DIY OFF Grid Solar Setup

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අළුත් වැඩකට බහින්න කියල හිතුව. ඇත්තටම කිව්වොත් කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු ඒත් කරගන්න බැරි උන ටිකක් වියදම් වැඩි වැඩක් කිව්වොත් හරි 


මුලින්ම කියන්න ඕනි මම මේ හැමදෙයක්ම අන්තර්ජාලයෙන් හොයාගෙන යාළුවොන්ටත් කතා කරලා විස්තර අහගෙන කරපු diy project එකක් අළුතෙන් ඉගෙනගත්ත නිසා සමහර කරුණු 100%ක් නිවැරදි වෙයි කියලම කියන්න බෑ. අඩුපාඩු තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න නිවැරදි කරන්නම්


වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු මේක උනේ නිතර නිතර කරන්ට් එක යන්න ගත්ත නිසාත් ඉස්සරහට මොනාගෙන් මොනා වෙන්න බැරි නිසාත් අපිට ලෝකෙම වගේ solar වලට යන නිසාත් ඉස්සරට වඩා දැන් මේ ගැන හොයන්න තියන තැන් තියන  නිසාත් ලොකුම දේ වැඩේ කරගන්න පුළුවන් තත්වෙක ඉන්න නිසාත් වැඩේට බය නැතුව අත ගැහුවා .

ඉතින් මුලින්ම මම බැලුවේ මොන විදිහේ සෝල පද්දතියක්ද ගහන්නේ කියල මොකද හැම ගෙදරකම වගේ දැන් පැනල ගහනවනේ, ඒවා ගොඩක් on grid ඒවා. 

ඒවගෙන් කරන්නේ තමන් නිෂ්පාදනය කරන විදුලිය ජාතික ජාලයට දෙනවා ඒකෙන් ආදායමක් ලබනවා. උදාහරණයක් කිව්වොත් ඔයාගේ ගෙදර මාසෙකට unit 100ක් යනවා කියල හිතන්න. ඔයා on grid එකක් ගහල ජාලයට දෙනවා මාසෙකට 200ක් කියල හිතන්න ඔයාගේ අර 100 මේකෙන් කවර කරලා ඉතුරු ගානට අපිට මුදලක් හම්බවෙනවා. හැබැයි කරන්ට් එක ගියාම කරන්ට් එක නැති වෙනවා ඉතින් මට ඒක ඕනි නෑනේ. මගේ අවශ්‍යතාවය ඕක නෙමේ.

ඉතින් බැලුවේ off grid.

මේකෙදි වෙන්නේ අපිට අවශ්‍ය විදුලිය අපිම හදාගෙන ගබඩා කරගන්න එක. උදාහරණයක් කිව්වොත් ඔයා දවසකට unit 4ක් පාවිච්චි කරනවා කියල හිතන්න එක දවල් කාලයේ unit 3ක් හා රෑට 1ක් නම් රෑ 1ක කවර වෙන්න පුළුවන් බැටරියක් සහ දවල්ට ඔයාගේ unit 3න කවර් කරගන්න පුළුවන් විදිහේ පැනල් සහ inverter ගැහුවනම් හරි. ඕකෙදි ඉතින් කේස් ගොඩක් එනවා අපිට වැස්ස දවසක් වගේ සෙට් උනොට් කෙල වෙන සීන් ඒවාට එක්ක බැටරිය ගණන් බලන්න නැත්තම් grid එකෙන් පාවිච්චි කරගන්න වෙනවා ඉර එලිය නැති උනොත්.

දැන් බලමු මගේ අවශ්‍යතාවය මොකක්ද කියල.

ඉතින් මුලින්ම බැලුවේ මම  මොනාද පාවිච්චි කරන devices කියල  ගෙදරටම ඕනි නෑනේ. ලැප් එකයි රවුටර් එකයි මොනිටර් එකයි fan එකයි තව පොඩි led බල්බ් 2ක් වගේ දුවාගත්තනම් දැනට හොදටම ඇති මට.

මගේ msi ලැප් එකේ watt ගාන 135ක් මොනිටර් එක 30ක් වගේ fan එක 50යි බල්බ් වලට සහ රවුටර් එකට 10ක් වගේ

ඔය ටික තමා පිටින් බලද්දී සෙට් උනේ

මම නම් වැඩේට පොඩි watt meter එකක් ගත්ත ඔයාලටත් ගන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා




ඉතින් මම මේක හදන්නේ කරන්ට් එක නැති වෙලාවට ගන්නනේ ඉතින් දැන් මගේ වැඩේට කොච්චර පුලුවන්ද කියල ගණන් හදන්නයි යන්නේ.

