රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?

රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද?

මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙකුට ඇති බලතල සම්බන්ධව ඇති වැරදි මත කිහිපයකට අදාළ නිවැරදි නීතිය පහත ඉදිරිපත් කෙරේ :

තනි පොලිස් නිලධාරියකුට වාහන නතර කල හැකිය:
01. මහා මාර්ගයකදී තනි පොලිස් නිලධාරියකුට ඔබ පදවන රථය නවතා ලිය හැකිය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවේ. මෝටර් රථ ප්‍රවාහන පනතේ (මෝ.ර.ප්‍ර.ප) 162 වගන්තිය මීට අදාළ නීතියයි.
ඒ අනුව,මෝටර් වාහනය නතර කිරීමට හෝ පසු පසට පැදවීමට හෝ එහි වේගය අඩු කරවීමට හෝ ආපස්සට හැරවීමට හෝ පොලිස් නිලධරයා හෝ වාහන නිරීක්ෂක විසින් සංඥා කරනු ලැබිය හැකි පැත්තකින් ගමන් කිරීමට හෝ රථ වාහන පෙළකට අනුව යාමට හෝ පොලිස් නිලධරියකු විසින් හෝ වාහන නිරීක්ෂකයකු විසින් ස්වකීය කාර්ය ඉටුකිරීමෙහි ලා දෙනු ලබන සියලු වාචික විධිවිධාන වලට හෝ හස්ත සංඥා වලට මෝටර් වාහනයක රියදුරු අවනත විය යුතුය.


පොලිස් නිලධාරියෙකු දඩ කොළ ලිවීම :
02. පොලිස් නිලධරයකු විසින් අල්ලා ගනු ලැබූ විට පහත දක්වා ඇති මෝටර් රථ ප්‍රවාහන පනතේ වගන්තියක විධිවිදානයක් කඩකිරීමක් ගැන හෝ එම වගන්ති යටතේ නිකුත් කරන ලද යම් නියමයක්, නියම කිරීමක්, ඉල්ලා සිටීමක්, දැන්වීමක් අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම යන වරද සිදු කිරීම පිළිඹඳ තම කැමැත්ත අනුව වරද පිළිගන්නා යම් තැනැත්තෙකුට (රියදුරෙකු, වාහන හිමිකරුවෙකු ඇතුලත්ව) එරෙහිව නඩු පැවරීම වෙනුවට ඔහුට එම වරදට අනුරූප දඩයක් ගෙවීමට අවස්ථාව තිබේ. එවන් ගෙවීම් කිරීමක් කච්චේරියකදී හෝ තැපැල් කාර්යාලයක දී කල හැකි අතර ගෙවීම් කල බවට වන කුවිතාන්සිය වරද අල්ලා ගනු ලැබූ දින සිට දින 14ක් තුල අදාළ පොලිස් ස්ථානය වෙත පුද්ගලිකවම හෝ ලියා පදිංචි තැපෑලෙන් ඉදිරිපත් කල හැකිය. (මෝ.ර.ප්‍ර.ප. 215අ )
එම වැරදි පහත දැක්වේ:
