ip v4 Subnetting තේරෙන සිංහලෙන්

ඔන්න ඉතින් පින්වතුනි ip addressing lecture එකේදී එන එපාම කරපු දේ තමා සබ්නෙට් කඩන එක කියන්නේ හැබැයි ඉතින් කරන්න වෙනවනේ ඉතින් කරමු.


හරි බලමුකෝ අපි මොකක්ද මේ ip address එකක් කියන්නේ කියල ඉස්සෙල්ලම

එක මන් කලින් දාල තියනව ඒ නිසා මුලින්ම මේක කියවල බලල ඉන්න

හරි පුතාලා ටික දැන් බලමු කොහොමද අපි සබ්නෙට් වලට බහින්නේ කියල

මුලින්ම බලමු ඇයි මේ සබ්නෙට් එකක් ඕනි වෙන්නේ කියල

කලින් පොස්ට් එක කියෙව්වා නම් දැනගන්න තිබ්බ ip කොහොමද අපතේ යන්නේ කියල

ඉතින් හිතන්න මැෂින් 220ක් වගේ නම් තියෙන්නේ ඇත්තටම අපිට අමුතුවෙන් සබ්නෙට් කඩන්න ඕනි නැනේ නේද මොකද කලින් පොස්ට් එක කියෙව්වා නම් දැනගන්න තිබ්බ class c එකකින් පුළුවන් හොස්ට් ල 224 කට ip දෙන්න සු ගාල

එත් කේස් එක එන්නේ එතන නෙමේ මැෂින් තියෙන්නේ 200යි printer 4කුයි රවුටර් 2කුයි තියනවා දැන් බලමු ඔක්කොම node තියනව 220+ 4 + 2 = 226ක් තියනවා
ට සිරි කිව්වලු class c එකේ දාන්න පුළුවන් ගාන 224යි එතකොට අනිත් 2ක මොකද කරන්නේ?

ඔව් ඉතින් class B එකක් අරන් දානවා කියයි පැනපු ගමන්
නෑ ඇයි network 2කට කඩල දාන්නත් පුළුවන් නේ කියයි සමහරු

class b වල පුළුවන් 65534ක්
දැන් class b එකක් දැම්ම කියමුකෝ 65534 ක් පුළුවන් එකෙන් අපි ගන්නේ 226 යි
ඒ කියන්නේ 65308ක් අපතේ යවනවා
දැන් කියයි ඉතින් lan එක මගේ නම් අපිට පාන් ද කියල
එහෙමත් පුළුවන් තමා

හැබැයි ඒ වගේ දේවල් වලදී මීට වඩා professional වෙන්න වෙනවා

ඉතින් අපි සබ්නෙට් වලට බහිමු

මුලින්ම පොඩියට පටන් ගමු

ඔන්න දැන් ඔයාට කියනවා class c ip එකකින් lan 5ක් හදන්න කියල එකනේ සිම්පල් ම දේ එතකොට ඔයා කොහොමද කරන්න ඕනි කියල බලමු

ඉස්සෙල්ලම අහන්න ඕනි දේ තමා හොස්ට් ලා කි දෙනෙක් වගේ ඉන්න ඒවාද කියල අන්න ඒවා තමා network admin කෙනෙක් උනාම මිටරෙන් ඉන්න ඕනි තැන්

මොකද කියල කිව්වොත් class c එකකකින් හොස්ට් ල 100 යේ කෑලි 5ක් හදන්න බෑනේ
අන්න ඒ වගේ දේවල් වෙනවා ඉතින් එතකොට බලන්න මේ පින්තුරේ තියනව කොහොමද හොස්ට් ලා ගාන සෙට් කරගන්නේ කියල



මේවා ඉතින් බල බල ඉන්න බෑනේ ඉතින් අපි බලමු කොහොමද කියල 192.168.1.0 කියන අපි එකෙන් හොස්ට් ල 30 ක් වගේ සෙට් වෙන්න නෙට්වර්ක් 5ක් හදාගන්නේ කියල

