රෝද දෙකේ රස්තියදුවෙන් මීමුරේ ගිය ගමන - Meemure with R2R

ඔන්න ඉතින් 2018 අන්තිම බයික් ටුවර් එක මීමුරේ අපි ගියා රෝද දෙකේ රස්තියාදුවේ සෙට් එකත් එක්ක

කලින් දවසේ චේති අපේ ගෙදර ඇවිත් කුටරේ දාල මගේ scooter එකත් අරන් මද්දගේ ගෙදර ගිහින් මද්දගේ බයික් එක අරන් මු දානේ ගෙදරක ගියාලු මොකෝ මද්දගේ කකුල තුවාල වෙලා නිසා

වෙනද වගේම කොට්ටාවට කලින්ම සෙට් උනත් අනිත් අය එද්දී පොඩ්ඩක් වෙලා ඉන්න උනා

ගිය පාර වගේ නැතත් මේ පාර නම් කට්ටිය කියපු වෙලාවටම සෙට් උන

දෙයියනේ කියල ගමන යන්න යන්න පටන් ගත්තත් ටික දුරක් යද්දී මද්දගේ බයික් එක මිස් කරන්න ගත්ත හින්ද මායි ලයියයි සචියයි සුනිල් අයියයි නැවතිලා අනිත් අයට යන්න කිව්වා හම්මේ ඉතින් මග නවත්තල අන්තිමේදී කාබ් එකත් ගලවල එකත් හදාගෙන ඔන්න ආයේ සෙට් උනා ගමනට





හරිනේ දැන් ඉතින් පස්යාල පැත්තෙන් දාල එනකොට අර කට්ටිය නම් උදේට කන්න නවත්තලා තියෙන්නේ කිව්වා ඉතින් එතෙන්ට සෙට් උනා අපිත්






කාල එහෙම යද්දී පොඩියට වගේ වැස්සකුත් ආව මගින් මගට කොහොමින් කොහොමින් හරි පිලිමතලාවට වගේ එද්දී ආයෙත් මද්දගේ බයික් එක සද්ද බද්ද දාන්න පටන් ගත්තා ඊටපස්සේ ඉතින් නවත්තපු එකේ දවල්ට කෑමත් කන්න ඒ ලග කදෙකින්ම සෙට් උනා




ඔන්න ඉතින් දවල්ට කාල නුවරත් පහු කරලා දිගන පැත්තට යද්දී තෙල් ගහන්න බයික් ටික නතර කරා තමයි මද්දගේ බයික් එක start උනෙම නෑ

නැවත්තුවට පස්සේ ගත්ත අන්තිම පොටෝ වලින් එකක්


ඊටපස්සේ බයික් එක ළග ගෙදරකින් දාල මිමුරේට යන්න පිටත් උනා

කොහොමින් හරි හවස් උන නිසාත් මිදුම , වැස්ස නිසාත් අපි ගොඩක් පරක්කු උනා මිමුරේට යන්න

ඒ වගේම ඉෂාරයාගේ කාර් එක ගෙනවගෙන් කවදාවත් නොවිදපු 4x4 ත්‍රාසය කුඩැල්ලන් බෙල්ලේ හිටන් නැගල මිමුරේට යද්දී ඒ වගේම පාරවල් හොයාගන්න එක වගේ ගොඩක් ලොකු ජිවිත අත්දැකීම් සෙට් එකක් මතක පොතට එකතු උනා




කොහොමින් හරි අපි මිමුරේට එද්දී රෑ 10.30යි එතකොට සමහරු කාල නිදිත් එක්ක, ආපු ගමන් කරේ ඇදුම් ටික ගලවල කුඩැල්ලෝ බලපු එක ඊටපස්සේ එහෙමම ගිහින් හොදට නාල රෑට කාල BBQ එකටත් ගිහින්අපි සෙට් එක කුඩාරමට ගියා විතරයි මතක නින්ද ගිහින් පහුවදා උදේ 5 වෙද්දී මට නම් ඇහැරුනා ඊටපස්සේ එලියට ගියා පොඩ්ඩක් බලන්න කියලා
















ඔන්න ඉතින් එළිය වැටුනට පස්සේ කට්ටිය තමා ගැන හදුන්වල දීලා එහෙම කෑමත් කාල කට්ටිය එක්ක ගියේ නාන්න









ඔන්න ඉතින් නාල එද්දී උනේ මේනක අයියගේ Tracker එකේ පැච් එකක්, ඉතින් ගමේ බැරි හින්ද කිලෝමීටර් 60+ වැඩිය ගිහින් පැච් එක දාගෙන එන්න උනා මේනක අයියට

කාර් එකත් එක්ක අපි ආව මොකද ආව වගේම යන්නත් එපැයි








කොහොමින් හරි හුන්නස්ගිරියට එද්දී 6.30 ට වගේ ඇති මන් එහෙමම වැලිමඩ යන්න ඕනි නිසා එතනින් තෙල් ගහන් ගෙදර බලා පිටත් උනේ තනියම රෑ නුවරඑලියේ සීතලත් හිතේ තිබ්බ කියාගන්න බැරි දුකත් තනිකමත් එක්කමයි ඒ ඔක්කොම මදකට අමතක කරන්න කාපට් පාරේ රෑ වාහනත් නැතුව වංගු වලට පුළුවන් උනා කොහොමින් හරි රෑ 10.30 වෙද්දී කොල්ල ගෙදර ආව

ඔන්න ඔහොමයි රෝද දෙකේ රස්තියදුවෙන් මීමුරේ ගිය ගමනේ මගේ අත්දැකීම් සෙට් එක

පොඩි V-Log එකත් හැදුව එහෙනම් බලන්නකෝ කට්ටියම


එහෙනම් මන් ගියා හැමෝටම ජයවේව! අවුරුද්ද සුභ වේවා!



3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. නියම ගමනක් නෙ.
    R2R සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
Post a Comment
Previous Post Next Post