බස් රථයේ ගමන් ගන්නා ඔබ නොදන්නා ඔබේ අයිතීන්


මේක නම් ඕනි වෙයි කියල දැම්මේ Facebook එකේ ඉන්නකොට තමා හම්බුනේ


* බස් නැවතුම්පළින් බස් රථය පිටත් වීමට පෙර ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට ඔබට අයිතිවාසිකමක් ඇත.

* රථයට ගොඩ වූ ස්ථානය හා බැස යන ස්ථානය, නියමිත බස් ගාස්තුව, දිනය, බස් රථ අංකය පැහැදිලිව සඳහන් විධිමත් ප්‍රවේශ පත්‍රයක් ඔබට ලබා ගත හැකි විය යුතුය.

* ගෙවනු ලැබූ ගාස්තුවට අදාළව ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව බස් රථයේ ගමන් ගැනීමට හැකි විය යුතුය.

* විධිමත් හා නියමිත ඇඳුමකින් සැරසුණු විනීත හා ආචාරශීලී ඇවතුම් පැවතුම්වලින් යුතු රියදුරු හා කොන්දොස්තරවරයකුගේ සේවය ඔබට ලබා ගත හැකි විය යුතුය.

* සාමාන්‍ය සේවා බස් රථයක නම් වයස අවුරුදු 3 ට වැඩි 12 ට අඩු දරුවන් සඳහා නියමිත ගාස්තුවෙන් අඩක් (භාග ටිකට්පතක්) ගෙවා බස් රථයේ ගමන් ගැනීමට හැකියාව ඇත.

* සුඛෝපභෝගී බස් රථයක දී ඔබට, ප්‍රමාණවත් වායු සමීකරණ තත්ත්වයක් ලැබීමට හා අනුමත ආසන ගණනට වැඩි නොවන මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන පහසුවෙන් ගමන් කළ හැකි සේවාවක් ලැබීමට අයිතියක් ඇත.

* පොදු ප්‍රවාහන සේවා බස් රථය නීත්‍යනුකූලවම දුම්බීම තහනම් කලාපයකි. එබැවින් දුම්වැටි දුමෙන් තොර පරිසරයක ගමන් කිරීමට මගීන් වන ඔබට අයිතියක් ඇත.

* බස් රථය නොසැලකිලිමත් ලෙස හා අධික වේගයෙන් හෝ අනතුරුදායක ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් පදවන්නේ නම් එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.

* බස් රථය ධාවනය අතරතුරදී රියදුරු ජංගම දුරකථනයෙන් සංවාදවල යෙදෙන්නේ නම් එයට විරුද්ධ වීමටද ඔබට අයිතියක් ඇත.

* ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් භාවිතා නොකරනු ලබන බස් සේවාවක් ලැබීමට මෙන්ම ගුවන් විදුලි යන්ත්‍රය වුවද ශබ්දය (උපරිම ශබ්ද මට්ටම ඩෙසිබල් 80) අවහිරයක් නොවන ලෙස පාවිච්චි කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට මගී ඔබට අයිතියක් ඇත.

* ගාස්තු ගෙවන මගියා බස් රථයේ වැදගත්ම පුද්ගලයා වන බැවින් ඒ සඳහා වන ගෞරවය හා සැලකිල්ල ලැබීමට ඔබට අයිතියක් ඇත

* මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බස් සේවක කණ්ඩායම්වල සේවය ඔබට ලබා ගැනීමට අයිතියක් ඇත.

* බස් රථය නියමිත වේලාවට ගමන් ඇරඹනු ලබන බවට හා ගමන නියමිත වේලාවට නිමා කරනු ලබන බවට ඔබට තහවුරු විය යුතුය. ගමන් ඇරඹීමට නියමිත වේලාව හා ගමන නිම කිරීමට නියමිත වේලාව බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලැබීමට බස් රථයේ රියදුරු කොන්දොස්තර මහතා හෝ අයිතිකරු විසින් කටයුතු කරනු ලැබිය යුතුය.

>> අන්තර් පළාත් ධාවනය සඳහා අවසර ලත් බස් රථ විසින් මඟීන් වෙත සැපයීමට එකඟ වී ඇති කොන්දේසි

SLTB-bus-highway1

* බස් රථය විසින් ඒ තුළ ගමන් ගන්නා මගීන් සහ තුන්වන පාර්ශ්වය (පදිකයන්, අනෙකුත් වාහන හා දේපළ) සඳහා අසීමිත වගකීමක් යටතේ රක්ෂණ සහතිකයක් ලබා ගෙන තිබිය යුතුය.

* බස් රථය තුළ ගිනි නිවීමේ උපකරණයක් සවි කොට තිබිය යුතුය.

* මගීන් සහිතව සේවාවේ ධාවනය කරමින් පවතින අතරතුරදී අතරමග ඉන්ධන පිරවුම්හල්වලින් බස් රථයට ඉන්ධන යෙදීම නොකළ යුතුය.

* බස් සේවක කණ්ඩායම වැදගත් හැසිරීමකින් මෙන්ම විධිමත් ඇඳුමකින් සැරසී සේවයේ යෙදිය යුතු අතර ඔහු හෝ ඇය තමාගේ සේවය පිළිබඳව මනා පුහුණුවක් ලැබූ අයෙකු මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වූ අයෙකු බවට නිකුත් කරනු ලැබූ හැඳුනුම්පත්‍ර සේවයේ යෙදී සිටින විට පැළඳ සිටිය යුතුය.

* බස් රථය ගමනාරම්භයේදීම බස් නැවතුම්පොළින් පිටත් වීමට පෙර බස් රථයේ සිටින සියලුම මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කළ යුතු අතර අතරමගදී බස් රථයට ඇතුළු වන සියලුම මගීන්ට ඒ අවස්ථාවේදීම ප්‍රවේශපත්‍ර නිකුත් කළ යුතුය. ඒ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ විද්‍යුත් යන්ත්‍ර භාවිතා කළ යුතුය.

* අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී සේවා බස් රථවල ආසනගත මගීන් පමණක් ප්‍රවාහනය කළ යුතු අතර සිටගෙන මගීන් ප්‍රවාහනය තහනම් වේ.

* බස් රථයේ ගමන් ගන්නා මගීන්ට දැන ගැනීම පිණිස බස් ගාස්තු සටහන, බස් රථය ගමන් ආරම්භ කරන වේලාව, ගමනාන්තයට ළඟා වන වේලාව, රියදුරු සහ කොන්දොස්තරගේ ලියාපදිංචි අංක, බස් රථයේ අංකය බස් රථය තුළ ප්‍රදර්ශනය කළ යුතුය.

* බස්රථය තුළ ක්‍රියාත්මක වන ඔරලෝසුවක් තිබිය යුතුය.

බස් රථය ඇතුළත විදුලි පරිපථ මගින් කෙරෙන සැරසිලි හා වෙනත් සැරසිලි ද නොකළ යුතුය.

උපුටා ගැනීම – සමබිම

2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. මේ කිිසිවක් නැති බස් වල ගමන් කර ඉහත කිසිවක් නොලැබීී එපා වූූ විට. බයික් එකක්, ත්‍රීී වීීීීල් එකක්, කාර් එකක් ගැනීමටද ඔබට හැක

    ReplyDelete
Post a Comment
Previous Post Next Post