VR box තාක්ෂණය

ඔන්න ඉතින් පිංවතුනි අපේ Class එකේ මදුෂ්ක නොහොත් කොටාට පිංසිද්ද වෙන්න මට VR Box එකයි Controller එකයි Bluetooth Controller එකයි අඩුවට ගෙනත් දුන්න



මේකේ නිදාන කතාව කිව්වොතින් මන් ඉස්කෝලේ යද්දී අපිව දියතලාවේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලන්න එක්කන් ගියා, එතැනදී තමා ජිවිතේ 1 වෙනි පාරට 3d අත්දැකීම විදගත්තේ, කාලගුනේ අක්කනම් කිව්වේ එකම තැන තැන් 2කින් පොටෝ ගන්නේ location එක හරියටම බලගන්නද මොකක්ද කිව්වා තව කන්දක් එහෙම තිබ්බම ඒවගේ උස දිග පළල වගේ ත්‍රිමාණ මිම්මවල් ලබාගන්න තමා ඒ විදිහට තැන් 2කින් පොටෝ එක ගහල එයාල ගාව පොඩි කන්නාඩි 2ක් තියනව එකෙන් බලනවා අම්මටසිරි මැප් එක බලද්දී පිස්සු වගේ ඇයි අහසේ ඉදන් බලනවා වගේනේ මොන කන්දද උස ඒවගේ ගස් හිටන් උඩට ඇවිත් වගේ පෙනෙද්දී,

හරිනේ ඉතින් ඔන්න උණ ගැහුවා හතර අතේ හෙව්වා එහෙම කරන්නේ කොහොමද කියල එතකොට තමා අවුරුද්දට ගෙනාපු රතින්ය පෙට්ටියේ තිබ්බ රතුයි නිලුයි සෙලොපෙන් කොළ කපල කණ්ණාඩියේ අලවල ආතල් එකක් ගත්ත පස්සේ  කඩේක තියනවා දැක්කේ 3D කන්නාඩි ඉතින් මොකෝ කරේ දැකපු ගමන් ගත්ත ඊටපස්සේ කාලෙක තමා මේ පොස්ට් එක දැම්මේකොහොමද 3D බලන්නේ කියල

මේ තියෙන්නේ ඒ පොස්ට් එක


 ඒත් මට අරකාලගුණේ තිබ්බ කන්නාඩි කේස් එක නිල් රතු කන්නාඩි නිසා අමතක වෙලා ගියා පස්සේ ඉතින් ජොබ් එකට ගියාට පස්සේ එතන ගෙනාව Google Glass සහ DK2 එකයි Moga Bluetooth Controllers ඉතින් ඒවා බලල ඔෆිස් එකේ develop කරපු apps එහෙම බැලුව ඕකෙන්, පස්සේ තමා කොටා NIBM එකට මේක ගෙනාවේ



හරි නිදාන කතාව දැනගත්තානේ දැන් බලමු මේ ගැජට් එක මොකක්ද කොහොමද කියල

මේකෙන් වෙන්නේ ඇස් රවට්ටන එක කිව්වොතින් හරි මේකේ කාච 2ක් තියනවා ඒ වගේම එකම දෙය පොඩි දුරකින් ගන්නවා හරියට අපි ඇස් දෙකෙන් ලෝකය බලනවා වගේ ඇස් දෙක තියෙන්නේ පොඩි දුරක් තියලානේ එතකොට තමා අපිට මේ මුළු ලෝකෙම දිග පළල උස කියන Dimensions 3නම ගන්නේ

මේකෙදි වෙන්නෙත් ඒකමයි අපේ ඇස් රවට්ටනවා මේකේ තියන කාච 2න් සහ පොන් එකේ display එක දෙකකට බෙදිලාඒ වගේම පොන් එකේ Acclometer එකයි Gyroscope එකයි එක්ක අපි බලන බලන පැත්තට පේන්න හදන්න පුළුවන්
මේ වගේ



