වාහනයේ අයිතිය අප රටේ දිනපතා සිදුවන රිය අනතුරු බහුල වෙමින් පවතින බව ඔබ හොදින්ම දන්නා කරුණකි.රිය අනතුරක් සිදුවූ විට නඩු දෙකටම මැදිහත් වීමට රියදුරන්ට හා වාහන හිමියන්ට සිදුවේ.එම නිසා මේ පිළිබද අනිවාර්ය දැනුමක් තිබීම ඔබට ඉතාම වැදගත් වේවි.ඉන් පළමුවැන්න නම් රිය අනතුරක් සිදුවූ විට රටේ නීති රීති කඩකිරීම පිළිබදව අනතුර සිදුවන මොහොතේ රථය ධාවනය කල රියදුරුට විරුද්ධව මහේස්ත්‍රාත් උසාවියේදී නඩු පැවරීමයි.එහිදී ඇතැම් වැරදි වලට දඩ ගෙවීමටත් තවත් ඒවාට සිර දඩුවම් විදීමටත් රියදුරාට සිදුවේ. එසේම දෙවැනි නඩුකරය නම් රිය අනතුර සිදුවීමෙන් අනතුරට පත් පාර්ශවය විසින් එම අනතුරින් තමන්ට සිදුවූ අගතියට හානි පුර්ණය කරගැනීම සදහා රියදුරාට හා වාහන හිමියාට එරෙහි වූ දිසා අධිකරණයට යොමු කරනු ලබන රිය අනතුරු වන්දි නඩුවයි.මෙම නඩුව පැවරීමට පොලීසිය මගින් මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවරු නඩුව අවසන් වන තෙක් සිටිය යුතු නැත.අනතුර සිදුවී වසර 2ක් කාලයක් තුල මෙම නඩුව පැවරීමේ හැකියාව පවතී. මෝටර් රථ මාර්ගයෙහි ඉදිරියට ධාවනය කිරීම හා ධාවනයේ යෙදෙන අතරතුර දකුණට හෝ වමට හැරවීමේදී සහ අවශ්‍ය වූ විටක යළි පැමිණි මාර්ගයෙහිම ගමන් කිරීම සදහා පසුපසට හැරවීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබදව නීත්‍යනුකුල විධිවිධාන රාශියක් තිබෙන නමුත් අනතුර සිදුවන නිවසේදී එය වළක්වා ගැනීම සදහා අවස්ථාවට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සෑම වාහන පදවන රියදුරෙකුගේම යුතුකමක් වේ. එලෙසම පනතට අනුව කිසිම තැනැත්තෙකු විසින් තමාගේ නමින් ලියාපදිංචි කොට නමැති මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම හෝ පාවිච්චි කිරීම නීතියෙන් තහනම් වේ.එසේම වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව කිසිදු මෝටර් රථ වාහනයක් ළග තබා ගැනීම හෝ භාවිතා කිරීම නීති විරෝධී වේ. නමුත් මෝටර් රථ නිෂ්පාදකයින්ට මෙන්ම විකිණීම සදහා පිටරටින් වාහන ගෙන්වන වෙළෙන්දන්ට,ලියාපදිංචි නොකරන ලද වාහන විකුණන තෙක් මහා මාර්ගයේ ධාවනය නොකර තමන් සන්තකයේ තබා ගත හැකිය. යම් මෝටර් රථයක අයිතිකරු ශ්‍රී ලංකාවෙන් පිටත මාස 02 කට අධික කාලයක් පදිංචිව සිටින විට එම වාහනයේ තාවකාලික අයිතිකරු වශයෙන් ලංකාවේ පදිංචි කෙනෙකු ඇටෝර්නි බලපත්‍රයක් මගින් පත්කර ගත හැකිය. වාහනය පුර්ණව රක්ෂණය කිරීම වාහන මහා මාර්ගයෙහි ධාවනය කිරීමට පළමුව රක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ.වාහනයක් සම්පුර්ණ වගකීම සහිතව රක්ෂණය කිරීමට ඔබ සැලකිලිමත් වීම වැදගත්ය.එවිට වාහනයට මෙන්ම එම වාහනයේ ගමන් කරන්නන්ට,හෝ වාහනයෙන් හානියට පත් දේපළ වලට මහමග ගමන් ගන්නා මගීන්ට හා වෙනත් වාහනවලට සිදුවිය හැකි හානි පුර්ණය සිදු කෙරේ. තුන්වැනි පාර්ශව රක්ෂණය ගාස්තු අධික බැවින් බොහෝ වාහන හිමියන් තම වාහන හිමියන් තම වාහන සම්පුර්ණයෙන් රක්ෂණය නොකර තුන්වෙනි පාර්ශවයට සිදුවිය හැකි අනතුරුවලින් පමණක් ආරක්ෂා වීම සදහා බොහෝවිට යොමුවේ. මෙහිදී වාහනයට හෝ එහි ගමන් කරන්නන්ට සිදුවිය හැකි හානිවලට රක්ෂණ ව්‍යාපාරය වග නොකියන නමුත් තුන්වෙනි පාර්ශවයක් ලෙස සැලකෙන මහා මාර්ගයේ ගමන් ගන්නා මගීන් සහ අවට ඇති දේපළ වලට එම වාහනයෙන් සිදුවන අනතුරු සදහා පමණක් හානි පුර්ණය කෙරේ.අවම වශයෙන් තුන්වෙනි පාර්ශවය පමණක් ආවරණය වන හෝ රක්ෂණයක් ලබා නොගෙන කිසිදු වාහනයක් මහා මාර්ගයන්හි ධාවනය කිරීම තහනම් වේ. ඒ කෙසේ වෙතත් රියදුරන් විසින් ඕනෑකමින් ම කෙනෙකු වාහනයට යටකොට මරණයට පත් කළ හොත් හෝ කෙනෙකු සිය දිවි හානි කර ගැනීමට ක්ෂණිකව වාහනය ඉදිරියට පැනීම හේතුවෙන් මරණය සිදුකර ගතහොත් එම වැරදිකර පාර්ශවයන්ට වන්දි ගෙවීමට රක්ෂණ ආයතනය බැදී නැත. වාහන හිමියන් තම වාහන රක්ෂණය කිරීමේදී තම රක්ෂණ ගිවිසුම හොදින් කියවා රක්ෂණ කොන්දේසි මොනවාදැයි අවබෝධ කරගෙන එකගවීම වැදගත් වේ.එවිට රක්ෂණ ඔප්පුවලට අයුක්ති සහගත කොන්දේසි ඇතුලත් කිරීම හෝ රක්ෂණය සමාගම වගකීමෙන් මුක්ත වීමේ කොන්දේසි ඇතුලත් වී ඇත්නම් එය වළකා ගැනීමට ඔබට හැකියාව ලැබෙයි. රියදුරු බලපත්‍ර වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව කිසිදු මෝටර් රථයක් පැදවීමට නීතියෙන් අවසර නැත.එසේම වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට වාහනයක් ධාවනය කිරීමට අවසර ලබා දීම හෝ සේවයෙහි නියුක්ත කිරීමද නීතිවිරෝධී දඩුවම් ලැබිය හැකි වරදක් වේ.