රෝද දෙකේ රස්තියදුවෙන් කල්පිටියට

ඔන්න ඉතින් 2019 පලවෙනි රස්තියාදුව අපි ගියේ කල්පිටියට



වෙනද වගේම මද්දා සචියා ඇතුළු සෙට් එක මේකට පට්ට මහන්සියක් අරං වැඩේ organize කරලා හැමදෙයක්ම අඩුපාඩුවක් නැතුව තිතට තිබ්බ

බයික් 30ක් විතර එන්න හිටියත් කලින් දවසේ 14ක් විතර අඩු උනා කියල කිව්වා නිසා අවේ බයික් 16කුයි කාර් 2කුයි

ඉතින් මේ පාර සෙට් උනේ කට්ටිය WTC එක ඉස්සරහින්

    (සෙට් එක සතුටු සාමිච්චියේ)


ඔතන ඉන්නකොට සුපේශල යයි අරුනයි ඇහුනා කොළඹ වටේට යනවා ඊටපස්සේ මායි සචියයි ගිහින් උන් දෙන්නත් අරන් ආව නුවරින් සචිත් මල්ලිත් එනකල් ඉඳලම අපි ගමන පටන් ගත්තා ඊටපස්සේ මිගමුව පැත්තට එනකොට නිමල් අයියා ඇතුළු පිරිසත් ගමනට සෙට් උනා

    (පාර බදු අරන්)

කොහොම හරි පානුත් අරන් මුහුද අයින පාරකින් වෙරළක් ගාවටම ආව උදේට කන්නත්
ඉතින් කට්ටිය මදි නොකියන්න පාන් කාල පිගන් එහෙමත් මුහුදෙන් සෝදාගෙන , තව පොඩ්ඩෙන් අමතක වෙනවා මමත් එක්ක ආපු ඉඳුනිල් නම් අළුත් විදිහක් හොයාගත්තා පිඟාන සෝදන්න කවදාවත් අමතක වෙන්නේ නෑ ඉතින් තව පොඩ්ඩෙන් රෑට කන්නත් පිඟාන නෑ.


   (මොනා උනත් පට්ටම place එකක් )

   (කොහොමද සෙට් එක )
   (අම්මේ දෙන්නගේ හිනාව)
   (සිමෙන්ති මල්ලි)

කොහොම හරි පොටෝ ගහන්න පට්ට කට්ටක් කෑවා අපේ ශාන්



කාල එහෙම පිම්මේ කට්ටියම නොරෝච්චෝලේට එනකල් ආව පස්සේ මමයි ඉන්දුනිලුයි ලයියයි ආයේ පුත්තලමේ ගියා BBQ එකට අඩුපාඩු ටිකක් ගන්න කියල

ඒවත් අරන් එද්දී කට්ටිය මුහුදක් ගාවට වෙලා හිටියා
    (සෙට් එක )

මටත් ඉතින් ඉන්න බෑනේ බයික් එකත් අරන් පිස්සෙක් වගේ රැල්ලට ගියා

    (සුදු මැණික)

පොඩි එකෙක් මුහුදට දැම්මම හිටපු විදිහටමයි හිට්යේ ආයේ කිසි වෙනසක් නෑ කොහොමත් මුහුදට ආස නිසාත් බයික් එක කවදාවත් රැල්ලේ ගිහින් නැති නිසාත් ඔන්න ඉතින් වට හතර පහක් නම් එතන කරකුනමයි

    (හැන්සම් කොල්ලෙක් :)


එතෙන්ටත් සමුදීලා කට්ටිය ගියේ කට්ටිය දවල්ට කන්න අම්මෝ ඒ කඩේ කෑම එක පට්ට කියන්නේ කටින් ගින්දර දැම්මේ නැති ටික විතරයි

කොහොම හරි ඉතින් කට්ටිය දවල්ට කාල එහෙම ගියේ කඳවුරු බඳින තැනට

යද්දී පොඩි වැස්සක් ආවත් හුලං පාරට බයවෙන්නේ නැතුව අපි අමාරුවෙන් ටෙන්ට් ටිකත් ගහගත්තා සචියා ගිනිමැලේ හදද්දී අපි නම් පොඩ්ඩක් සෙල්ලමුත් කරා


    (වැස්සේම කුඩාරම් ගහනවා)
   (කනුව හිටෙව්වට පස්සේ සචිය)
   (සිමෙන්ති බාල ගල් ගේන ගමන්)

ටෙන්ට් ටික ගහල ගිනිමැල ගහල මාළු අරන් ඒ ටික වෙද්දී රැබෝ උනා

ඊටපස්සේ කට්ටිය ආව ගමන්ම අපි ගිනිමැලේ පත්තු කරලා BBQ එක පටන් අරන් තමන්ව හඳුන්වලා දීලා සින්දුවක් කියල බත් කාල එහෙම නින්දට ගියා












ඔන්න ඔහොමලු පලවෙනි දවස ගෙවුනේ

ඊටපස්සේ දවසේ උදේ කොහොමත් මට 5 ට වගේ අහරෙනවනේ ඉතින් පොඩ්ඩක් කුඩාරමෙන් එලියට ආවේ මුහුදු හුළඟත් වදින්න සහ gopro එකෙන් Long Exposure shot එකක් ගන්න කියල බලන්නයි ටික වෙලාවකින් චේතිත් නැගිටපු හින්ද කයියක් දාන් පොටෝ ටිකකුත් ගත්තා







පොඩ්ඩ පොඩ්ඩ එලිය වැටීගෙන එද්දී කට්ටිය එකා දෙන්න කුඩාරම් වලින් එලියට එන්න ගත්තා ඔන්න ඉතින් ආයෙමත් කට්ටිය බයික් පදිනවයි බෝල ගහනවයි









සෙල්ලං කරලා බයික් පැදලා ඉවර වෙලා කට්ටිය උදේට කෑවා කිරිබත් එක පට්ට රසයි

ඊටපස්සේ ඔක්කොම එකතුවෙලා අවට පරිසරය සුද්ද කරන්න පටන් ගත්තා









ඔහොම සුද්ද කරන වෙලාවේ නිමල් අයියා පොතකුත් දුන්න පට්ට ඈ



ඊටපස්සේ ඉතින් දවල්ට කන්න බත් පාර්සල් ටිකත් අරන් කට්ටිය එතනින් ආව ඔන්න ඉතින් එකා දෙන්න ගානේ හැලෙන්න පටන් ගත්තේ හිතට දුකක් එකතු කරගෙනයි

පස්සේ ඉතුරු උන දෙට එක දවල්ට කන ගමන්




ඔහොම ඔහොම ඉතින් එකා දෙන්න හැලිලා අන්තිමට මමත් ගෙදර ආව හිතට ලොකු සතුටකුයි දුකකුයි එක්ක දුක ඉතින් සෙට් එකත් එක්ක ඉදල එක පාරම නැති වෙලා පහුවදා ඉදන් වැඩි clz මතක් වෙද්දී


මේ තියෙන්නේ එකේ V-LOG එක


4 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. ⁣ෙ ම් පාර මම ලියන්න ඕනි නෑ ව ගේ

    ReplyDelete
  2. Me ayye mata keyannako dtm 200 bike eka one usaka kenekta padinna puluwandha

    ReplyDelete
Post a Comment
Previous Post Next Post