙත් නෑ මට හදාගන්න

    ReplyDelete
Post a Comment
Previous Post Next Post