October 2014
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද නම් පොස්ටුවෙන් ලියන්න හදන්නේ root කරාට පස්සේ කරන්න පුළුවන් දේවල් ගැනයි ඔයාලට කියල දෙන්නම් පෝන් එක on කරපු වෙලාවේ ඉදන් off වෙනකල්ම කරන්න පුළුවන් වැඩ ටිකක්

1.සාමන්යෙන් root කරපු ගමන් අපි කරන්නේ cwm දාන එක ඒ කියන්නේ කස්ටම් රිකවරි දාන එක එක ඉතින් එක එක පෝන් වලට වෙනස් වෙනවා කස්ටම් රිකවරි ගැන කිව්වොත් 4න් එකට එන රිකවරියක් තියනවා නමුත් එකේ කරන්න පුළුවන් දේවල් හුගක් අඩුයි ඒ කියන්නේ 4න් එක reset කරන්න update කරන්න සහ reboot කරන්න වගේ ඒවා තමා stock රිකවරි එකෙන් කරන්නේ, නමුත් මේ කස්ටම් රිකවරි එකෙන් අපිට පාටිෂන් කරන්න zip files install කරන්න overclock කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්

උදාහරණයක් ගත්තොත්
 මේ ඔයාලට පෙන්නේ stock රිකවරි එකක්
එත් කස්ටම් රිකවරි එකක් ගත්තොත් අපි බලමු කොහොමද වෙනස කියලා
බැලුබැල්මට පේනවා වැඩ කෑලි වැඩි කියලා
මේ රිකවරි එකට කියනවා ClockworkMod Recovery කියලා

මේ රිකවරි එකට කියනවා TeamWinRecoveryProject කියලා (TWRP)



2.හරි ඊටපස්සේ බලමු 4න් එක බැකප් කරන එක හදිස්සියේ බූට්ලූප් එකක් උනොත් මේක cwm එකෙන් restore කරන්න පුළුවන්
ඒ ගැන නම් මන් කලින් පොස්ටුවක් ලිව්වා මෙතනින් එකට ගිහින් එක බලාගන්න



3.Boot Animation එක වෙනස් කිරීම

ඔව් යාළුවනේදැන් බලමු අපි කොහොමද බූට් screen එක වෙනස් කරන්නේ කියලා එකට කරන්න තියෙන්නේ මේ app එක බාගෙන install කරලා එකෙන් අපිට බූට් screen වෙනස් කරන්න පුළුවන්

දැන් මේ site එකෙන් අපිට ඕනි බූට් අනිමේසන් ටික ගන්න අරන් install කරගන්න


4.සිංහල font එක install කිරීම
මේ ලිපියෙන් එක බලාගන්න ඔබ කැමති සිංහල font එකක් දාගන්න හැබැයි unicode විය යුතුය
පට්ට සිංහල font එකක් මේ ලිපියේ තියනවා


5.Xposed සමගින් පෝන් එක mod කිරීම මේ ලිපියේ තියනවා module ටික, වැඩකෑලි ටිකක් ඇති මේ ලිපි වල
http://usefulleverything.blogspot.com/2014/10/android-l.html

http://helplankablog.blogspot.com/2014/04/setting-background-image.html

http://usefulleverything.blogspot.com/2014/09/imei-null.html

6.games හොරාට ගහන්න
games mod කරන එක ගැන ඒ කියන්නේසල්ලි එහෙම වැඩි කරන්න මේ ලිපියේ තියනවා ඔක්කොම විස්තරේ

7.Ram එක වැඩි කරන්න (ඉක්මනට ලිපියක් බලාපොරොත්තුවන්න)මෙන්න app එක

8.අනවශ්‍ය system apps අයින් කිරීම
මේ app එක දාගන්න එකෙන් වැඩේ කරන්න පුළුවන්

9.overclock කරන්න
මේ app එකෙන් පුළුවන් free තියනවා Blackmart එකේ

10.battery එක ගොඩක් වෙලා තියාගන්න
මේ app එකෙන් පුළුවන් free තියනවා බ්ලච්ක්මර්ට් එකේ

11.Sound වැඩි කරගන්න
මේ ලිපියේ තියනවා බලන්නකෝ















best sinhala blog in sri lanka
ඔන්න ඉතින් මන් හා හා පුරා කියලා හදපු මුල්ම android app එක තමා මේ android බ්ලොග් list ලියන්නේ
මුල්ම app එක ලෙස මන් හැදුවේ එදිනෙදා භාවිතයේ ඇතිවෙන මුලික ගැටළු කිහිපයකට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් පිළිතුරු සපයා ගැනීමටය

කොහොමද මෙය භාවිතා කරන්නේ :-


උදාහරණයක් කිව්වොත් අපිට දැනගන්න ඕනි කියමුකෝ කොහොමද root කරන්නේ කියල දැනගන්න ඕනි සහ ඒවාට ඕනි app ටික නම් එකට කරන්න තියෙන්නේ මේ රූපේ වගේ මෙයට ඉදිරියෙන් ඇති කොටුවලට touch කිරීම පමණි


