රෝද දෙකෙන් අකුරු අරන් - සිව් වන ක්‍රියාන්විතය.

 official video එක එනකල් ඔන්න මගේ කැමරාවේ සටහන් උන දේවල් එකතු කරලා හැදුවා මගේ vlog එක.

රෝද දෙකෙන් අකුරු අරන් - සිව් වන ක්‍රියාන්විතය.

2021 වර්ෂයට අකුරු කරන්නට උරදෙන්නට සිව් වන වරටත් රෝද දෙකේ රස්තියාදුව  අපි දුෂ්කර පාසල් හතරකට ගියා. ඉතින් මේ ඒ වැඩසටහනේදී මගේ කැමරාවට අසු උන දසුන් කිහිපයක්. පහුගිය කාලේ පුරාවටම රෝද දෙකේ රස්තියාදුව අපි fecebook එකේ සහ අපේ ආයතන වල, යාලුවොන්ගෙන් හරහා දැනුවත් කරලා ඒ හරහා ලබාගත්ත ආදාර සහ අපේ කණ්ඩායමේ මුදල්, ශ්‍රම දායකත්ව වලින් මේ පාර දුෂ්කර පාසල් හතරකට අවශ්‍ය පොත්, පැන්සල්, මකන, පෑන්, පාටපෙට්ටි පාට පැන්සල් පොත්බෑග් ඇතුළු සියළුම අවශ්‍ය කරන උපකරණ කට්ටල අපි විසින් බෙදා දීමට කටයුතු කරා. එපමණක් නොව මේ පාර එක් පාසලකට පරිගණක පහක් ද ලබාදීමට හැකි වීම ගැන තිබෙන්නේ නිහතමානි ආඩම්බරයකි.  කෙසේ වෙතත් මේ පාර කොරෝනා වසංගතය මැද ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් සිදු කිරීම නිසා අප බෙදාදුන් කණ්ඩායම නම් 12කට පමණ සිමා කරන්න උනා.. ඒ නිසා යන්න ආස උනත් දුකින් උනත් යාලුවෝ හුග දෙනෙක් මේ පාර සහබාගි උනේ නැ බෙදාදීමේ වැඩසටහනට. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ උදව් කරපු හැමෝම නම් වශයෙන් මතක් කිරීමට තරම් අපහසු උනත්, මෙයට බොහෝ දෙනා උපකාර කරා විවිද වශයෙන්. ඉතින් වචනෙකින් හරි උපකාර කර හැමෝටම මේ පිං අයිති වේවා කියල




1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post