එහෙත් රියදුරු බලපත්‍රය ලබාගැනීම සදහා වාහන පැදවීමට පුහුණු වන්නන් හට පුහුණුකරුවෙකු සහිතව බලපත්‍රයක් රහිතව පුහුණු වීමේ කාර්යය සිදුකල හැකිය. මෝටර් රථ වාහන ධාවනය කිරීම හා හැසිරවීම පිළිබද විධිවිධාන රාශියක් තිබෙන නමුත් අනතුරක් වළක්වා ගැනීම සදහා අවස්ථාවට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සෑම වාහන පදවන රියදුරෙකුගේම යුතුකම වේ. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගැනීමන් පසුව කිසිම තැනැත්තෙකු විසින් මහා මාර්ගයෙහි මෝටර් රථ වාහන පැදවීම නොකළ යුතු වේ.මත්පැන් පානය කර ඇති රියදුරෙකු යම් පොලිස් නිළධාරියෙකු සැක කරන අවස්ථාවක එම තැනැත්තා ප්‍රශ්වාස පරීක්ෂණයකට ලක් වීමට ඒ තැනැත්තා ප්‍රතික්ෂේප කරන විට ඒ තැනැත්තා මත්පැන් ගෙන ඇති බවට පුර්ව නිගමනය කරනු ලැබේ. මෝටර් රථ වාහන පනතේ 151 (1) අතුරු වගන්තිය අනුව මත්පැන් බී රිය පදවමින් යම් අයෙකු වරදක් කර ඇති බවට පොලිස් නිලධාරියෙකු සාධාරණව විශ්වාස කරනු ලැබූ අවස්ථාවක එම තැනැත්තා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගැනීමට එම පොලිස් නිලධාරියාට බලය ඇත. අපරික්ෂාකාරීව අනතුරුදායක ආකාරයෙන් හෝ අන්තරාදායක වේගයකින් මහා මාර්ගය පාවිච්චි කරන වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව මහා මාර්ගයෙහි රථ වාහන ධාවනය කිරීම වරදකි. මෝටර් රථ වාහන පනතේ 153 වන වගන්තිය අනුව පදවන වාහනයේ ගියර් මාරු කරන සහ සංඥාවක් දෙන අවස්ථාවලදී හැර වාහනය පදවන සෑම විටම රියදුරුගේ අත්දෙකම සුක්කානම මත තබා ගත යුතුය.එමෙන්ම මෝටර් රථයක ඉදිරි ආසනයෙහි රියදුරුට අතිරේකව තවත් දෙදෙනෙකුට ගමන් කිරීමට අවසර නොමැත. රිය අනතුරක් වූ අවස්ථාවකදී මහා මාර්ගයක දී මෝටර් රථයකින් යම් තැනැත්තෙකුට ,දේපළකට හෝ අනතුරක් වූ අවස්ථාවක රියදුරු විසින් වාහනය වහාම නතර කල යුතු වේ.අනතුරට පත් වූ තැනැත්තාගේ තත්වය අන්තරාදායක බව පෙනී ගියහොත් වහාම ඒ තැනැත්තා ආරෝග්‍යශාලාවකට හෝ වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් ළගම ඇති පොලීසියට හැකි ඉක්මනින් අනතුර පිළිබද වාර්තා කල යුතු වේ. මෝටර් රථ වාහනයේ අයිතිකරු විසින් අනතුර සිදුවූ අවස්ථාවේ තමා එහි සිටියත් නැතත් පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාම නිලධාරියෙකු ඉල්ලා සිටියහොත් අනතුර සිදුවූ අවස්ථාවේ වාහනයේ සිටි රියදුරගේත් ඒ තුල සිටි අනෙකුත් සියලු අයගෙත් නම් ලිපිනයන් ආදී සියලු තොරතුරු සැපයීමටත් බැදී සිටිය යුතු වේ.එසේම නීතිමය අවශ්‍යතාවය මත ඉල්ලා සිටින විටකදී එම වාහනයේ රක්ෂණ සහතිකය ,ආදායම් බලපත්‍රය ඉදිරිපත් කිරීමට ද, වාහනයේ අයිතිකරු බැදී සිටියි. මහා මාර්ග වල වාහන නවතා තැබීමේදී අනෙකුත් රථවාහන වල ගමනාගමනයන් අවහිර නොවන සේ වාහනය හැකිතාක් මාර්ගයේ අයිනට වන්නට නවතා එන්ජිම ක්‍රියා විරහිත කල යුතුය.හදිසි අනතුරක්,යාන්ත්‍රික දෝෂයක් හෝ ටයර් අක්‍රීය වීමක් නිසා රාත්‍රියකදී මහා මාර්ගයේ මෝටර් රථයක් තබා යාමට සිදුවන අවස්ථාවකදී රථයේ ඉදිරිපස ආලෝකමත් කර තිබිය යුතුය. මෝටර් රථ වාහන පනතට එකතු වූ 2009/08 දරණ නව සංශෝධනයට පෙර වාහන අනතුරකදී සිදුවූ අලාභයන් අයකර ගැනීමට දිසා අධිකරණයක පනවන නඩුවකදී 106 වගන්තිය ප්‍රකාරව රක්ෂණ ආයතනය වෙත දැනුම් දීමක් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් වුවද නව සංශෝධනය අනුව රක්ෂණ ආයතනයද නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කල යුතු බව ඔබ මතක තබා ගත යුතුය.එසේ නොවුන හොත් ඔබට රක්ෂණ ආයතනයෙන් වන්දි ලබා ගැනීමට නොහැකිවනු ඇත. මෝටර් රථ වාහන පිළිබදව දැනට බලපවත්වාන්නාවූ මෙම ප්‍රධාන නීති පද්ධතිය අන්තර්ගත වී ඇති 1951/අංක 14 දරන මෝටර් රථ වාහන පනත 1952 අංක 01 සිට 2009/08 දරන සංශෝධනය දක්වා 27 වතාවකට ආසන්න වාර ගණනක් සංශෝධන පනත් මගින් වරින්වර සංශෝධනය වී තිබේ.එසේම වර්තමානයේ සිදුවෙමින් පවතින අසීමිත වූ රිය අනතුරු අවම කර ගැනීම පිණිස නැවත වරක් සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.මෙලෙස බොහෝ වාර ගණනක් සංශෝධනය වීමෙන් ම මෙහි වැදගත්කම තහවරු වේ.එහෙත් කොතරම් නීති මගින් කොතරම් වන්දි ප්‍රමාණයක් ඔබට ලබා දුන්නද කොයිතරම් හෝ මිලක් ගෙවා ජීවිතය යලි ලබාගත නොහැකිය.සියල්ලන්ටම වඩා ඔබේ ජීවිතය වටිනා බැවින් ඔබේ ගමන ආරක්ෂාකාරීව යාමට හැකි උපරිම ලෙස උත්සහ ගන්න.
FB ඉන්නකොට දැක්කේ ඔයාලටත් වටිනවා කියල හිතුන නිසා දැම්මේ ඉතින් ඉතින් ස්තුතිය යන්න ඕනි දාපු කෙනාටම තමා