 ඔහොම click කරාට පස්සේ ඔයාල automatic අදාළ හොදම බ්ලොග් එකකට හෝ site එකේ අදාළ පොස්ටුවට යනවා
 එමගින් අපිට ඉක්මනට සහ පහසුවෙන් අපේ ගැටළුව නිරාකරණය කරගන්න හැකියාව ලැබෙනවා

මෙන්න එහෙනම් app එක

අපි ගියා එහෙනම් ජයවේවා... !








best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ අද නම් පොඩි වැඩක් කරන්නයි හදන්නේ අපි දන්නවා dongle එකෙන් ඩවුන්ලෝඩ් කරනකොට සමහරුන්ට speed අඩුයි සමහරුන්ට පට්ටෙට speed එනවා, මටත් ඕකම උනා මොකද මගේ කාමරේට සිග්නල් මදි නිසා මන් එක එක ඒවා කරා මේ නිසා අන්තිමේදී මන් සාර්ථක උනා කිව්වොත් හරි

හැමදාම වගේ එකම සාම්ප්‍රදාය නැතුව අද පොඩි ගැජමැටික් එකක් හදන්නයි ඔන්න ලෑස්තිය

මේකට ඕනි වෙනවා
                              1.dongle එකක්

                              2.මීටර 1.5ක් හෝ 2ක් දිග usb extended cable එකක්

                              3. CD Rom එකේ හෝ power supply එකේ කවර එකක්


                              4.සෙලෝටේප්
                              5.කම්බි කෑල්ලක්
                              6.අඩුවක්



සාදන ආකාරය


මුලින්ම සෙලෝටේප් එකෙන් මේ වගේ අලවගන්න dongle එක / usb ෂෝර්ට් වෙන්නේ නැති වෙන්න

දැන් කරන්න තියෙන්නේ කම්බිය මේ විදිහට හදාගන්න කේබල් එක වැටෙන්නේ නැතිව හොදින් සවිවිමට (සිදුරු සෑදීමට ඇණයක් සහ මිටියක් භාවිතා කල හැක)


හරි ඕක හදාගත්තාම මේ වගේ තියෙන්න ඕනි ඈ






ආ දැන් කරන්න තියෙන්නේ dongle එක ඔය පොර්ට් එකට ගහන එක



මේ වගේ තියෙන්න ඕනි

දැන් ලැප් එකට/PC එකටplug කරන්න



දැන් අපි හදාගත්ත මේ ගැජමැටික් කෑල්ල කාමරයේ ජනෙල් ලග හෝ අල්මාරියක් උඩ (ඒ කියන්නේ හොදම ඩේ තමා මොකක් හරි බාගන්න දාල අපි හදාගත්ත ගැජමැටික් එක හැමතැනම ගිහින් හොදින්ම සිග්නල් එන තැන බලන එක ඒ කියන්නේ ඩවුන්ලෝඩ් speed එක වැඩිම තැන ඈ )


1000%ක් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
අනික මන් මේක කරේ 2011 අප්‍රේල් වල

මේ තියෙන්නේ ඒ දවස් වල මන් හදපු ගැජට් කෑල්ල




ඒ තැන හොයාගත්තට පස්සේ 4න් එක ඕක උඩ තිබ්බත් වැඩේ ගොඩ

 මේ වගේ


හිතනවා හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා එහෙනම් අපි ගියා
හැමෝටම ජයවේවා !

best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ අලුත් version එක ආව කියල දන්නවනේ එකේ වැඩ කෑලි ටිකක් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්




best sinhala blog in sri lanka
මන් කියන්න යන ඩේ නම් ගොඩක් අය දන්නවා එත් නොදන්නා අයට දැනගන්නත් එක්ක මන් මේක දාන්නම් ඒ තමා අපේ 4න් එකේ wifi hotspot on කරන විදිහ

ඉස්සෙල්ලම 4න් එකේ data on කරගන්න


දැන් apps යන්න



දැන් settings යන්න


ගොඩක් 4න් වල මෙහෙම නැතුව ඇති මේ hotspot කියන එක press කරන්න


එහෙම නැති 4න් වල more network කියන එක press කරන්න
දැන් මේ විදිහට යන්න

දැන් අපි මේ wifi hotspot එක අපිට ඕනි විදිහට හදාගන්නයි යන්නේ


එකට configure දෙන්න

දැන් අපිට ඕනි නමයි password එකයි දීලා save කරන්න මේ වගේ


දැන් මේ විදිහට අපි හදාගත්ත hotspot එක on කරන්න





දැන් ලැප් එකේ / අනිත් 4න් එකේ wifi on කරලා මේ wifi එකට connect වෙන්න
දැන් ඉතින් නෙට් තමා.......
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අදනම් මන් කියන්න හදන්නේ මන් මිට අවුරුදු 3කට කලින් කරපු දෙයක් තමා ඒ තමා 3D ඕනිම තිරයකින් බලන්නේ කොහොමද කියලා මේකට තිරයක්ම විතරක් ඕනි වෙන්නේ නෑ කඩදාසි කොලේ ඉදන් 3D බලන්න පුළුවන්

