May 2018
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් කාලෙකට පස්සේ class එක පැත්තේ ගියා Lectures වලට ඉතින් සර් පාඩම උගන්නනකොට ප්‍රශ්න කිහිපයක් ඇහුව OSI Layers ගැන, Cisco කරද්දී ඉගෙනගත්තට මොකද දැන් අවුරුදු 3ක් විතර වෙන නිසා නැවත මතක් කරගත්තොත් හොඳයි කියල හිතුන නිසාත් ඔයාලටත් මේක වැදගත් වෙයි කියල හිතුන නිසාත් ලියන්න කියල හිතුන.

මේ ගැන කියද්දී ඉස්සෙල්ලම එන ප්‍රශ්නේ තමානේ OSI කියන්නේ මොකක්ද කියන එක ?
හරි එහෙනම් මේකට උත්තරය තමා The Open System Interconnection. හරි ඉතින් මන් දන්නවා ඕක කියෙව්වට මොකක්ද කියලවත් තේරෙන්නේ නෑ තාම කාටවත්

අපි බලමු මේ කියන්නේ මොකක්ද කියල

එක්දාස් නමසිය බර ගණන් වල ඔය ලොකු ලොකු රටවල් අතර ලොකු තරගයක් තිබුනා එක එක ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්න උදාහරණයක් කිව්වොත් මොබයිල් පෝන්, පරිගණක වගේ දේවල්

ඉතින් ඔන්න ඕකම තමා මේ OSI Layers එන්න ප්‍රාධාන හේතුවත්. අවුල් වගේ නේද?
ඔව් එහෙම වෙන්න එපැයි මම කියන දේ ඔයාට තේරුම් ගන්න බෑ අන්න ඒ සරල දේ තමා  1984 දී ජාත්යන්තර ප්රමිති සංවිධානය නොහොත් ISO කියන්නේ අන්න එකෙන්  සකස් කරන ලද යෝජනාවක් මත පදනම් වෙලා මේක හැදෙන්නේ, මොකද කිව්වොත් සරලවම මම කතා කරන්නේ සිංහල ලියන්නේ සිංහල නමුත් ඇමෙරිකාවේ ඉන්න ඩයල් එකක් මේක දැක්කම තේරෙනවද? නැනේ අන්න ඒ වගේ Network එකක් කියන්නේ සිංහල දෙමල ඉංග්‍රීසි වගේ විවිද භාෂා කතාකරන අය ඉන්නවා වගේ එක එක Vendors ලගේ එක එක devices තියනවා. ඉතින් ඒ devices කතා කරන විදිහ අනිත් Vender ගේ device එකට තේරුනේ නැත්තම් මොකද වෙන්නේ නෙට්වර්ක් එකට ? අන්න ඒ නිසා  system-to-system communication එකකට එකිනෙකාත් එක්ක communicate කරගන්න පුළුවන් වෙන විදිහේ architecture එකක් හැදුවේ.

ඉතින් මේක layers 7කින් සාන්විත වෙනවා


අප්සට් නේද පුතේ?
ඕක මතක තියාගෙන 7 ඉඳන් 1ට බලන්න මුල් අකුරු ටික.

තවත් සරලවම උදාහරණයකින් පැහැදිලි කරොත් ඔයා ඔයාගේ පෝන් එකෙන් හරි මැෂින් එකෙන් හරි තවත් කාට හරි data එකක් යවනවා නම් අන්න ඔයා ඔයාගේ මැෂින් එකේ screen එක බලාගෙන මැසේජ් එක type කරලා send කියන බොත්තම ඔබන එකේ ඉඳන් අනිත් කෙනා ගේ මැෂින් එකේ notification එකක් ඇවිල්ල එයා ඒක බලනකල් වෙන සියළුම සිද්දි මෙන්න මේ කොටසට අයිති වෙනවා.





මන් හිතනවා දැන් පැහැදිලි ඇති කියලා.

අපි සාමන්යෙන් පටන්ගන්නේ 1 ඉදන් උනත් මේකේ උඩම තියන එක නම් කරන්නේ අන්තිම එක එහෙමත් නැත්තම් 7 කියල එතනින් පහලට

මේකත් හරියට දාගත්තොත් නිකන් කතන්දරයක් වගේ රසවත්


Application Layer (Layer 7)


මේක තමා උඩින්ම තියන layer එක ඉතින් මේකෙදි Network Services වල interface එක අපිට නැත්තම් user ට ලබාදෙන්නේ. වරද්දගන්න එපා නෙට්වර්ක් ඒවා විතරයි ගන්නේ හොඳේ
ඒ වගේම user authentication හා privacy වගේ දේවල් භාවිත වෙන්නෙත් මේකෙම තමයි.
ඒ වගේම මේකට අදාළ වෙන සම්මත නීති මාලාවක් තියනවා (Protocols) 




Presentation Layer (Layer 6)

network communication එකේ  data transfer කියන සිද්දියට අදාලව data වල format වලට වගකියන එක තමා මේකේ ප්‍රාධාන කාර්ය ඒ වගේම transmit වෙන information වල  syntax සහ semantics ගැනද අවදානය මේ layer එකෙන් යොමු කරනවා. තවද conversions සහ encryption / decryption එකත් මේ layer එකෙදිමයි සිදුවෙන්නේ.

