Control Arduino ESP32 ESP8266 over the internet

ගෙදරින් එළියට බැස්සට පස්සෙනේ මතක් වෙන්නේ ලයිට් off කරාද යන් එක off කළාද අරකද මේකද කියල

 කොහොමින් කොහොමින් හරි ආඩිනෝ බෝඩ් ටික ගත්තට පස්සේ එක එක දේවල් හිතෙනවනෙ කරන්න

ඉතින් ඔහොම කරද්දී සෙට් උන ප්‍රදානම ගැටළුවක් තමා කොහොමද නෙට් එකෙන් මේ වගේ දෙයක් පාලනය කරන්නේ කියල

කලින් පොස්ට් එකේ relay බෝඩ් එක කාර් එකට සෙට් කලානේ දැන් බලමු කොහොමද ඒක ගෙදරට සෙට් කරන්නේ කියල

මේ වැඩේ පොඩ්ඩක් සංකීර්ණයි ඒ වගේම නෙට් එකේ වෙබ් එකක් හොස්ට් කරන්නේ කොහොමද ඔයාලට domain එකක් තියෙන්න ඕනි අන්න ඒ වගේ පොඩි පොඩි සීන් ටිකක් ඕනි වැඩේට


diagram එක මෙහෙමයි එතකොට



මුලින්ම domain එක add කරන්න 

මන් නම් මේකෙදි පාවිච්චි කරන්නේ godaddy ඉතින් මේ විදිහට මන් මගේ සබ් domain එක add කරගත්ත



දැන් අපිට ඕනි වෙනවා පොඩි හොස්ටිං සර්වර් එකක් අපේ page එක හොස්ට් කරන්න 

ඒකෙ sql db එකකුත් ඕනි වෙනවා පොඩි

හරි දැන් මේ file ටික public_html එකට දාගන්න




esp-database.php කියල file එකක් හදල මේ ටික ඒකට දාගන්න 

ඊටපස්සේ මේ ටික ඔයාගේ details ටික දාල හරියට config කරගන්න

$servername = "localhost";
    // Your Database name
    $dbname = "REPLACE_WITH_YOUR_DATABASE_NAME";
    // Your Database user
    $username = "REPLACE_WITH_YOUR_USERNAME";
    // Your Database user password
    $password = "REPLACE_WITH_YOUR_PASSWORD";


ඉතුරු ටික නම් ඒ ඒ විදිහටම දාගන්න තියෙන්නේ

esp-outputs-action.php

esp-style.css

esp-outputs.php


දැන් phpmyadmin ලොග් වෙලා db එකේ මේ sql රන් කරන්න


CREATE TABLE Outputs (
    id INT(6) UNSIGNED AUTO_INCREMENT PRIMARY KEY,
    name VARCHAR(64),
    board INT(6),
    gpio INT(6),
    state INT(6)
);
INSERT INTO `Outputs`(`name`, `board`, `gpio`, `state`) VALUES ("Built-in LED", 1, 2, 0);

CREATE TABLE Boards (
    id INT(6) UNSIGNED AUTO_INCREMENT PRIMARY KEY,
    board INT(6),
    last_request TIMESTAMP DEFAULT CURRENT_TIMESTAMP ON UPDATE CURRENT_TIMESTAMP
);
INSERT INTO `Boards`(`board`) VALUES (1);




වැඩේ හරි නම් මෙහෙම පේන්න ඕනි



දැන් ESP32 බෝඩ් එකට දාන කෝඩ් එක මේකෙන් ගන්න

for ESP8266 Code

එකේ 

const char* ssid = "REPLACE_WITH_YOUR_SSID";
const char* password = "REPLACE_WITH_YOUR_PASSWORD";
//Your IP address or domain name with URL path
const char* serverName = "http://example.com/esp-outputs-action.php?action=outputs_state&board=1";
මේ ටික ඔයාගේ ගෙදර wifi එකේ ssid psw දෙන්න
url එකට අපි කලින් හදපු එක දෙන්න

දැන් කම්පයිල් කරලා අප්ලෝඩ් කරන්න
වැඩේ හරි නම් කන්සොල් එකේ මේ වගේ වැටෙයි



දැන් ඉතින් හොස්ට් කරපු සයිට් ඒකෙ අපිට ඕනි විදිහට define කරගන්න තමා තියෙන්නේ





දැන් ඉතින් on off කරන්න තියෙන්නේ






මන් මේකේ led දැම්මට relay එක දාල ගෙදර කරන්ට් එකට සෙට් කරන්න පුළුවන් ලේසියෙන්ම

ස්විච් on off සීන් එක තව හොදට improve කරන්න පුළුවන් කෝඩ් එක හදල

මේක බොහොම පොඩි කෝඩ් එකක් ඉතින් එක වැඩි දියුණු කරන්න පුළුවන්.

මේක ගැන හොයද්දි තම මේ සයිට් එක සෙට් උනේ තව තව වැඩ කෑලි ගොඩක් තියනවා https://randomnerdtutorials.com/


ඉතින් ඔයාලත් කරලා බලන්න ජයවේවා !


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post