වාහනයේ අයිතිය

අප රටේ දිනපතා සිදුවන රිය අනතුරු බහුල වෙමින් පවතින බව ඔබ හොදින්ම දන්නා කරුණකි.රිය අනතුරක් සිදුවූ විට නඩු දෙකටම මැදිහත් වීමට රියදුරන්ට හා වාහන හිමියන්ට සිදුවේ.එම නිසා මේ පිළිබද අනිවාර්ය දැනුමක් තිබීම ඔබට ඉතාම වැදගත් වේවි.ඉන් පළමුවැන්න නම් රිය අනතුරක් සිදුවූ විට රටේ නීති රීති කඩකිරීම පිළිබදව අනතුර සිදුවන මොහොතේ රථය ධාවනය කල රියදුරුට විරුද්ධව මහේස්ත්‍රාත් උසාවියේදී නඩු පැවරීමයි.එහිදී ඇතැම් වැරදි වලට දඩ ගෙවීමටත් තවත් ඒවාට සිර දඩුවම් විදීමටත් රියදුරාට සිදුවේ.

එසේම දෙවැනි නඩුකරය නම් රිය අනතුර සිදුවීමෙන් අනතුරට පත් පාර්ශවය විසින් එම අනතුරින් තමන්ට සිදුවූ අගතියට හානි පුර්ණය කරගැනීම සදහා රියදුරාට හා වාහන හිමියාට එරෙහි වූ දිසා අධිකරණයට යොමු කරනු ලබන රිය අනතුරු වන්දි නඩුවයි.මෙම නඩුව පැවරීමට පොලීසිය මගින් මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවරු නඩුව අවසන් වන තෙක් සිටිය යුතු නැත.අනතුර සිදුවී වසර 2ක් කාලයක් තුල මෙම නඩුව පැවරීමේ හැකියාව පවතී.

මෝටර් රථ මාර්ගයෙහි ඉදිරියට ධාවනය කිරීම හා ධාවනයේ යෙදෙන අතරතුර දකුණට හෝ වමට හැරවීමේදී සහ අවශ්‍ය වූ විටක යළි පැමිණි මාර්ගයෙහිම ගමන් කිරීම සදහා පසුපසට හැරවීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබදව නීත්‍යනුකුල විධිවිධාන රාශියක් තිබෙන නමුත් අනතුර සිදුවන නිවසේදී එය වළක්වා ගැනීම සදහා අවස්ථාවට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සෑම වාහන පදවන රියදුරෙකුගේම යුතුකමක් වේ.