 
 අපිට ඉතින් තව තව දේවල් එකතු කරගෙන මේක සජීවීව අත්දැකීම ලබාගන්න පුළුවන්

අපිට මේක යොදාගන කරන්න පුළුවන් ලොකුම දේ තමා අද්‍යාපනය ලබාදෙන එක,
ඉස්සර අපේ අම්මලාගේ කාලේ හැමදෙයක්ම වගේ කරේ පොත් පත්තර පෙන්නලා
හිතන්න ඉස්සර අමාරු දෙයක් පැහැදිලි කරන්න ගත්තේ පින්තුර
පස්සේ අපේ කාලේ නම් Video දාල පෙන්නුවා

ඒත් අපේ ඉදිරි පරම්පරාවට මේ VR තාක්ෂණික මෙවලම් යොදාගෙන තවත් ලොකු දෙයක් කරන්න පුළුවන්
හිතන්න App එකක් develop කරනවා කාර් එකක් drive කරන්න, දැනටමත් Steering weel තියනවා Full සෙට්, ඒත් VR එකෙන් යද්දී කොහොමද
මට හිතෙනවා ඉස්සරහට අපිට ලර්නස් එකේදී මුල්ම Practical එක මේ විදිහට කරයි කියල
ඇයි තව pilot ලව පුරුදු කරන්නත් හම්මේ ඉතින් දොස්තරලට සැත්කම් කරන්නත් පුළුවන් Virtual simulator එකට මේ VR කිට් එක ගහල


 හරි හරි ඒ විදිහට අපිට පියාබන්න පුළුවන් මෙන්න මේ විදිහට



මේ තියෙන්නේ VR Sky Diving


Researchers at Zurich University’s Interaction Design Program තම හදල තියෙන්නේ හොදේ


මේ තියෙන්නේ ඒ විදිහට බයිසිකල් පදින එකක්



ඔය ඉස්සරහ තියන display එකෙන් පෙන්නේ ඉන්න එකාට කොහොමද පෙන්නේ කියල

මෙන්න තියනවා මන් කලින් කිව්වා වගේ Flight Simulator එකක්




මේකනම් පට්ටම game එකක් පිංවතුනි First Person Shooting එකක්
කොහොමද ආතල් එක


රෝලොකොස්ටර් එකේ යන අත්දැකීම ගන්න පුළුවන් Google Play එකේ තියන මේ app එක ගත්තනම්



 තව ඔය ගෙවල් එහෙම plan කරන design කරන අයට පුළුවන් තමන්ගේ Client ට සුපිරිම අත්දැකීමක් ලබාදෙන්න මේකෙන්
කොහොමද කිව්වොත් අපි හැමෝම සිහින මවන්නේ හොද ගෙයක් හදන්න ඉතින් ගෙයක් plan කරන්න design කරන්න දෙන්නේ කොච්චර ආසවෙන්ද
ඉතින් හිතන්න ගේ හදන්නත් කලින්ම අපි ඒ ගෙදර ඇවිද්දොත්? මන් දන්නවා ගොඩක් අයගේ ඇස් වලට කදුළු එනවා ලොවෙත්

තව ඉතින් Designer ලට පුළුවන් 3D Design කරන්නත්


 ම්ම්ම් තව දෙයක් මේකෙන් කරන්න බැරි දෙයක් නෑ පිංවතුනි ඔව් ඔව් ඔයාට කෙල්ලෙක් වෙන්න ඕනිනම් එකත් පුළුවන්


දැන් ඉතින් ඔක්කොම පැත්තකටදාල  මේවා ගැන හොයයි ඔව් ඔව් මන් දන්නවා දැන් porn Site හෙනට දියුණුයි YOU KNOW WHAT I MEAN දැන් VR Porn තියනවා කියහන්කෝ
එහෙනම් මන් ගිහින් එන්නම් කට්ටියටම ජයවේවා !
ඉස්සරහට දාන්නම් මන් කරපු දේවල් සෙට් එකක්

VR ගැන වැඩි දුර කියවන්න



1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post