ඉස්සෙල්ලම බලන්න 192.168.1.0 කියන එක binary වලට convert කරලා මොකද එතනින් තමා පුතේ මේක තේරුම් ගන්න පුළුවන්


මේ උඩින් තියෙන්නේ normal class c එකක ip එකයි subnet එකයි කොහොමද සෙට් වෙන්නේ කියල

කොළ පාටින් තියන බිට් 8 එන්න පුළුවන් වර්ග 255 තමා 1 සහ 0 වලින් පෙන්නන්නේ
අන්න එක නිසයි class c සබ්නෙට් එකක node 254ක් පුළුවන් වෙන්නේ
00000000 අපි ගන්නේ නෙට් id කියල 11111111 අපි ගන්නේ broadcast id කියල ඉතින් මේ 0 - 255 දක්වා ඇති ip 256න් 0 සහ 255 යන ip දෙක අයින් කරලා usable හොස්ට් ip ගණන් 254ක් කියල අපි කියන්නේ මේ හේතුව නිසයි

දැන් අපිට කිව්වේ සබ්නෙට් හදන්න කියලනේ ඉතින් දැන් බලමු කොහොමද ඒ වැඩේ කරන්නේ කියල

ඒකට අපිට ඉස්සර නම් කියල දුන්නේ නෙට්වර්ක් ගානටයි හොස්ට් ගානටයි මේ සමීකරණය දාල හදාගන්න කියල

නෙට්වර්ක් ගණන බලන්න


හොස්ට් ගණන බලන්න
හරි අපි දැන් අපේ ගානට මේක ආදේශ කරලා බලමු
ආ කියන්න අමතක උනා මෙහෙමයි සීන් එක ඉස්සර රවුටර් වල Subnet Zero සහ Subnet One කියන සීන් එකක් ආව ඒත් දැන් එහෙම එකක් නෑ


හරි දැන් බලමු අපේ ගාන

හදන්න කිව්වේ නෙට්වර්ක් 5යි නේ

ඒවා ගන්න වෙන්නේ 2කෙ බල වලින් නේ දැන් බලමු


දැන් ඔයාලට පේනවා 2කෙ 3න් වෙනි බලය ඒ කියන්නේ 8 ක් සෙට් වෙනවා ඇත්තටම
මොකද ඊට පහලින් තියෙන්නේ 4 නිසා

දැන් අපි සබ්නෙට් එකෙන් බිට් 3ක් ගමු නෙට්වර්ක් පැත්තට


දැන් ඔයාලට පේනවා ඇති ඉතුරු වෙලා තියෙන්නේ හොස්ට් bits 5ක් කියල සහ අලුතෙන් නෙට්වර්ක් bits පැත්තට බිට් 3ක් ගිහින් කියල

එතකොට මොකද වෙන්නේ බිට් තුනකින් නිරුපනය කරන්න පුළුවන් ලොකුම binary සංඛ්‍යාව වෙන්නේ 8 (111) සහ බිට් 5කින් 32ක් (11111) ක් නිරුපනය කරන්න පුළුවන් කියල


ඉතින් 5ක් හදන්න කිව්වට ඇත්තටම නෙට්වර්ක් 8ක් හැදිලා තියනවා
අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා

පලවෙනි සබ්නෙට්වර්ක් එක



හරි දැන් මේ සබ්නෙට්වර්ක් එකේ යන්න පුළුවන් උපරිම හොස්ට් ගණන ඇවිල්ලා 30යි නේ

ඒක වෙන්නේ කොහොමද කියල බලමු


ඔය විදිහටම බලමු අනිත් නෙට්වර්ක් ටිකත් අරන්



හරි දැන් 5යි නේ කඩන්න කිව්වේ අපිට 8ක් ම ආව ඉතින් කැමති සබ්නෙට් 5ක් දෙන්න තමා තියෙන්නේ හැබැයි හොඳම දේ 000 සහ 111 මුලට ආව ඒවා අයින් කරලා දෙන්න එක ලේසියි.

එහෙනම් ඊළඟට බලමු VLSM ගැන.


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post