එලෙසම පනතට අනුව කිසිම තැනැත්තෙකු විසින් තමාගේ නමින් ලියාපදිංචි කොට නමැති මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම හෝ පාවිච්චි කිරීම නීතියෙන් තහනම් වේ.එසේම වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව කිසිදු මෝටර් රථ වාහනයක් ළග තබා ගැනීම හෝ භාවිතා කිරීම නීති විරෝධී වේ.

නමුත් මෝටර් රථ නිෂ්පාදකයින්ට මෙන්ම විකිණීම සදහා පිටරටින් වාහන ගෙන්වන වෙළෙන්දන්ට,ලියාපදිංචි නොකරන ලද වාහන විකුණන තෙක් මහා මාර්ගයේ ධාවනය නොකර තමන් සන්තකයේ තබා ගත හැකිය.

යම් මෝටර් රථයක අයිතිකරු ශ්‍රී ලංකාවෙන් පිටත මාස 02 කට අධික කාලයක් පදිංචිව සිටින විට එම වාහනයේ තාවකාලික අයිතිකරු වශයෙන් ලංකාවේ පදිංචි කෙනෙකු ඇටෝර්නි බලපත්‍රයක් මගින් පත්කර ගත හැකිය.


වාහනය පුර්ණව රක්ෂණය කිරීම

වාහන මහා මාර්ගයෙහි ධාවනය කිරීමට පළමුව රක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ.වාහනයක් සම්පුර්ණ වගකීම සහිතව රක්ෂණය කිරීමට ඔබ සැලකිලිමත් වීම වැදගත්ය.එවිට වාහනයට මෙන්ම එම වාහනයේ ගමන් කරන්නන්ට,හෝ වාහනයෙන් හානියට පත් දේපළ වලට මහමග ගමන් ගන්නා මගීන්ට හා වෙනත් වාහනවලට සිදුවිය හැකි හානි පුර්ණය සිදු කෙරේ.


තුන්වැනි පාර්ශව රක්ෂණය

ගාස්තු අධික බැවින් බොහෝ වාහන හිමියන් තම වාහන හිමියන් තම වාහන සම්පුර්ණයෙන් රක්ෂණය නොකර තුන්වෙනි පාර්ශවයට සිදුවිය හැකි අනතුරුවලින් පමණක් ආරක්ෂා වීම සදහා බොහෝවිට යොමුවේ.

මෙහිදී වාහනයට හෝ එහි ගමන් කරන්නන්ට සිදුවිය හැකි හානිවලට රක්ෂණ ව්‍යාපාරය වග නොකියන නමුත් තුන්වෙනි පාර්ශවයක් ලෙස සැලකෙන  මහා මාර්ගයේ ගමන් ගන්නා මගීන් සහ අවට ඇති දේපළ වලට එම වාහනයෙන් සිදුවන අනතුරු සදහා පමණක් හානි පුර්ණය කෙරේ.අවම වශයෙන් තුන්වෙනි පාර්ශවය පමණක් ආවරණය වන හෝ රක්ෂණයක් ලබා නොගෙන කිසිදු වාහනයක් මහා මාර්ගයන්හි ධාවනය කිරීම තහනම් වේ.

ඒ කෙසේ වෙතත් රියදුරන් විසින් ඕනෑකමින් ම කෙනෙකු වාහනයට යටකොට මරණයට පත් කළ හොත් හෝ කෙනෙකු සිය දිවි හානි කර ගැනීමට ක්ෂණිකව වාහනය ඉදිරියට පැනීම හේතුවෙන් මරණය සිදුකර ගතහොත් එම වැරදිකර පාර්ශවයන්ට වන්දි ගෙවීමට රක්ෂණ ආයතනය බැදී නැත.

වාහන හිමියන් තම වාහන රක්ෂණය කිරීමේදී තම රක්ෂණ ගිවිසුම හොදින් කියවා රක්ෂණ කොන්දේසි මොනවාදැයි අවබෝධ කරගෙන එකගවීම වැදගත් වේ.එවිට රක්ෂණ ඔප්පුවලට අයුක්ති සහගත කොන්දේසි ඇතුලත් කිරීම හෝ රක්ෂණය සමාගම වගකීමෙන් මුක්ත වීමේ කොන්දේසි ඇතුලත් වී ඇත්නම් එය වළකා ගැනීමට ඔබට හැකියාව ලැබෙයි.


රියදුරු බලපත්‍ර

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව කිසිදු මෝටර් රථයක් පැදවීමට නීතියෙන් අවසර නැත.එසේම වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට වාහනයක් ධාවනය කිරීමට අවසර ලබා දීම හෝ සේවයෙහි නියුක්ත කිරීමද නීතිවිරෝධී දඩුවම් ලැබිය හැකි වරදක් වේ.එහෙත් රියදුරු බලපත්‍රය ලබාගැනීම සදහා වාහන පැදවීමට පුහුණු වන්නන් හට පුහුණුකරුවෙකු සහිතව බලපත්‍රයක් රහිතව පුහුණු වීමේ කාර්යය සිදුකල හැකිය.

මෝටර් රථ වාහන ධාවනය කිරීම හා හැසිරවීම පිළිබද විධිවිධාන රාශියක් තිබෙන නමුත් අනතුරක් වළක්වා ගැනීම සදහා අවස්ථාවට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සෑම වාහන පදවන රියදුරෙකුගේම යුතුකම වේ.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගැනීමන් පසුව කිසිම තැනැත්තෙකු විසින් මහා මාර්ගයෙහි මෝටර් රථ වාහන පැදවීම නොකළ යුතු වේ.මත්පැන් පානය කර ඇති රියදුරෙකු යම් පොලිස් නිළධාරියෙකු සැක කරන අවස්ථාවක එම තැනැත්තා ප්‍රශ්වාස පරීක්ෂණයකට ලක් වීමට ඒ තැනැත්තා ප්‍රතික්ෂේප කරන විට ඒ තැනැත්තා මත්පැන් ගෙන ඇති බවට පුර්ව නිගමනය කරනු ලැබේ.