21- හඳුනාගැනීමේ තහඩු - දඩ මුදල රු.500.
22- හඳුනාගැනීමේ තහඩුවල හැඩය - දඩ මුදල රු.100.
38 - ආදායම් බල පත්‍රය වාහන වල ගෙන යා යුතුය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් කල යුතු වීම - දඩ මුදල රු.500.
45 - ආදායම් බලපත්‍ර කඩ කරමින් මෝටර් වාහන පාවිච්චි කිරීම සම්බන්දයෙන් වූ සීමා කිරීම - දඩ මුදල රු.1000.
123(1) (අ) - රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම තහනම් කිරීම - දඩ මුදල රු.2500.
123(1)(ආ) -රියදුරු බලපත්‍රය නොමැතිව තැනැත්තන් සේවයේ යොදවා ගැනීම - දඩ මුදල රු.3000.
123(2) රියදුරුට වයස අවුරුදු 18ට අඩුවීම - දඩ මුදල රු.5000.
140- අධික වේගයෙන් රිය ධාවනය - දඩ මුදල රු.1000.
148 - මාර්ග රීති - දඩ මුදල රු.500.
152 - රියදුරු සිටින ආකාරය - දඩ මුදල රු.100.
153 - රියදුරන් විසින් කල යුතු සංඥා - දඩ මුදල රු.500.
154 - මෝටර් වාහනය පිටුපසට ධාවනය කිරීම - දඩ මුදල රු.20
155 - ශබ්ද හෝ ආලෝක මගින් අනතුරු හැඟවීම - දඩ මුදල රු.100
156 - පා පුවරුවේ නැගී යාම හෝ ඊට අවසර දීම - දඩ මුදල රු.100
157 - මෝටර් වාහනවල ඉදිරිපස ආසනවල ගමන් කරන මගීන් ගණන - දඩ මුදල රු.100
158(2) - ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම- දඩ මුදල රු.500.
159 - ප්‍රචාරක දැන්වීම් බෙදා හැරීම - දඩ මුදල රු.100.
162 - පොලිස් නිලධාරින් විසින් දෙන රථවාහන හැසිරවීමේ විධාන හා සංඥා - දඩ මුදල රු.1000.
165- ටැංකියට පෙට්රිල්/ඩීසල් ලබාගන්නා විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.20.
166- මහාමාර්ගයක රථවාහන නවතා තැබීම - දඩ මුදල රු.500.
167 - මහා මාර්ගයක මෝටර් වාහනයක් නවතා තබනු ලැබූ හෝ අනාරක්ෂිතව තබා යන හෝ ක්‍රියා විරහිත වූ විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.500.
178 - නියමිත ගන්නට වඩා මගීන් ගෙන යාම - දඩ මුදල රු.150 .
159 - මෝටර් වාහනයක ගෙන යා හැකි තැනැත්තන් - දඩ මුදල රු.150.

