එන්න Android පෝන් එක සර්වර් එකක් කරමු. | How to put Media Server on Android

ඔන්න ඉතින් මගේ ටැබ් එකට කෙල උනාගෙන් මන් ගොඩක් ඉස්සරහට ගියා.. කලින් පොස්ට් එකේ වගේ Screen Mirror එක විතරක් නෙමේ අද කියන්න හදන්නේ අපිට අලුත් දෙයක් උනත් පිටරට අයට හුගක් පරණ සීන් එකක්.

මොකද හිතන්නේ ගෙදර පොඩි android සර්වර් එකක් රන් කරොත් පරණ device එකෙන් වැඩක් ගන්නත් එක්ක.ඒක tv එකටයි සබ් එකටයි සෙට් කරලා ගෙදර tv එක smart android tv එකක් කරන්න ආසයි නේ?


ඔව් ඔව් අද කියන්නේ එහෙම දෙයක් ගැන තමා මේක හොදටම කියනවා නම් පිස්සු විකාරයක් වගේ තියෙයි ඒත් මන් නම් කියන්නේ  ඔයාලත් android device එකක් තියනවා නම් කරන්න කියල.

නිදාන කතාව කියනවා නම් පිංවතුනි අපේ රංගගේ ගෙදර සෙට් උන වෙලාවක රංග ගාව තිබ්බ Mi tv box එකක්, ඉතින් මොකෝ වෙන්නේ මාත් ඕක අරන් පොඩ්ඩක් බැලුව මොකක්ද කියල හම්මේ ඉතින් ආසාවේ බෑනේ ඒකට කෙළ පෙරලා පෙරලා ඔන්න ගෙදර ගෙනාව කියහන්කෝ අම්මේ ඉතින් වැඩ කෝටියයි ඒකෙ, ඔන්න දැන් තමා ඔලුවට එන්නේ ගෙදර තියනවා නේද සුටි ඉරි ගියපු ටැබ් එකක් ඇයි මට මේක එකෙන් කරන්න බැරි කියල,  අන්න එකේ ප්‍රථිපලයක් විදිහට මට පුළුවන් උනා ටැබ් එක පොඩි සර්වර් එකක් විදිහට පාවිච්චි කරන්න,


හරි දැන් අපි බලමු එක හදාගන්නේ කොහොමද කියල

අපිට ඕනි android පෝන් එකක් හරි ටැබ් එකක් හරි



දැන් මේ වගේ screen එකක් හරි ගෙදර TV එක හරි (අවශ්‍යම නෑ)


Micro usb to HDMI Cable එකක්



හරි දැන් මේ app එක පෝන් එකට / නැත්තම් ටැබ් එකට දාගන්න


දැන් මෙහෙම එකෙන්ම wifi hotspots on කරන්න නැත්තම් එකම wifi එකකට කනෙක්ට් වෙන්න

දැන් අර ගත්ත app එක install කරලා open කරගන්න

දැන් අපේ එදිනෙදා පාවිච්චි කරන පෝන් එක android / ios / windows laptop එකත් අර hotspot එක කනෙක්ට් කරන්න

Android නම් මේ app එක දාගන්න පට්ට ලේසි වැඩේ
app එක open කරන්න
එතකොට නිකන්මඅපේ සර්වර් එක පෙන්නනවා

 දැන් ඕනි එක play කරන්න
 ඔන්න ඔහොමලු වැඩේ වෙන්නේ


පට්ට නේ?

හරි හරි දැන් ලැප් එකෙන් කරන්නේ මෙහෙම

Windows or Mac නම්


windows නම් යන්න settings වලට

 දැන් යන්න Devices වලට

දැන් Add Device යන්න



ඔන්න හරි දැන් යන්න ඕනි media එකකට
ගිහින් right click කරන්න

දැන් ඔය cast to device කියල තියෙන්නේ ඕකෙන් play කරන්න තමා තියෙන්නේ
windows 8 වල නම් media player එකෙන් කරන්න ඕනි


හරි දැන් බලමු මැක්කාගේ කොහොමද කියල යන්න settings > display > airplay වලට

ගිහින් device එක දෙන්න විතරයි තියෙන්නේ
බඩු වැඩ සූ ගාල

ඔන්න blackberry වල
සින්දුවේ/පොටෝ එකේ/Video එකේ option යන්න
 ඔන්න ඔකේ අපේ device එක select කරන්න



එහෙනම් ඉතින් අද නම් ලොකු වැඩක් කරේ මෙච්චර කාලෙකට මන් කවදාවත්  හිතුවේ නෑ මෙහෙම දෙයක් කරන්න android device එකට

හරි හරි ඊළගට බලාගන්න tv එක smart tv එකක් කරන විදිහ

එහෙනම් මන් ගියා ජයවේවා....





Previous Post Next Post