එකට මම කරන්නනේ මෙහෙම වැඩක්

මගේ ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ ලැප් එකෙන් වැඩ කරන්න නිසා මම කරන්නේ එකට focus එක දෙන එකයි.



Watt-hours = Watts * Hours

ඔන්න මට එකතුව ආව වොට් පැය 1100ක් මගේ උපකරණ එකම වෙලාවේ දාන්න ඕනි inverter එක බලද්දී එකතුව එන්නේ  220ක් කියල ඉතින් වැඩි හොදට මම 500 w එකක්ම දානවා අඩුම 500න් පටන්ගන්න නිසා. ඉස්සරහට අප්ඩේට් එකකට යන්න හිතන් ඉන්නවා නම් ලොකු එකක් දැම්මට කමක් නෑ. ඒත් අවශ්‍යතාවයට අනුව දාන්න කියලයි මම නම් කියන්නේ.

මතක් කරලා inverter ගද්දි pure sine එකක්ම ගන්න fan එහෙම අවුල් ගහනවා නැත්තම්.


දැන් බලමු වොට් පැය 1100ක් දෙන්න මන් කොහොමද බැටරිය ගණනය කරන්නේ කියලා.

මෙතැනදී මම හිතන් හිටියේ Nissan leaf පාවිච්චි කරපු බැටරි අරන් හදල දානවා කියල නමුත් ඒවගේ කළුකඩ මිල නිසාම අළුත්ම සෝල බැටරි වලට යාමට සිදු උනා. දැන් නම් lifepo4 බැටරි ගන්න පුළුවන් .

Watt-hours = Amp-hours * Volts

100 ah එකක් වගේ ගත්තොත් ඒ බැටරියෙන් 100ah * 12v = 1200 wh එනවා නමුත් මෙතැනදී කියන්න ඕනි සෝල බැටරියෙන් උපරිම discharge කරන්න පුළුවන් deep cycle බැටරියෙන් 50%ක් - 80%ක් වගේ ඒ කියන්නේ මම බැලුවේ 50%ක්  පාවිච්චි කරොත් මට බැටරිය ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් වගේම හදිස්සිම අවස්ථාවක් උනත් මට 80%ක් එනකල් පුළුවන්. ඒ වගේම lost එක ගැනත් හිතල 200 ah එකක්ම ගෙනාව.

මෙතැනදී කියන්න ඕනි දෙයක් තියනවා ගොඩක් අය සෝල බැටරි ගන්නේ නැතුව කාර් බැටරි ගන්න හදනවා, මේ කාර් බැටරි වලින් කරන්නේ start එකට අවශ්‍ය ලොකු ලෝඩ් එකක් එකපාර තප්පර කිහිපයකට වගේ අරන් ඉතුරු පැය ගානම වගේ වෙන්නේ චාජ් වෙන එක. ඉතින් ඒවා හදන්නේ එකට කාර් බැටරියෙන් අපිට discharge කරන්න පුළුවන් වෙන්නේ 20%ක් වගේ. ඒ කියන්නේ ඔයා 100 ah තියන කාර් බැටරියක් ගත්තොත් පාවිච්චි කරන්න වෙන්නේ 20 ah වගේ පොඩි ප්‍රමාණයක් තමා.

සෝල බැටරි වලදී වෙන්නේ අපිට 50% 80%ක් යනකල් පාවිච්චි කරන්න පුළුවන් බැටරි ආයුකාලය වැඩි. එතකොට 100 ah බැටරියක් ගත්තොත් 50 ah ඉදන් 80 ah වෙනකල්ම වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. 

li බැටරි වල 80%-90% ක් වගේ පුළුවන්. lifepo4 වලත් 90%ක් 95%ක් ම පුළුවන්.

ඉතින් මම ගත්තේ 200 ah සෝල බැටරියක්

මෙතැනදී කියන්න ඕනි තවත් එක දෙයක් තියනවා මේ බැටරි වල තියනවා C අගයක් එක තියෙන්නේ බැටරි මැනුවල් එකේ අන්න එක බලන්න C10 ද නැත්තම් C20ද කියල ඒ කියන්නේ 200 ah බැටරිය c10 නම් පැය දහයට ඩිස්චාජ් කරන්න පුළුවන් ඒ කියන්නේ උපරිම ඇම්පියර් 20ක් වගේ continues ඩිස්චාජ් කරන්න පුළුවන්. ඊට වැඩි උන ගමන් බැටරියේ ආයුකාලයට බලපානවා.