මෝටර් රථ වාහන පනතේ 151 (1) අතුරු වගන්තිය අනුව මත්පැන් බී රිය පදවමින් යම් අයෙකු වරදක් කර ඇති බවට පොලිස් නිලධාරියෙකු සාධාරණව විශ්වාස කරනු ලැබූ අවස්ථාවක එම තැනැත්තා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගැනීමට එම පොලිස් නිලධාරියාට බලය ඇත.

අපරික්ෂාකාරීව අනතුරුදායක ආකාරයෙන් හෝ අන්තරාදායක වේගයකින් මහා මාර්ගය පාවිච්චි කරන වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව මහා මාර්ගයෙහි රථ වාහන ධාවනය කිරීම වරදකි.

මෝටර් රථ වාහන පනතේ 153 වන වගන්තිය අනුව පදවන වාහනයේ ගියර් මාරු කරන සහ සංඥාවක් දෙන අවස්ථාවලදී හැර වාහනය පදවන සෑම විටම රියදුරුගේ අත්දෙකම සුක්කානම මත තබා ගත යුතුය.එමෙන්ම මෝටර් රථයක ඉදිරි ආසනයෙහි රියදුරුට අතිරේකව තවත් දෙදෙනෙකුට ගමන් කිරීමට අවසර නොමැත.


රිය අනතුරක් වූ අවස්ථාවකදී

මහා මාර්ගයක දී මෝටර් රථයකින් යම් තැනැත්තෙකුට ,දේපළකට හෝ අනතුරක් වූ අවස්ථාවක රියදුරු විසින් වාහනය වහාම නතර කල යුතු වේ.අනතුරට පත් වූ තැනැත්තාගේ තත්වය අන්තරාදායක බව පෙනී ගියහොත් වහාම ඒ තැනැත්තා ආරෝග්‍යශාලාවකට හෝ වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් ළගම ඇති පොලීසියට හැකි ඉක්මනින් අනතුර පිළිබද වාර්තා කල යුතු වේ.

මෝටර් රථ වාහනයේ අයිතිකරු විසින් අනතුර සිදුවූ අවස්ථාවේ තමා එහි සිටියත් නැතත් පොලිස් නිලධාරියෙකු හෝ ග්‍රාම නිලධාරියෙකු ඉල්ලා සිටියහොත් අනතුර සිදුවූ අවස්ථාවේ වාහනයේ සිටි රියදුරගේත් ඒ තුල සිටි අනෙකුත් සියලු අයගෙත් නම් ලිපිනයන් ආදී සියලු තොරතුරු සැපයීමටත් බැදී සිටිය යුතු වේ.එසේම නීතිමය අවශ්‍යතාවය මත ඉල්ලා සිටින විටකදී එම වාහනයේ රක්ෂණ සහතිකය ,ආදායම් බලපත්‍රය ඉදිරිපත් කිරීමට ද, වාහනයේ අයිතිකරු බැදී සිටියි.

මහා මාර්ග වල වාහන නවතා තැබීමේදී අනෙකුත් රථවාහන වල ගමනාගමනයන් අවහිර නොවන සේ වාහනය හැකිතාක් මාර්ගයේ අයිනට වන්නට නවතා එන්ජිම ක්‍රියා විරහිත කල යුතුය.හදිසි අනතුරක්,යාන්ත්‍රික දෝෂයක් හෝ ටයර් අක්‍රීය වීමක් නිසා රාත්‍රියකදී මහා මාර්ගයේ මෝටර් රථයක් තබා යාමට සිදුවන අවස්ථාවකදී රථයේ ඉදිරිපස ආලෝකමත් කර තිබිය යුතුය.

මෝටර් රථ වාහන පනතට එකතු වූ 2009/08 දරණ නව සංශෝධනයට පෙර වාහන අනතුරකදී සිදුවූ අලාභයන් අයකර ගැනීමට දිසා අධිකරණයක පනවන නඩුවකදී 106 වගන්තිය ප්‍රකාරව රක්ෂණ ආයතනය වෙත දැනුම් දීමක් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් වුවද නව සංශෝධනය අනුව රක්ෂණ ආයතනයද නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කල යුතු බව ඔබ මතක තබා ගත යුතුය.එසේ නොවුන හොත් ඔබට රක්ෂණ ආයතනයෙන් වන්දි ලබා ගැනීමට නොහැකිවනු ඇත.

මෝටර් රථ වාහන පිළිබදව දැනට බලපවත්වාන්නාවූ මෙම ප්‍රධාන නීති පද්ධතිය අන්තර්ගත වී ඇති 1951/අංක 14 දරන මෝටර් රථ වාහන පනත 1952 අංක 01 සිට 2009/08 දරන සංශෝධනය දක්වා 27 වතාවකට ආසන්න වාර ගණනක් සංශෝධන පනත් මගින් වරින්වර සංශෝධනය වී තිබේ.එසේම වර්තමානයේ සිදුවෙමින් පවතින අසීමිත වූ රිය අනතුරු අවම කර ගැනීම පිණිස නැවත වරක් සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.මෙලෙස බොහෝ වාර ගණනක් සංශෝධනය වීමෙන් ම මෙහි වැදගත්කම තහවරු වේ.එහෙත් කොතරම් නීති මගින් කොතරම් වන්දි ප්‍රමාණයක් ඔබට ලබා දුන්නද කොයිතරම් හෝ මිලක් ගෙවා ජීවිතය යලි ලබාගත නොහැකිය.සියල්ලන්ටම වඩා ඔබේ ජීවිතය වටිනා බැවින් ඔබේ ගමන ආරක්ෂාකාරීව යාමට හැකි උපරිම ලෙස උත්සහ ගන්න.