අපි Application layer එකේදී අපිට ඕනි ඒවා අරන් අනිත් කෙනාට යවනකොට මේ layer එකෙන් කරන්නේ අන්න ඒ යවන ඒවා ටික වෙන් කරනවා. ඒ කියන්නේ එකේ තියන Text ටික සින්දුවක් හරි Audio clip එකක් තියනවා නම් ඒක එතකොට Video එකක් තියනවා නම් ඒක අන්න ඒ ටික අරගෙන යැවීමට සුදුසු හා පහසු වන ලෙස compression (හැකිලීම) කරලා  generic format එකකට convert කරනවා අපේ තොරතුරු යැවීම සඳහා. ඕකෙම අනිත් පැත්ත වෙන්නෙත් මෙකෙදිමයි ඒ කියන්නේ අපිට එන data ටික ඒ කියන්නේ network එක දිගේ එන පැකට් ටික අදාළ විදිහට decode කරලා මේක text ද mp3 ද video එකක්ද video එකක් නම් මේකේ ෆයිල් format එක මොකක්ද Mpegද Avi ද Xvid ද Mkv ද කියලා වෙන් කරනු ලබන්නේ මෙන්න මේ ලේයර් එකෙදී තමා. අන්න එකට තමා කියන්නේ Data Translation කියල ඒ වගේම මෙතැනදී බලනවා Application Layer එකේ ඉන්න කෙනාට මේවා කියවන්නට පුළුවන්ද කියල .







Session Layer (Layer 5)

මෙතැනදී වෙන්නේ Application එකෙන් Application එකට communication එක යද්දී ඒ Application 2ක අතර සම්බන්දතාව තියාගන්න එක සහ manage කරන එක තමා මේකෙන් වෙන්නේ
ඒ වගේම දත්ත යන එක simplex , half duplex or full duplex ඒ කියන්නෙ දිගටම එක්කෙනෙක් විතරක් කතා කරනවද, දෙන්න මාරුවෙන් මාරුවට කතා කරනවද නැත්තන් දෙන්නම එකවර කතා කරනවද කියල තීරණය කරන එකත් Connection Speed, Time Out වගේ දේවලුත් කරන්නෙ මේ layer එකේදිම තමයි. ඒ වගේම synchronization එකත් වෙනවා මොකද හිතන්න copy වෙද්දී අවුලක් ගියා කියල අපිට ආයේ මුල ඉඳන් කරන්න එපැයි එත් මේ නිසා resume කරන්න අවස්ථාව සැලසෙනවා


Transport Layer (Layer 4)


Session Layer එකෙන් එන data ටික අරගෙන පොඩි පොඩි කෑලි වලට වෙන් කරලා නෙට්වර්ක් ලේයර් එකට පාස් කරන එක තමා කරන්නේ, ඒ වගේම data ටික modification, loss හෝ duplication එකකින් තොරව bits ටික හරියට transfer උනාද කියල ස්තිර කරනවා.
ඉතින් මොනා හරි අස්පට් එකක් ගියොත් transmission එකේදී මේ layer එකෙන් ඒක හරිගස්සන්නත් වගබලාගන්නවා. ඒ සඳහාද යම්කිසි නීති මාලාවක් තියනවා මෙන්න මේ error correction වලට. අන්න ඒ දේ වෙන්නේ acknowledgement කියන දේ මේ layer එකේදී භාවිත වෙන නිසයි හරියට acknowledgement එක ආවේ නෑ කියන්නේ පැකට් එක retransmit කරනවා එහෙමත් නැත්තම් connection එක time-out කරලා දානවා.

Network Layer (Layer 3)



මේ layer එකේදී තමා ඔන්න IP සහ රවුටින්ග් එන්නේ මොකද මේ layer එක සහ මෙතනින් පහලට මැෂින් එකේ වගේම රවුටර් switch වලත් තියනවා මේ layer එකේදි තමයි Router එක හරහා source computer එකේ ඉදල destination computer එකට data send කරන්න හොදම මාර්ගය හදල දෙන්නෙ. IP Tables සහ Best Path.
පාවිච්චි කරන protocol තමයි
IP(Internet Protocol), IPX(Internet Packet Exchange), ARP(Address Resolution Protocol), ICMP, RIP (Routing Information Protocol), OSPF(Open Shortest Path First)










Data Link Layer (Layer 2)






Physical Layer (Layer 1)