දැන් බලමු මේක චාජ් කරගන්න අවශ්‍ය පැනල් ගාන කොහොමද ගණනය කරගන්නේ කියල

මේකෙදි බැලුවේ අව්ව කොහොමද වැටෙන්නේ කියල අව්ව කියන්නේ උදේ 8 වෙද්දී අව්ව වැටිලා 4 -5 වගේ වෙනකල් තිබ්බට වැඩක් නෑ. පැනල් වලින් බැටරිය චාජ් කරගන්න අවශ්‍ය වන තරමට ඕනි ඉර එලිය තමා බලන්න ඕනි

ඉතින් පැය 5-6ක් වගේ තමා උපරිම එන්නේ ඉතින් මේකෙන් අවම ගාන පැය 5ක් තමා බැලුවේ.

මෙතැනදී මම බලන්නේ 200 ah බැටරියම බැහැල තියන අවස්ථාවක චාජ් වෙන්න ඕනි පැනල් ගාන. 

200 ah * 12 v = 2400 wh  ඔන්න මම බැටරියේ සම්පුර්ණ වොට් පැය ගාන බැලුව. ආසන්නව unit දෙකහමාරක් තියනවා

දැන් බලමු unit දෙකහමාරක් චාජ් කරගන්න ඕනි පැනල් එකක w ගාන කීයද කියල.

2400 wh / 5 = 480 w  ඔන්න එහෙනම් මට 480 w පැනල් එකක් ගැහුවොත් පැය 5ක් යද්දී බැටරිය ෆුල් චාජ් කරගන්න පුළුවන්. 

දැන් බලමු charging controller එක තෝරාගන්නේ කොහොමද කියල.

පැනල් එක 480යිනෙ

බැටරිය 12 v නේ

ඉතින් 480 w / 12 v = 40 A ඇම්පියර් 40ක charging controller එකක් ඕනි වෙනවා වැඩේට.

මෙතැනදී වෙන ශක්ති හානියක් තියනවා ඒ නිසා මම mppt charging controller එකකට යන්න තීරණය කරා. 

  • Pulse width modulation (PWM)
  • Maximum power point tracking (MPPT)

mppt වලදී pwm එකට වඩා සැහෙන හොද efficiency එකකින් වැඩ කරනවා හැබැයි ගාන බැලුවොත් 40 a pwm එක 3000යි නම් mppt එක 30000ක් හෝ ඊට වැඩි වෙනවා කෙලින්ම 10හ ගුනයක්ම වැඩි.

 ඉතින් mppt එකක් බලද්දී සෙට් උනේ srne කියල එකක්



මේකේ උපරිම 12 v බැටරියට 550 w පැනල් ගහන්න පුළුවන් මම 550 w පැනල් හෙව්වා හම්බ උනේ නෑ ඉතින් 270 w පැනල් 2ක් ගත්තා.

මෙකෙදී කියන්න ඕනි අපිට පැනල් ගහන්න පුළුවන් ක්‍රම 2ක් තියනව ඒ තමා ශ්‍රේණිගතව සහ සමාන්තරගතව. 

ශ්‍රේණිගතව ගහනව නම් කරන්නේ එක පැනල් එකක + අග්‍රය අනිට් එකේ - අග්‍රයට සම්බන්ද කරනවා එතකොට වෙන්නේ වැඩ වෝල්ට් ගානක් පැනල් වලින් හදන එක හැබැයි ඇම්පියර් ගාන වැඩි වෙන්නේ නෑ  උදාහරණයක් ගත්තොත් 35 වෝල්ට් 8 ඇම්පියර් පැනල් 2ක් තියනවා කියල හිතන්න අපි මේක ශ්‍රේණිගතව සවි කරොත් වෙන්නේ 35 * 2 = 70 ක වෝල්ට් ගානක් එනවා controller එකට හැබැයි ඇම්පියර් ගාන එන්නේ 8යි. ඇම්පියර් ගාන අඩුයි කියන්නේ වයර් වල මහත අඩු එකක් ගන්න පුළුවන්. ඒ වගේම හිතන්න අපේ වෝල්ට් 48ක බැටරියක් නම් තියෙන්නේ ඒක චාජ් කරගන්න ගහන්න වෙන්නේ මේ විදිහම තමා. හැබැයි කේස් එක පැනල් 2කටම එකම විදිහට අව්ව එන්න ඕනි නැත්තම් හරියට වෝල්ට් ගාන හැදෙන්නේ නෑ. එකම පැත්තේ නම් වහලේ පැනල් සෙට් කරන්නේ අව්ලක් නෑ.