ඇක්සිඩන්ට් එකකදි කිසිම වරදක් කරපු නැති ඔබත් අනතුරක් වලක්වා නොගැනීම චෝදනාවට ලක් වෙලා ද ?
මම මුලින්ම මේ උපදෙස් උපදෙස් මාලාව හරහා ලබා දීමට බලාපොරොත්තු වන්නේ රථ වාහන නීතිය සම්බන්ධව .ඊට හේතුව විදියට මම දකින්නේ කිසි දවසක අධිකරණයකට යෑමට හිතලවත් නැති අයට පවා තමන් කිසිදු වරදක් කර නොමැති අවස්ථාවක පවා රථ වාහන වැරදි වලට විත්තිකරුවන් වෙලා අධිකරණයට යන්න සිද්ධවෙලා තියනවා.ඒ වගේ ගොඩක් අවස්ථාවලදී රියදුරන් කියන්නේ තමන්ගේ අතේ කිසිම වරදක් තිබුන් නැති බව .ඒ වගේ අවස්ථා වල ගොඩක් වෙලාවට නගල තියන චෝදනාව තමයි "අනතුරක් වලක්වා නොගැනීම" කියන චෝදනාව .මෙම චෝදනාව කියවෙන්නේ මෝටර් වාහන පනතේ 149 වැනි වගන්තියෙන් .එය මෙසේ දක්වා තිබෙනවා .
"148 වැනි වගන්තියෙහි කුමක් සඳහන්ව ඇතත් ,යම් අනතුරක් වැළැක්වීමට වැළැක්වීමට අවශ්‍ය වන යම් ක්‍රියා මාර්ගයක් ගැනීම මහා මාර්ගයක ඇති සෑම මෝටර් වාහනයක රියදුරෙකුගේම යුතුකම වන්නේය. එසේම මාර්ගයක ඇති යම් මෝටර් වාහනයක රියදුරු විසින් 148 වැනි වගන්තියේ විධිවිධාන කිසිවක් කඩ කිරීම ඒ අවස්ථාවේදී මාර්ගයේ වෙනත් යම් මෝටර් වාහනයක රියදුරකු වෙත149 (1) වගන්තියෙන් නියම කර ඇති යුතුකම සම්බන්ධයෙන් ඇතිවූ කඩකිරීමකින් ඔහු නිදහස් කරනු ලබන්නේ යැයි සලකනු නොලැබිය යුතුය." ඒ අනුව එම වගන්තියෙන් පෙනී යනවා මාර්ගයක වාහනයක් ධාවනය කරන සෑම රියැදුරකුම අනතුරක් වලක්වා ගැනීමට තමන් විසින් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ලබාගත යුතු බව.ඒ වගේම එම වදන් තියේ තියෙයි ඉතිරි කොටසින් පෙනී යනවා ඔහු විසින් පියවර ගෙන තිබියදී පවා අනෙක් රියදුරා වැරදි ක්‍රියාවක් කර තිබුණේ වුවද ඔහු වගකීමෙන් නිදහස් වෙන්නේ නෑ කියලා.
ඉතින් ඒ අනුව එම වගන්තිය පදනම් කරගනිමින් බොහෝ අවස්ථාවලදී පොලිසිය විසින් අධිකරණයේදී අනතුරට පත්වෙච්ච වාහන දෙකේම රියදුරු දෙදෙනාටම විරුද්ධව මේ "අනතුරක් වලක්වා නොගැනීම" කියන චෝදනාව යටතේ නඩු පවරනවා . ඒ අනුව කිසිම වරදක් නොකරපු අහිංසක පාර්ශ්වය වුණත් ඔහු කිසිදු වැරදි ක්‍රියාවක් නොකර වුණත් , අනතුර සිද්ධ වුණේ ඔහුගේ යම් නොකර හැරීමක් නිසා නොවුණත් , "අනතුරක් වලක්වා නොගැනීම" කියන චෝදනාවට ලක්වෙනවා. එවැනි අවස්ථාවල බොහොමයක් රියදුරන් පවසන්නේ තමන් අතේ කිසිම වැරැද්දක් නැති බවත් අනෙක් රියදුරා සතුව සියළුම වැරදි ඇති බවත් අසාධාරණ ලෙස ඔවුන්ට නඩු පවරා ඇති බවත්ය . නමුත් මේ වගන්තියෙහි ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා අනෙක් රියැදුරා පනතේ පනතේ 148 වැනි වගන්තියට ගැනෙන කුමන වරදක් කරත් ,මෙම රියදුරා අනතුරක් වලක්වා නොගැනීමේ චෝදනාවට ලක් වීමෙන් වැලැක් වෙන්නේ නෑ කියලා. එහෙම බැලුවම සැබැවින්ම නීතිගරුක විනයගරුක රියදුරෙක් වුණත්, පනතේ 148 වැනි වගන්තියේ සදහන් කරුණු පිළිපදිමින් නිසි පරිදි මාර්ගයේ ගමන් කරන රියදුරකු පවා මේ චෝදනාවට ලක් වෙන්න පුළුවන් .මේ සිද්ධිය හරියට "ගහෙන් වැටුණු මිනිහට මිනිහට ගොනා ඇන්නා වගේ" එහෙම කියන්න හේතුව අනතුර වෙලා තමන්ට හානියකුත් වෙලා තියෙද්දි මෙන්න පොලීසියෙන් තව නඩුවකුත් ගොණු කරල.ඒ විදියට පොලීසිය චෝදනා ගොණු කිරීමට පදනම් කරගෙන තියෙන්නේ මම අර කලින් කිව්ව පනතේ දැක්වෙන පරිදි අනෙක් රියදුරා 148 වැනි වගන්තිය ප්‍රකාරව කුමන වරදක් කරත් මේ වගකීමෙන් අනිත් අවුරුදු රියදුරු නිදහස් නොවෙනවා කියලා සඳහන් වෙන නිසා .