ප්‍රශ්වාස පරීක්ෂණය:
03. වාහනයක් පදවන ඔබ නවතාලන පොලිස් නිලධාරියෙකු විසින් ඔබ මත්පැන් ගෙන ඇති බවට සැක කරනු ලබන විට ඒ බව නිශ්චය කිරීම සඳහා ප්‍රශ්වාස පරීක්ෂණයකට හෝ ආණ්ඩුවේ වෛද්‍ය නිලධරයකු විසින් පවත්වන පරීක්ෂණයකට හෝ වහාම භාජනය වන ලෙස ඒ පොලිස් නිලධාරියා විසින් ඔබට නියම කරනු ලැබිය හැකිය. එවන් අවස්තාවක ඔබ පොලිස් නිලධාරියාගේ නියමයට අනුව ක්‍රියා කල යුතුය. [මෝ.ර.ප්‍ර.ප. 151(1)(ඇ)]. ඔබ එවන් පරීක්ෂණයකට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, පටහැනි සාක්ෂි ඉදිරිපත් කර ඇත්නම් මිස, ඔබ මත් ද්‍රව්‍ය ගැනීමෙන් පසු රිය පදවමින් සිටි බවට පූර්ව නිගමනය කෙරේ.

රියදුරු බල පත්‍රය තහනමට ගැනීම :
04. මෝටර් වාහනයක රියදුරු තම රියදුරු බල පත්‍රය සැමවිටම තම සන්තකයෙහි තබා ගත යුතුය හෝ මෝටර් වාහනයෙහි ගෙන යා යුතුය.එය පොලිස් නිලධාරියෙකු විසින් ඉල්ලන විට ඉදිරිපත් කල යුතුඅතර පරීක්ෂා කිරීමට දිය යුතුය. (මෝ.ර.ප්‍ර.ප. 135 )
ඒ වාගේම රියදුරෙකු විසින් සිදු කරනු ලැබුවේ යයි චෝදනා කරනු ලබන වරදක් පිළිඹඳව පොලිස් නිලධාරියෙකු විසින් කාරණ ලද විමර්ශනයකදී ඒ පොලිස් නිලධරයා වෙත රියදුරු බල පත්‍රය ඉදිරපත් කරනු ලබා ඇති විට එම පොලිස් නිලධරයා විසින් එම බල පත්‍රය තාවකාලිකව තම බාරයට ගෙන රඳවා තබා ගත හැකි අතර නියමිත ආකෘතිහි තම අත්සන යොදා තාවකාලික අවසර පත්‍රයක් ලබාදිය යුතුය. එම අවසර පත්‍රය දින 60ක් සඳහා රිය ධාවනයට බල පවතින අතර චෝදනා ගොනු කර ඇති මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම කාල සීමාව දීර්ග කිරීමක් කල හැකිය.
රථවාහන පොලිස් නිලධාරියකුට ඇති සාමාන්‍ය බලතල :
05. රථවාහන පොලිස් නිලධාරියකු යනු තවත් පොලිස් නිලධාරියෙකි. පොලිස් ආඥාපනත යටතේ මුළු ලංකාවටම බල පවත්වන පරිදි සාමය පවත්වාගෙන යාම, වැරදිකරුවන් සොයාගැනීම හා ඔවුන් නීතිය හමුවට ගෙන ඒම, බලයලත් අධිකාරිය විසින් නිකුත් කර ඇති නියෝග හා වරෙන්තු ක්‍රියාත්මක කිරීම ආදී තම රාජකාරි හා බලතල ඔහුට/ඇයට තිබේ. (ව.56)
නමුත් කිසිදු පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් ඇතිව හෝ නැතිව යම් අත්අඩංගුවට ගතයුතු අයෙකු සෙවීමේ කටයුත්තකට හෝ යම් වරදක් සම්බන්ධව සෙවීමේ කටයුත්ත සඳහා හෝ හැර ඔබගේ අවසරය නොමැතිව ඔබගේ නිවසට ඇතුළු වීමට බලයක් නොමැත. (අපරාධ නඩු විධාන සංග්රබහ පනත යටතේ 24, 25 වගන්ති යටතේ)
මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ එන සියලු වැරදි සංඥෙය වැරදි වේ, එනම් පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නොමැතිව සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි වැරදි වේ(මෝ.ර.ප්‍ර.ප. 239ඈ ).
_______________________________________________

