Install Redis - CentOS පාඩම් මාලාව

Step 1 — Install Redis

අද කියන්න හදන්නේ අපිට සර්වර් පැත්තෙන් දාන්න වෙන open-source server එකක් වන redis කියන සර්වර් එක දාන විදිහ සහ replication කරන විදිහ.

මොකක්ද මේ redis කියන්නේ ?
Redis කියන්නේ open source (BSD licensed), in-memory data structure store එකක්, database එකක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම cache සහ message broker එකක්. මේක support කරනවා strings, hashes, lists, sets, sorted sets with range queries, bitmaps, hyperloglogs and geospatial indexes යන data structures වලට  radius queries වලින්. ඉතින් මේකේ built-in replication, Lua scripting, LRU eviction, transactions and different levels of on-disk persistence සහ provides high availability via Redis Sentinel and automatic partitioning with Redis Cluster.

හරි අපි දැන් වැඩේ පටන් ගමු
මේකට ඕනි වෙනවා Centos minimal දාපු සර්වර් එකක් සහ අන්තර්ජාල සම්බන්දතාවක්

හරි දැන් අපි  EPEL repository එක enable කරමු
  • wget http://dl.fedoraproject.org/pub/epel/7/x86_64/e/epel-release-7-5.noarch.rpm
මේ  wget කියන කමාන්ඩ් එක වැඩ කරේ නැත්තම් ,  yum install wget  කියල ගහන්න.
දැන් මේක ගහන්න:
  • sudo rpm -ivh epel-release-7-5.noarch.rpm
හරි දැන් අප්ඩේට් කරමු (ඕනි නම් විතරයි):
  • sudo yum -y update
 දැන් අපි Redis  install කරමු
  • sudo yum install redis -y
වැඩේ හරි ගියාට පස්සේ මේ කමාන්ඩ් එක ගහන්න 
  • sudo systemctl start redis.service
  • sudo systemctl enable redis.service
මේකෙන් redis වල status බලන්න පුළුවන්
  • sudo systemctl status redis.service
ps ax | grep redis
Output එක මේ වගේ එයි
Output
redis.service - Redis persistent key-value database Loaded: loaded (/usr/lib/systemd/system/redis.service; disabled) Drop-In: /etc/systemd/system/redis.service.d └─limit.conf Active: active (running) since Wed 2015-07-22 02:26:31 EDT; 13s ago Main PID: 18995 (redis-server) CGroup: /system.slice/redis.service └─18995 /usr/bin/redis-server 127.0.0.1:6379
[root@localhost ~]# ps ax | grep redis
28546 ?        Ssl    0:00 /usr/bin/redis-server 127.0.0.1:6379
28571 pts/0    S+     0:00 grep --color=auto redis


 දැන් මේ කමාන්ඩ් එක ගහන්න:
  • redis-cli ping
 PONG කියලා ආවොත් ගොඩ

එහෙනම් ඔන්න අපි redis install කරා
Previous Post Next Post