හැබැයි එහෙම කිව්ව පමණින් අපි වැරදි කාරයෙක් වෙන්නෙ නෑ.බොහොමයක් වෙලාවට යම් දඩයක් ගෙවලා නඩුව කෙටියෙන් අවසන් කර ගන්නත් පුළුවන් .නමුත් එයින් ගැටලූව වන්නේ ඔහු සතු වන සිවිල් අයිතිවාසිකම් වලට අගතියක් සිදු වීමයි .ඒ නිසාම දැනට මේ චෝදනාවට ලක් වෙලා ඉන්න පුද්ගලයන්ට වගේම මාර්ගයේ වාහන ධාවනය කරන රියැදුරන්ටත් ඒ වගේ අයට උපදෙස් දෙන අයටත් පහතින් තියෙන උපදෙස් ගොඩක් වැදගත් වේවි .
මෝටර් වාහන පනතේ 149 වැනි වගන්තිය දක්වන ආකාරයට බැලූ බැල්මටම අනතුරක් වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනාවකට ඕනෑම රියැදුරෙක් වරදකාරයෙක් වෙන්න පුළුවන්.වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ගත්තම අනෙක් රියදුරා සතුව වරදකාරී බවක් තිබුණේ වුවත් අනතුරක් වළක්වා ගන්නට තරම් උත්සාහයක් දැරුවේ නෑ කියලා මේ පුද්ගලයා චෝදනාවට ලක් වෙන්න පුළුවන් .නමුත් පනතේ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් ලබා දෙන අර්ථයට එහා ගිය අර්ථයක් තිබෙන බව මෙම වගන්තියට අදාළව විනිශ්චිත නඩු තීන්දු සලකා බැලුවොත් පෙනී යනවා .
මේ සම්බන්ධයෙන් වැදගත් නඩු තීන්දුවක් විදියට Seemon Singhe Vs Scharenguivel 4 C.L.S.J. notes 08 යන නඩු තීන්දුව දක්වන්න පුළුවන් .මෙම නඩුවට අදාළව අනතුරක් වලක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම යටතේ චූදිතයාට චෝදනා නගලා තිබුණා.මෙම නඩුව විමසා බැලූ අධිකරණය තීන්දු කළේ ,එසේ චෝදනා නැගීමේ දී රියදුරා විසින් අනතුර වළක්වා ගැනීමට නොගත් අත්‍යවශ්‍ය පියවර කුමක් ද යන්න විශේෂයෙන් දැක්විය යුතු බවයි . ඒ අනුව එම නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා මෙම චෝදනාව නගලා තිබුණේ වුණත් චෝදනාව නැගීමේදී චුදිත විසින් අනතුර වලක්වා ගැනීමට නූගත් අත්‍යවශ්‍ය පියවර කුමක් ද ? චුදිත විසින් එම පියවර නොගත්තේ ද ? යන කරුණු දෙක පොලිසිය විසින් අධිකරණයේදී ඔප්පු කළ යුතු වෙනවා . ඉතින් අපි නිසි පරිදි කටයුතු කරල කියලා ඔප්පු වෙනවා නම් පොලිසියට බැරිවෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් අපිට විරුද්ධව අපි විසින් ගත යුතු අත්‍යවශ්‍ය පියවර ගත්තේ නැතැයි කියල ඔප්පු කරන්න. අපි එයින් ම නිදහස් වෙනවා. අපි මොකටද එහෙනම් නොකළ වරදකට වරද පිළි ගන්නේ ? ඉතින් පැමිණිල්ල අසමත් වූවොත් අප විසින් ගත යුතු අත්‍යවශ්‍ය පියවර ගත්තේ නැතැයි කියල ඔප්පු කරන්න අපි එයින් ම නිදහස් වෙනවා
ඒ වගේම මේ සම්බන්ධයෙන් 61 NLR 152 තව වැදගත් නඩු තීන්දුවක් සඳහන් වෙනවා. ඒ තමයි Doray Vs Inspector of Police Dehiwela කියන තීන්දුව. එම තීන්දුව දෙන අවස්ථාවේ දී ගරු අධිකරණය විසින් තීරණය කරලා තිබුණේ මෙම චෝදනාව යටතේ චෝදනා නැගීමේදී අනතුර වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම යන්න පමණක් සඳහන්ව තිබීම ප්‍රමාණවත් වෙන්නේ නෑ කියන එකයි . ඒ අනතුර වලක්වා ගැනීමට චුදිත විසින් ගත යුතුව තිබූ පියවර මොනවාද යන්නත් ,ඒවා ඔහු විසින් පිළිපැද නොමැත්තේ ද යන්නත් ,පැහැදිලිව චෝදනාවට දැක්විය යුතු බවත් ය .ඒ අනුව පෙනී යනවා චුදිත විසින් ගත යුතු පියවර මොනවා ද යන්න සහ ඔහු විසින් ඒ ගත යුතු පියවර නොගෙන තිබුණේය යන කාරණා දෙකම චෝදනාවට ඇතුළත් විය යුතු වෙනවා.ඒ වගේම ඒ කරුණු ඔප්පු කිරිම පැමිණිල්ල සතු කාර්යයක් . මොකටද එහෙනම් අපේ සිවිල් අයිතිවාසිකම් වලටත් හානි වෙන නඩුවකට කෙටියෙන් නඩුව ඉවර කරගන්න කියලා අපි වරද පිලිගන්නෙ ?