V-Log එකකට ලැස්ති වෙමු

කලින් Action Camera 2ක් ගත්තට පිංවතුනි කැසිල්ලේ නම් අඩුවක් උනේ නෑ. මොකද පලවෙනි එක නම් සචිය අරගත්තා දෙවෙනි එක පොඩ්ඩක් හොඳ හින්ද උදේ හවස මාත් එක්ක රවුම් ගැහුවා



මේ තියෙන්නේ පළවෙනිම එක

මේ තියෙන්නේ දෙවෙනියට ගත්ත එක



ඒ උනාට ඊයේ පෙරේදා GoPro එක ගත්ත නිසා නම් ඔන්න වැඩේට ආස හිතුනා මොනා නැතත් පට්ටම කැම් එකක්



මේ තියෙන්නේ කඩේ ඉඳන් ගත්ත පලවෙනි පොටෝ එක




Gopro එකට නම් කෑලි බෑලි මොකුත් හම්බුනේ නෑ මේ ටික විතරයි


ඉතින් දැන් හැමතැනම Youtubers ලා වැහි වැහැලා ගිය මාසේ Android වැඩකාරයෝ එකේ Yourtube 1:1 එකටත් tech පැත්තේ සෙට් එකක්ම බැහැල හිටියා, එතැනදිත් ගොඩක් දේවල් මේ ගැන කිව්වා ඉතින් අපිටත් පුළුවන් රෝද දෙකක් පදින කොල්ලෙක් උනාම එයාලටත් පුළුවන් අපි විඳින අත්දැකීම් වචනයෙන් කියනවට වඩා පෙන්නන්න තියනවනම්, අන්න ඒක තමා V Log එකකින් කරන්නේ මන් හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා

හරිනේ ආසාව ඔන්න ඉතින් දැන් තමා පටන් ගන්නේ දැන් බලමු මේක කොහොමද හෙල්මට් එකට සෙට් කරගන්නේ කියලා

මන් නම් කෙලින්ම යට පැත්තට වෙන්න තමා මේක සෙට් කරේ හේතුව හදිස්සියේ වත් මොකක් හරි වෙලා වැටුනොත් පෙන්නේ නෑනේ අනික පනස් දෙකක් දීලා අරන් කෙලෝ ගන්නත් බෑනේ

එත් මේක පේනවා ඒ වගේම ඇස් මට්ටමේ තියන නිසා ගන්න Video එක සුපිරියටම තියනවා



මේ තියෙන්නේ කලින් සෙට් කරපු විදිහ



හරි ඉතින් ඔන්න ඔහොම කරලා ටෙස්ට්ටින් පාරක් අල්ලන්න හිතාගෙන ගියා නාරාහේන්පිට ඉඳන් NIBM එක ගාවට

 වැඩේට මන් ගත්තේ Gopro එකයි අනිත් කැම් එකයි එකක් හැඩල් එකේ අනික හෙල්මට් එකේ
කොහොමත් කැමරාවට එනවා එහෙන් මෙහෙන් අටවගන්න කෑලි සෙට් එකක් මේ වගේ

ඉතින් ඔකේ තියනවා බෑග් එකට බයික් එකට සෙල්ෆි ස්ටික් එකට අමුනගන්න පුළුවන් කෑලි ඒවගෙන් වැඩේ කරගන්න පුළුවන් එහෙම හම්බුනේ නැති නම් ebay එකෙන් ගන්න පුළුවන්

වැඩේ නම් එලකිරියට ආව ඉතින් ඔයාලම බලන්නකෝ කොහොමද කියල



මේ තියෙන්නේ හපුතලේ ඉඳන් බෙරගලට එනකල් ගත්ත එකක් Andoer එකෙන්



දැන් බලමු selfie ස්ටික් එකට සෙට් කරලා ගත්ත එකක්



මේ තියෙන්නේ Timelaps ගත්ත එකක්



මේකට තව පොඩි මයික් එකකුත් ඕනි වෙනවා ඒවා පස්සේ බලමු
ඉතින් මේ වගේ එක එක ජාතියේ Video අරන් ඒවා එඩිට් කරලා අපිට Vlogs හදන්න පුළුවන්

ආ කියන්න අමතක උනානේ එඩිට් පාර දෙන්නේ මේ පොස්ට් එක බලන්න


එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා !
මතක් කරලා මගේ Youtube Channel එක Subscribe කරලා තියන්න ඉස්සරහට හොඳ ලස්සන දේවල් ටිකක් දෙන්නම්

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post