යකාගේ පඩිපෙළ Devil's Staircase කළුපහන - ඔහිය බයික් එකෙන්

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොළඹ ඉදන් ගෙදර යන ගමන් පොඩ්ඩක් විතර පාර වෙනස් කරලා කලුපහනෙන් උඩට දාල බමරකන්ද ඇල්ල හරහා ගියපු තවත් එක ලස්සන සුන්දර සහ ත්‍රාසජනක අත්දැකීමක් ඔයාලට කියන්නයි ඉතින් උදෙන්ම බයික් එකේ නැගල කොළඹ ඉදන් අවේ ගෙදර යන්න බලාගෙන උනත් කලින් සතියේ රුක්ෂි අක්ක බමරකන්ද ඇල්ල ලංකා ඇල්ල සුරතලි ඇල්ල බලන්න ගිහින් ගනිපු පොටෝ සහ Video ටික දැක්කම මටත් ආස හිතුනා යන්න තිබ්බ නම් කියල

ඔන්න ඉතින් කලුපහනෙන් හැරිලා දිගටම අති දුෂ්කර මාර්ගයක් සහ ඉතාමත් ලස්සන පරිසරයක් තමා මේකේ තියෙන්නේ මිදුම ගහල පට්ටම සිතල උනත් ගමනේ තිබ්බ දුෂ්කර බව නිසාම දාඩියත් දැම්මේ ඒ හැගීම වචනෙන් විස්තර කරන්න අමාරු නිසා මන් යන සම්පුර්ණ ම ගමන video කරා

ගමනේ මැදදී ඔයාලට පාරවල් 2ක් හම්බෙනවා මුළු දුර කිලෝමීටර් 22ක් වගේ උනත් අර කෙටි නමුත් යාමට අපහසු පාරෙන් ගියොත් කිලෝමිටර 14ක් වගේ අඩුවෙනවා කියල තමා කට්ටිය කියන්නේ කොහොම උනත් වැටෙන්නේ හෝර්ටන්තැන්නට පොඩ්ඩක් පහලින් ඉතින් ඊටපස්සේ ඔහියට ගිහින් බොරලන්දට ගිහින් වැලිමඩ ට යන්නත් පුළුවන් නැත්තම් බොරලන්දෙන් හපුතලේට ගිහින් බදුල්ල කොළඹ පාරට යන්නත් පුළුවන්

ඔන්න ඔයාලත් බලන්නකෝ මන් ගිය ගමන



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post