මොකද අපි මොනවද නොකල කියන එක අධිකරණයට පෙන්නන්න ඕනි පොලිසිය විසින්.ඉතින් අපි අපේ තිරිංග නිසි පරිදි යොදලා අපේ වාහනේ නවත්තන්න කරන්න තියෙන ඔක්කොම කටයුතු කරලා තියෙද්දි වෙන වාහනයක් ඇවිල්ලා අපේ වාහනේ වැදුනොත් අපි අනතුරක් වලක්වා නොගැනීම යන වරද පිළිගන්න ඕනේ ද ? එහෙම ජනතාව අසාධාරණකම් වලට යටත් වෙන්න පුළුවන් නිසා තමයි එවැනි අගතියට පත් වීම් වලින් පුද්ගලයන් ආරක්ෂා කරන්න ඉහළ අධිකරණ වල ගරු උගත් විනිසුරුතුමන්ලා මේ ආකාරයෙන් නඩු තීන්දු ලබා දීලා තියෙන්නෙ .
තවත් වැදගත් නඩු තීන්දුවක් විදියට පෙරේරා එදිරිව පෙරේරා නඩුව දක්වන්න පුළුවන් .මේ නඩුව තියෙන්නෙ 59 නව නීති වාර්තා 64 වැනි පිටුවේ .එම නඩුවේ දී අධිකරණය තීරණය කළේ සියලුම නොසැලකිලිමත් රිය පැදවීමේ චෝදනා වලට කිසිදු සාධාරණ හේතුවක් හෝ සිතිවිල්ලක් නොමැතිව අනතුරක් වලක්වා නොගැනීම යන චෝදනාව එක් කිරීමෙන් වැලකී සිටීමට පියවර ගත යුතු බවයි.මෙවැනි චෝදනාවක් නැගීමේදී එය ඔප්පු කිරීමේ භාරය පැමිණිලි පක්ෂයට පැවරෙන බව ද එහිදී ඔවුන් සැකකරු අදාළ අනතුර වළක්වා නොගැනීමට එබඳු අවස්ථාවකදී නොගත් අත්‍යවශ්‍ය පියවර කුමක් ද යන්න පෙන්වා දිය යුතු බවද අධිකරණය වැඩි දුරටත් තීන්දු කරා. එහෙනම් මෙම නඩු තීන්දුවෙන් ම පේනවා නේද මෙම චෝදනාව නිකන් ගොනු කලාට බෑ මෙවැනි චෝදනාවක් නගද්දී එම චෝදනාව ඔප්පු කිරීමේ භාරය තියෙන්නෙ පොලිසියට .පොලිසිය විසින් අපට විරුද්ධ ව ඔප්පු කරන්න තියෙන චෝදනාවට මොකටද අපි කලින්ම වරද පිලිගන්නෙ ? ඒ විතරක් නෙමෙයි අනතුර වළක්වා ගෙන නොතිබීමට එබඳු අවස්ථාවක නොගත් අත්‍යවශ්‍ය පියවර කුමක් ද ?කියන එකත් පෙන්නල දෙන්න ඕනේ .එහෙනම් පේනවා නේද ඔබ නඩුවක් විභාගයට සූදානම් නම් පොලිසියේ විසින් මේ චෝදනාව ගොනු කළ පමණින්ම ඔබ වරදකරු කරන්න අධිකරණය සූදානම් වෙලා නෑ.රටේ පුරවැසියන් වන ඔබ කිසිවකුත් අධිකරණයක් විසින් නොකළ වරදකට වරදකරු කරන්න කටයුතු කරන්නේ නෑ .පොලිසියෙන් මේ චෝදනා ගොණු කළ පමණින් අපි වැරදිකාරයෙක් වෙන්නෙත් නෑ .අපිට සිද්ධ වෙනවා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඒ වගේම අපේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න මේ නඩුව විභාගයට යන්න .ඉතින් ඒ නඩුව විභාග වෙද්දි අපි අනතුර වළක්වා ගන්න මොනාද නොකල කියන එක ඔප්පු කරන්න පොලිසිය බැඳිලා ඉන්නවා .මොනවද අපි කරන්න ඕනි කියන එක ඔප්පු කරන්න පොලිසිය බැඳිලා ඉන්නවා .එහෙමනම් මේ නඩුව විභාගයට යන එක තවදුරටත් "ගහෙන් වැටුණු මිනිහට වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ" වෙන්නේ නෑ .ඉතින් මගේ අරමුණ වුණේ බොහොමයක් අය කියනවා අපි කිසි වරදක් නැතුව නඩුවකට පැටලිලා අන්තිමට දඩත් ගෙවලා තමයි ආවෙ කියලා .....එහෙම අවශ්‍ය නෑ ඇතැම් මෙවැනි අවස්ථා වලදී බොහෝ අය ඔය නඩුව වරද පිළිගෙන අවසන් කරන්න කියලා උපදෙස් දෙනවා . ඉතිං ඉහලින් දක්වලා තියෙන කරුණු ගැන සැලකිලිමත් උනොත් එහෙම වරද පිළි අරගෙන ලේසියෙන් නඩු කටයුතු අවසන් කර ගන්ඩ ඕනි නෑ .

උපුටාගැනීම facebook එකෙන් 
Manusha

Manusha Amal

මගේ තියන අත්දැකීම් මේ බ්ලොග් එක කියවන ඔබට පේනවනේ, ඉතින් ඔයාලට ගැටළුවක් අවොත් මාව Contact කරගන්න පුළුවන්.

Post A Comment:

2 comments:

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න