එත් අද මන් කියන්නේ මැෂින් එකෙන් සහ 4න් එකෙන් බලන්නේ කොහොමද කියලා 
එකට මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බාගන්න මැෂින් එකට
දැන් ඕක open කරන්න

 දැන් Next දෙන්න





 දැන් Next දෙන්න

  දැන් Next දෙන්න



 දැන් Next දෙන්න


 දැන් Finish දෙන්න

___________________________________________________________________________________


ඔන්න දැන් එක ඉන්ස්ටෝල් කරගත්තනෙ දැන් අපිට ඕනි ෆිල්ම් එක open කරන්න මේ වගේ
දැන් ඔකේ වගේ මවුස් එක උඩට ගන්නකොට ඔය රවුමක් තියෙන්නේ 3D කියල අන්න එක click කරන්න
දැන් එයි මෙහෙම එකක්



දැන්ඔකේ ඔය තියන විදිහ කරන්න
එතකොට වැඩේ ගොඩ
දැන් මතක් කරලා 3D Glass එක දාගන්න ඈ....




හරි ඔන්න ඔහොමලු ලේසියෙන්ම 3D පිලුමක් බලන්නේ


හරි දැන් අපි බලමු කොහොමද මේ 4න් වලින් බලන්නේ කියලා එකටනම් මේ කන්වර්ටර් එක ඕනි වෙනවා ඈ ඔන්න බාගන්න
ඊටපස්සේ ඕකෙන් කන්වර්ට් කරගෙන 4න් එකට / TV එකට දාල කන්නාඩි 2න් බලන්න තමා තියෙන්නේ ඉතින්
මන් නම් බැලුව ඉස්කෝලේ projector එකට දාලම, ආයේ කියන්න දෙයක් නෑ සුප්පා ඈ
එහෙනම් අපි ගියා ජයවේවා.....
best sinhala blog in sri lanka
අද නම් මන් කියන්න යන්නේ එක app එකක් ගැන නෙමේ apps කිහිපයක් ගැන, මොකද එක 4න් එකක් එක app එකකින් root උනාට වෙන 4න් එකකට එක හරියන්නේ නැති වෙන්න පුළුවන්, ඒ වගේම දැන් පෝන් හදන අයියල ඕක කරන්න බැරි වෙන්නම තමා හදන්නේ එත් ඉතින් android කියන්නේ වැඩ්ඩන් ගෙන් පිරිච්ච ලෝකයක් නේ එක නිසා කොහොම හරි ගේම ගහනවා
වැඩි කතා ඕනි නෑ අපි බලමු මේ apps ටික

1. Baidu Root

Pc එකෙන් root කරනවනම් මේ සොෆ්ට්වෙයා එක ගන්න
Phone එකෙන් කරනවනම් මේ apk එක ගන්න



*tested phones
A Asus TF101, TF101g, SL101, TF700, TF700t, TF701t
Dialog i35
samsung S2






2.Frame Root
 මේ apk එක ගන්න


3.Kingo Root
මේ apk එක ගන්න



4.Root Master
මේ apk එක ගන්න

5.Sparky Root
මේ apk එක ගන්න

6.Towel Root
මේ apk එක ගන්න

7.VRoot
මේ apk එක ගන්න
මෙන්න Pc එකෙන් කරනවනම් ගන්න

8.Z4Root
මේ apk එක ගන්න

9. samsung ගොඩක් ඒවා root කරන්නේ odin වලින් මේකෙන් cf auto root කියල තියන තමන්ගේ පෝන් එකට ගැලපෙන එක අරන් odin එකෙන් pda එකට දීලා ගහන්න මේකෙන් බාගන්න



මන් දන්නවා root apk ටික තව ටික දවසකින් block කරනවා google අයියලා ටික
හදිස්සියෙවත් ලින්ක් ටික වැඩ නැත්තම් ඔක්කොම දාල තියන මේක ගන්න ඒ වැඩත් නැත්තම් මේක ගන්න එත් වැඩ නැත්තම් මේකෙන් බලන්න
එහෙම කරලත් බැරි නම් මට msg එකක් දාන්න
.................සිදු වන අතුරු අන්තරා වලට මන් වගකියන්නේ නැතෝ******

මන් ගියා.... ජයවේවා
best sinhala blog in sri lanka
අද නම් කට්ටියට දෙන්න හදන්නේමැෂින් එක නිකන් ඇපල් වෙලා යන්න වැඩක් තමා
කරන්න තියෙන්නේ මෙන්න මේ file එක ඩවුන්ලෝඩ් කරගෙන install කරන එක තමා

ඊටපස්සේ ඇපල් එකේ itunes එකයි safari වෙබ් browser එකයි ගන්න මේකෙන්
මෙන්න itunes
මෙන්න safari
ඔන්න මන් නම්install කරා මෙන්න ඔරිජිනල් ඇපල් එකයි මගේ hp ලැපයි තිබ්බම වෙනස කොහොමද බලන්නකෝ