සමාන්තරගතව නම් වෙන්නේ වෝල්ට් ගාන එකයි හැබැයි ඇම්පියර් ගාන වැඩි, එතකොට වැඩි කරන්ට් එකක් නිපදවෙනවා මේක ගැලපෙන්නේ  හිතන්න ඔයාගේ වහලේ පැති 2කට අව්ව සෙට් වෙන්නේ කියල අන්න එහෙම නම් වහලේ දෙපත්තට ගහන්න පුළුවන් එටකොට උදෙත් චාජ් වෙනවා හවසත් චාජ් වෙනවා. නමුත් කලින් විදිහට පැයෙන් උන එක මේකේ 2ක් වෙන්න පුළුවන්, 

වයර් තොරගනිද්දී මේකෙන් ගණනය කරගන්න ලේසි

https://www.fabhabs.com/dc-cable-sizing-calculator


ඔන්න ඉතින් ඊටපස්සේ ඉතින් පැනල් 2ක වහලේ තිබ්බා.

මේකෙදි දවසක් දෙකක් විතර හොදටම අව්ව වැටෙන තැනක් බැලුව



ඊටපස්සේ හරියට මවුන්ට් කරා මේවට මම solar railing සහ ඒ නියමිත උපාංග පාවිච්චි කරා



ඊටපස්සේ මගේ වැඩේ ටෙස්ට් කරා මෙතැනදී අවශ්‍ය විදිහට මගේ වැඩේ උනා සහ වැඩිපුර ගත්ත නිසා මට දවල් වෙලාවට පැනල් එකෙන් වැඩත් කරගෙන බටරියත් චාජ් කරගන්න පුළුවන් උනා.



ඊටපස්සේ කේසින් ගහල වැඩේ පිළිවෙලක් කරා



මේ තියෙන්නේ මොනිටර් app එකෙන් ගත්ත screenshot එක



ඔන්න ඉතින් මගේ වැඩේ සාර්ථක උනා ඔයාලත් මේ වගේ පොඩියට එකක් හදාගන්න මේ දවස් වල මිල ගණන් නම් සැහෙන්න වැඩි 

දළ අදහසක් ගන්න මිල ගණන් දාන්නම්

270 පැනල් දෙක            36,000යි

mppt එක                        37,000යි 

bluetooth එක                 4000යි

pure sine inverter එක    35,000යි (with ac charging upto 250ah battery)

battery                             60,675

railings and fittings wires breakers 25,000
(ඔයාලට පේනවා ඇති මේකට සැලකිය යුතු ගානක් ගිහින් තියනවා කියල නමුත් ආරක්ෂාව ගැන සිතලා තමා නියමිත ප්‍රමිතියෙන් යුතු solar railings, fittings, dc breakers, වයර් එහෙම දැම්මේ)

මුදල නම් වැඩි සෑහෙන්න කියන්න තියෙන්නේ අඩුවට හොයාගන්න කියල තමා. facebook group කිහිපයක්ම තියනවා ඒවගේ අඩුවට යනවා සහ කට්ටිය එකතු වෙලා බඩු ගේනවා. එතකොට inverter බැටරි එහෙම බාගෙකට වඩා අඩුවට ගෙන්නගන්න පුළුවන්. 

කෝස්ට් එක ඉතුරු කරන්න පුළුවන් තව විදිහක් තමා inverter + charger එකටම එන device තියනවා ඉතින් ඒ වගේ එකක් දැම්මොත් තවත් හොදයි කියලයි මගේ නම් අදහස.


9 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. ඇත්තටම හරිම වටිනව. බැරිවෙලාවත් අපි බැටරියෙන් විතරක් යන රෑ වෙලාවක අමතර උපාංග බාවිතා කරල බැටරිය ඉක්මණට බැස්සොත් මුලු පද්ධතියම ඕෆ් වෙනවද නැත්නම් අඩු කරන්ට් එකක් දෙයිද ? බැටරියෙන් 50% විතරක් යන්න ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ekata podi relay ekak daganna solid state relay kiyala tynawa ekak dala controller eken control karanna pulwuan battery voltage eka adu unama cutoff wenna

      Delete
  2. Solar Battery ගත්තේ කොහෙන්ද?

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. Me battery eka 40A walin charge karana eka battery life ekata okay da?

    ReplyDelete
  6. නියම වැඩක්. මේකෙ කියල තියෙන විදියට මගේ අවශ්‍යතාවයවට බැටරි බැකප් එකක් කරගන්න හිතුව. මුලින් සෝල පැනල් නැතුව.

    - ඩෙස්ක්ටොප් පරිගණකය (150w x පැය 10)
    - ලයිට්, ෆෑන් වගෙ ඒව (100w x පැය 10)

    මුළු එකතුව = 2500Wh

    මේකට 3KVA 24V Hybrid Inverter එකකුයි ... 100A lifepo4 බැටරි 8කුයි දැම්මොත් හරි යයිද?


    පස්සෙ කාලෙක සෝල පැනල් ටිකක් සෙට් කරගන්න ඕන



    ReplyDelete
Post a Comment
Previous Post Next Post