Speed Test බොරුවක් ද?

 

ඔන්න ඉතින් slt එකේ අප්ලෝඩ් speed එක කේස් උනාට පස්සේ මන් බලපු දෙයක් තමා ගොඩක් අය කියන්නේ Ookla speedtest.net කියන්නේ බොරුවක් කියල තව දැක්ක මේක slt එකෙන් ෆුල් speed දෙනවා අනිත් ඒවාට ලිමිට් කරනවා කියල.

ඉතින් මන් දැම්ම slt users group එකේ පොස්ට් එකක් 



මේකේ කමෙන්ට් දැක්කම තේරෙන දෙයක් තමා ගොඩක් අය මේ speed test එක ගැන දක්වන වැරදි ආකල්පය ගොඩක් අය හිතන්නේ slt එකෙන් speed test එකට විතරක් වැඩි speed එකක් දෙනවා අනිත් ඒවාට අඩුවෙන් යනවා කියල, ඒක එහෙම නෙමේ. speed test .net එකේ හැම රටකම වගේ එයාලගේ සර්වර් තියනවා ඉතින් ගොඩක් ඒවා isp ල හරියටම කිව්වොත් මේ slt මොබිටෙල් ඩයලොග් හච් වගේ අයත් එයාලගේ සර්වර් දාගෙන ඉන්නවා ඉතින් අපි speed test .net එකට ගිය ගමන් ම ලෝඩ් වෙන්නේ අපිට අඩුම දුරකින් තියන (නෙට්වර්ක් latency) තියන සර්වර් එකට default speed test එක යන එක, ඉතින් මේකේ ගොඩක් අය කියනව එයාලගේ කිසි අවුලක් නෑ හොදට වැඩ කියල ඉතින් අපේ රටේ ඇතුලේ speed එක හොදට තියනවා හැබැයි  google එකේ වත් youtube එකේ වත් gaming servers අපේ රටේ නැති නිසා වෙන රටවල් වල සර්වර් වලට අප්ලෝඩ් කරන්න යදිදී එක ලිමිට් වෙලා තියනවා මේ slt එකෙන් හැබැයි ඩවුන්ලෝඩ් එක හොදට තියන නිසා මේ ප්‍රශ්නේ එන්නේ content creaters ලට සහ පිටරටට වැඩ කරන අපිට මොකද අපිට ඩවුන්ලෝඩ් උනාට කරපු වැඩ අප්ලෝඩ් කරගන්න බෑ speed එක ලිමිට් වෙලා තියෙන්නේ 3 mbps වලට ඉතින් ඔයාල speed test .net එකෙන් හරියට speed test එකක් කරනවා නම් Change Server ගිහින් වෙන රටක් තෝරාගත්තොත් තමා හරිම speed එක බලාගන්න පුළුවන් වෙන්නේ. 


මේ විදිහට change server යන්න



ඊටපස්සේ වෙන රටක් select කරන්න




ඔන්න දැන් තමා හරි ගාන එන්නේ මොකද slt select කරාම කොහොමත් ෆුල් speed එකම එනවා එක ඔයාගේ පෝන් එකේ හරි ලැප් එකේ හරි ෆයිල් එකක් ඒ storage එකටම කොපි පේස්ට් කරනවා වගේ වැඩක්

ඔයාගේ ලැප් එකෙන් wifi වලට කනෙක්ට් වෙලා වෙනත් device එකකට ෆයිල් එකක් කොපි කරද්දී ඒ speed එක කලින් තරම් නැති නිසා හරියටම ඔයාගේ ගෙදර නෙට්වර්ක් එක ගැන එකෙන් බලාගන්න පුළුවන් හැබැයි එකෙන් කියන්නේ නෑ ඔයාගේ isp හොදයි කියලා

එක බලාගන්න නම් අනිවාර්යෙන් google drive එකට අප්ලෝඩ් එකක් දාල බලන්න කොහොමද වැඩේ කියල ඉතින් වැඩේ තේරුම් ගත්ත කියල හිතවා ගිහින් එන්නම් හැමෝටම ජයවේවා






දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post