Android වලින් Apple වලට මාරුවක්

අද නම් කියන්න හදන්නේ android ගැන නෙමේ apple ගැන,
ඇපල් 4න් එකක් ගත්ත එකෙක් කොහොමත් හිරේට දැම්ම වගේනේ පොඩ්ඩක් බයයි මුලින්ම jailbreak කරන්න ඒ කියන්නේ අපි රූට් කරනවා වගේ වැඩක් හොදේ
මමත් ඉතින් ඕනි මගුලක් කියල කරා අවුලක් නෑ කියමුකෝ
මේකෙදි මන් දැක්ක අපි මෙච්චර කල් ගහමරා ගත්තේ ඇපල් හොදයි android හොදයි කියලා එහෙම දෙයක් නෑ මචන්ලා මේ 2කම එකම වගේ තමා මොකද මන් බැලුවේ android වල තියන අයිටම් ටිකක් ඇපල් එකට දාන්න කියලා ඉතින් ඕනි එකක් කියල හිත හදාගෙන මුලින්ම වැඩේට බැස්සේ ෆොන්ට් මාරු කරන්න මෙන්න එකටත් බඩු තියනවා,

ඕනි තරම් ෆොන්ට් තියනවා බන් මාරුකරන්න පුළුවන් හරියට ifont app එකෙන් වගේම තමා

අනේ ඉතින් ඊටපස්සේ මන් බැලුවේ ui එක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා අනේ බැලින්නං මෙන්න එකටත් අපි android වල තියන වගේම launchers වෙනුවට තියෙන්නේ theme කියල ඔය go solo වගේ themes දාන්නේ ඒ වගේ මේකෙත් තියනවා winterboard වගේ ඒවා iwatch එකේ theme එක තමා සුප්පා මන් දාගත්තේ රවුන් icon තියන එකක් 


හරි දැන් මට ඕනි උනා ලොක් screen එක වෙනස් කරන්න මෙච්චර කල් නම් හිතාගෙන හිටියේ බෑ කියල නමුත් ගින්දර 7ට එකක් සෙට් උනා බලන්නකෝ කොහොමද කියලා

හරි එතනින් නැවතුනේ නෑ ඊටපස්සේ බැලුව අපි xposed දාන්නේ background එකට අයිටම් දාන්නේ ඒ වගේ එකක් හැබැයි image එකක් නම් දැම්මේ නෑ පාට වෙනස් කරා මේ වගේ...


ඊටපස්සේ මන් බැලුවේ මගේ නම states බාර් එකට දාගන්න අපි android වලදී කරන්නේ ඒ වගේම තමා ඉතින් වෙනසක් නෑ 


බූට් screen එක වෙනස් කරන්නත් තියෙන්නේ අපි android වල රූට් explorer එකෙන් කරන්නේ ඒ වගේම තමා

ඊටපස්සේ මන් බැලුවේ viper වගේ audio equalizer එකක් දාගන්න මට සෙට් උනා එකටත් වඩා පට්ටම පට්ට එකක්  සුපිරි ඈ


ඕකෙම පේනවා ඇති vol up down කරද්දී play වෙන සින්දුව එහෙම ගන්න විදිහත් එකත් පට්ට



හරි ඉතින් ඊටපස්සේ මන් බැලුවේ සුපිරි app cleaner එකක් දාගන්න කියලා කොහෙද හොදම ඒවා paid නේ, අනේ ඉතින් එකටත් ගන්න ඕනි තරම් තැන් තියනවා blackmart වගේම තමා 


ඔහොම කරලා android වල කරන්න පුළුවන් දේවල්ඇපල් වලත්කරන්න පුළුවන් නමුත් ගොඩක් අය එහෙම කරන්නේ නෑ ඒත් මට නම් කියන්න තියෙන්නේ මට නම් ඇපල් සුප්පා 4න් එකක්
ප.ලි.
ඇපල් විටරක් නෙමේ සම්සුන්ග් සෝනි හොදයි කිය කියා කිව්වට වැඩක් නෑ 4න් එකෙන් නියම ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕනි මන් දන්නවා ගොඩක් අය තමන්ගේ 4න් එකෙන් 10%ක් වත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ ඒක ඔයාලම හිතල බලන්න මන් ගියා හැමෝටම ජයවේවා මිටපස්සේ ඇපල් හොදයි සම්සුන්ග් හොදයි සෝනි තමා හොදම කියල වැඩක් නෑ ඔක්කොම එකයි නම විතරයි වෙනස් අන්තිමේදී android වල වගේම file එකක් mod කරන්න ගිහින් බූට් ලුප් උනා ...





2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post