තව දෙයක් ගොඩක් අය මේ ගැන දන්නේ නෑ ඔන්න එහෙනම් විස්තරත් එක්කම දැනගන්න 

1තනි පොලිසි නිලධාරියෙකුට රථයක් නැවැත්විය නොහැක. එවන් අවස්ථාවක රථය නොනවත්වා ධාවනය කල හැක.
රථ වාහන පණතේ 162 වගන්තිය අනුව මෙය සාවධ්‍ය වේ. රියදුරෙකු පොලිස් නිලධාරියෙකු විසින් දෙන වාචික හෝ දෘෂ්‍ය උපදෙස් පිලිපදිමින් නැවැත්වීම, පසුපසට ගෙන ඒම, වේගය අඩු කිරීම, ආපසු හැරවීම, මංතීරුවක් තුල සිටීම කලයුතුයි.
2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැක.
මෝටර් රථ වාහන පනතේ 135(1) වගන්තිය අනුව තණි නිලධාරියෙකුට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි අතර රියදුරු එය ලබා දීමට බැඳී සිටී
3ඔබෙ ජාතික හැඳිනුම්පත හැර වෙනත් ලේඛණයක් ඉල්ලා සිටිය හැක්කේ රථවාහන පොලිස් නිලධාරියෙකුට පමනි.
මෙවන් බෙදිමක් නැති අතර නිල ඇඳුමින් සිටින ඕනෑම පොලිසි නිලධාරියෙකුට ඔබේ හැඳුනුම් පත හෝ වෙනත් ලියවිල්ලක් පරික්ෂාකල හැක. අපරාධ, රථවාහන  අංශ ලෙස වෙන් කර ඇත්තේ පරිපාලනයෙහි ඇති පහසුව සඳහා පමණි.
4. තනි පොලිස් නිලධාරියෙකුට ඔබට නඩු දැමිය නොහැක. එබැවින් සාක්ෂි සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සෑම විටම දැකිය හැක.
 මෙයද දුර්මථයක් වන අතර රථවාහන ආඥා පණතේ 162 වගන්තිය අනුව මේ ප්‍රකාශන සාවද්‍යවේ
5. පොලිසිය සාමය රකින ආයතනයක් වන අතර සන්නද්ධ හමුදාවක් නොවේ. එබැවින් ඔවුනට ගිණි අවියක් ඔබ වෙත එල්ල කල නොහැක.
 2010 මාර්තු 28 චක්‍ර ලේඛනය අනුව නීතිය හා සාමය සුරැකීම සඳහා කොන්දේසි සහිතව ගිණි අවි භාවිතා කිරීමට පොලිස් නිලධාරීන්ට පූර්ණ අවසරය දී ඇත
6. ඔබ මත්පැන් බී ඇති බවට පොලිස් නිලධාරියෙකු පැවසුවහොත්, බැලූන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතිය ඇත. එම නිලධාරීන් සතුව උපකරණ නොමැතිනම් ඔබට පිටත් විය හැක.
ආඥා පණතේ විදි විධාන අනුව මත්පැන් පානය කර ඇති බවට සැක කරන රියදුරෙකු තමා බාරයට ගෙන ස්වසන පරික්ෂාවක් (balloon test) හෝ ඒ විගසම රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇත
7. ගමන් කරන රථයක් නැවැත්විය හැක්කේ රථ වාන අංශ පොලිස් නිලධාරියෙකුට පමණි.
මේ සාවද්‍ය වන අතර සියලුම පොලිස් නිලධාරීන්ට සමාන නීත්‍යානුකුල බලයක් ඇත.
8. ඔබ කල වරද සහ ඊට අදාල නීති සංග්‍රහය පවසන තුරු පොලිසියට ඔබේ රියදුරු බල පත්‍රය ලබා ගන නොහැක.
පොලිස් නිලධාරියෙකුට ඔබ වලංගු රියදුරු බලපත්‍රයක් තිබේ දැයි පරික්ෂාකිරීමට අයිතිය ඇත. ආඥා පණතේ 135 වගන්තිය අනුව, රියදුරෙකු රථය තුල හෝ තමා ලඟ රියදුරු බලපත්‍රය තබා ගැනීම අනිවාර්යවේ. පරික්ෂාවක් සඳහා විමසූ විට එය ලබා දිය යුතුවේ.
9. ඔබේ රියදුරු බලපත්‍රය බලෙන් තබා ගැනීමකදී ප්‍රදේශ බාර පොලිස් පරික්ෂකතුමා හෝ නියොජ්‍ය පොලිස් අධිකාරිතුමාට පැමිණිලි කර එය ලබාගත් නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත හැක.
මාර්ග නීති කඩ කිරීමක් සඳහා පරික්ෂාවට ගත් රියදුරු බලපත්‍රයක් තම බාරයට ලබා ගැනීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත. එවන් අවස්ථාවකදී කොන්දේසි සහිතව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
10. අධික වේගය සඳහා දඬුවම් කරන අවස්ථාවකදී, වේග පරික්ෂා උපකරණයේ දත්ත සටහන ඉල්ලා සිටීමට අයිතියක් ඇත. තවද මෙම උපකරණ බොහොමයක් ක්‍රියා විරහිතව ඇති අතර පොලිස් නිලධාරින් අනුමානයෙන් දඩ නිකුත් කරනු ලැබේ.
මෙයද නිරවද්‍ය නොවන අතර අපරික්ෂාකාරි ධාවනය යටතේ කටයුතු කිරීමට පොලිස් නිලධාරියාට බලය ඇත.
මූලාශ්‍රය : http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth

Previous Post Next Post