ඔන්න පින්වතුනි කාලෙකට පස්සේ ගැජට් එකක් ගැන කතා කරන්න කියලා. මේක උනේ මගේ කාර් එකේ ලයිට් අනම් මනම් සෙට් කලාට ඒවත් රිමෝට් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් උනාට ලදී සෙට් කරපු android සෙට් එක නිසා ඔන්න ඉතින් පොඩි ඉත්තෑවෙක් එන්න ගත්තා අඩේ මේක සෙට් එකෙන්ම කන්ට්‍රෝල් කරන්න තිබ්බ නම් පට්ට නේද කියල මොකද කාර් එකට තවත් switch දාන්නම බැරි තැනකට ඇවිත් තියෙන්නේ සහ මොනාද on කරන්නේ කියල අමතක වෙන තරමට.
දැනටමත් ඔක්කොම display 4ක්ම වෙච්ච නිසාත් ඉත්තෑවාගේ සයිස් එකත් එසේ මෙසේ නොවන නිසාත් මාන බල බල හිටියෙම raspberry pi එකක් ගන්න. මොකද රාස්බෙරි එක්ක මන් කලින් ඔපිස් එකේ වැඩ කරලා තියන නිසා ඒකෙ වැඩ කිඩ තරමක් දන්නවා.
කොහොමින් කොහොමින් හරි ඉන්නකොට ෆේස්බුක් එකේ දැක්ක කොල්ලෙක් ඔන්න මන් හිතේ තිබ්බ එක ඌ උගේ කාර් එකට හදල තිබ්බ පොටෝ තුන්සිය ගානක් තිබ්බ එක බලල ඉවසගන්න බැරිම තැන බැලුව raspberry වල ගණන් කියන්න සතුටුයි ඔක්කොම වගේ 8න් 9න් උඩ.
දැනටමත් android තියන එකේ රාස්බෙරියක් මොකට කියල ඔන්න දැම්ම දරස් ගාල දරස් එකෙන් Arduino kit එකක්ම රුපියල් 2000ට අඩුවෙන්.
ඔන්න ඉතින් ඒක දැම්ම වෙලේ ඉදන් කරේ tutorial බලන එක තමා මොකෝ මන් කලින් Arduino වලින් වැඩ කරලා නෑ.
ඉතින් එහෙම බලද්දී මට සෙට් උන කරුණු කාරණා කිහිපයක් තියනව. මේකත් ඇවිල්ලා පොඩි උනාට ලොකු වැඩ කරන්න පුළුවන් device එකක්. දැන් හැමදෙයක්ම කම්පුටර් ජිල්මාට් නිසා ඉස්සර තිබ්බ සංකීර්ණ පරිපථ සහ විදුලිය අනම් මනම් කේස් වලට විසදුමක් විදිහට අපිට මේ පොඩි පොඩි ගැජට් අපේ අවශ්‍යතාවයන්ට සෙට් වෙන විදිහට ගලපලා ගන්න පුළුවන්. ඉතින් මේවා පොඩි පොඩි වැඩ වලට හදන නිසා බොහොම පොඩි processing power එකකින් සහ කුඩා storage වලින් තමා එන්නේ. ඉතින් මිලෙන් අඩුයි ඒ වගේම ඉස්සර නම් අපි කියනවා මොකක් හරි සංකීර්ණ වැඩක් කරන්න ගියාම කම්පියුටර් එකක් නැතුව බෑ වගේ කතා. ඉතින් දැන් තාක්ෂනය කොච්චර දියුණුද කියනවා නම් පොඩි වෙබ්සයිට් එකක් මේ රුපියල් 1500ට අඩුවෙන් ගත්ත ආඩිනෝ බෝඩ් එකේ හොස්ට් කරන්න පුළුවන් කිව්වොත් ඔයාල විස්වාස කරනවද?
හොදම උදාහරණයක් කියන්නම් ඉස්සර තිබ්බ තොරන්
ඔයාලට පේනවා ඇති මේකේ bulb රටා යන්න මේ රෝදේ කැරකෙනවා කන්ටක්ට් වෙන ලයින් පත්තු වෙනවා පේනවා ඇති මේකේ තියන බයානක කම සහ සංකීර්ණ බව. වැය වන මුදල් වගේම මිනිස් ශ්‍රමය.
අන්න ඒ වගේ ලොකු වැඩක් අපිට පුළුවන් මේ වගේ පොඩි ආඩිනෝ බෝඩ් එකක් දාල relay කිහිපයක් දාල හදාගන්න ඉතාම පහසුවෙන්. සහ මීටත් වඩා විවිද රටාවන් එකතු කරලා.
ඉතින් මන් අද කියන්න යන්නේ කොහොමද මේ Arduino එක සෙටප් කරගන්නේ කියල සහ පලවෙනි වැඩේ විදිහට ටයිමර් එකක් දාල led bulb එකක් පත්තු කරගන්නේ කොහොමද කියල.
හරි සෙටප් එක ගැන කිව්වොත් මන් ගත්තා Daraz එකෙන් Arduino basic kit එක සහ ESP32 Board එක මේ බෝඩ් පොඩ්ඩක් විශේෂයි මන් ඒ ගැන පස්සේ කියන්නම්
Arduino එකේ ස්පෙක් එක කිව්වොත් speed එක 16 MHz වන අතර Ram 2 KBද Flash Memory එක 32 KB වේ.
ESP 32 එකේ ස්පෙක් එක කිව්වොත් speed එක 240MHz වන අතර Ram 520KBද Flash Memory එක 4M වේ. මීට අමතරව මේකේ inbuilt wifi සහ bluetooth ද ඇත ප්‍රමාණයෙන් Arduino බෝඩ් එකට සමාන වේ.
හරි දැන් අපි Arduino සොෆ්ට්වෙයා එක දාගමු
google එකේ ගහන්න Arduino home කියල
මේ විදිහට පොර්ට් එක තියනවද බලන්න
දැන් අප්ලෝඩ් කරන්න බෝඩ් එකට edit එකට පහලින් තියෙන්නේ ඊටපස්සේ වැඩේ හරියට උනා නම් මේ විදිහට ඔයාලගේ පලවෙනි වැඩේ බලාගන්න පුළුවන්
එහෙමම ඔන්න අනිත් බෝඩ් එකටත් ගහල දැම්ම ටෙස්ට් කරන්නත් එක්කම
එහෙනම් ඉතින් ඉක්මනින්ම ඊලග ආඩිනෝ වැඩකින් හමු වෙමු !


























මනුවා පට්ට.
ReplyDeleteනැද්ද බං සූටි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දාන්න පුළුවන් බෝඩ් එකක්
raspberry pi ekata puluwan
Deleteටච් එකේ ඉන්න ඕන දැන්නම් ❤
ReplyDeleteටච් එකේ ඉන්න ඕන දැන්නම් ❤
ReplyDeleteTechnology has evolved to a point where even small, affordable devices like Arduino boards can perform tasks that once required complex computer systems. Sunset Hospice Just as these compact tools allow people to control, automate, and simplify everyday functions—from car lighting systems to home automation—modern healthcare services also rely on smart, efficient, and reliable systems to improve the experience of patients and families.
ReplyDeleteAfter a long time, I decided to talk about an interesting gadget related to Arduino and IoT. The idea came to me while working on my car’s lighting system. Although the lights were already magisk installed and could be controlled using remotes and an Android unit, I kept thinking how much better it would be if everything could be managed directly from one smart system.
ReplyDelete