April 2015
best sinhala blog in sri lanka
සාමන්යෙන් HTC පෝන් එකක් ගත්ත එක්කෙනෙක් දකිනවා ඇති Apps වල තියනවා Dotview කියල මේ වගේ app එකක් තියනවා


අපි බලමු මොනවද මේ Dotview කියන්නේ කියල

කෙලින්ම කිව්වොත් මේක පෝන් කවරයක්


කවරයක් කිව්වට නිකන්ම එකක් නෙමේ පොඩි පොඩි විනිවිද පේන නමුත් සිදුරම නොවන ලෙස තම
මේ ගැජමැටික් එක හදල තියෙන්නේ



ඉතින් මන් කිව්වනේ විනිවිදපේනවා කියලා ඔන්න ඕක ප්‍රයෝජනවත් කරන්නේ display එක ඔන් වෙලා අපිට විශේෂ දැනුම්දීම් ඒ කියන්නේ මිස්කෝල් කාලගුණය සින්දු නොටිපිකෙසන් ඔක්කොම මේ වගේ පෙන්නනවා



ඒ කියන්නේ අමුතුවෙන් අපිට පවුච් එක අරින්න ඕනි නෑ සින්දුවක් මාරු කරන්න කෝල් එකක් ගන්න ආන්සර් කරන්න වෙලාව බලන්න, කොහොමද පස්ට නේ?


හැබැයි ගාන පොඩ්ඩක් සැරයි මගේ M8 එකට ලෝකල් එක 2000ක් උනා Original එක 6000ක් උනා




හැබැයි ඉතින් ගත්තයි කියල පාඩුවක් නම් නෑ හැබැයි මන් නම් මේක වෙන්නේ කොහොමද කියල බලන්න ගැලෙව්වා

 අපි බලමු මේක වැඩ කරන විදිහ

මේක වැඩ කරන්නේ කාන්දම් බලයෙන් පොඩි කාන්දම් 2ක් තියනවා යට පැත්තේ මෙතැනයි


 උඩ පැත්තේ මෙතැනයි




ඕක කවරේ අරිනකොට කාන්දම් බලය නැති වෙනවා වහනකොට ආයේ ගානට සෙට් වෙනවා

සැක නිසා මන් කාන්දම් කෑල්ලක් තියල බැලුව වැඩද කියලා

වැඩ ඉතින් දැක්කනේ කාටුන් එක වගේ තියන හැටි display එක

ආ අපිට gameගහන්නත් පුළුවන් ඈ



කොහොමද ලල් එක ඈ ඇඩෙනවා ඇස 2කටම

තව පොටෝ ටිකක් දාන්නම් බලන්න










තව කියන්න බැරි උන දේවල් ඇති හොදේ දැනට මේ ටික ඇති කියල හිතමු,
මන් ගියා ජයවේවා !........
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් මන් මේ පොස්ටුව ලියන්න හිතුන ප්‍රධාන හේතුව ගොඩක් අය අතින් පෝන් එක නැති වෙනවා එහෙම උනාම අපි හුගක් අසරණ වෙනවා එහෙම වෙන්නේ නැතුව පෝන් එක බේරගන්න දෙයක් තමා අද මන් ඔයාලට කියන්න හදන්නේ


මේක 826KB තරම් වූ කුඩා app එකක්

apps නම් ගොඩක් තියනවා එත් මන් දැක්ක පට්ටම app එක මේක මොකද මට අවශ්‍ය සියලුම දේවල් මේකේ තියනවා

තියන විශේෂාංග කිව්වොත්
*අපි හැමෝම හැමතිස්සෙම data on කරන ඉන්නේ නෑ,
මේ app එකෙන් පුළුවන් වෙනත් පෝන් එකකින් sms මගින් data wifi gps camera capture වැනි දේ ඔන් කරන්නත් off කරන්නත්

*එහෙම උනාට ගත්ත එකා සිම් එක මාරු කරනවනේ කොහොමද එතකොට sms යවන්නේ?
සිම් එක මාරු කරපු ගමන් අපේ වෙනත් නම්බර් එකකට දාපු සිම් එකේ නම්බර් එක sms එකක් යනවා

*පැටන් එක / ලොක්  එක වැරදියට ගහපු ගමන් නොදනිම අපේ mail එකට පොටෝ එකක් යනවා

*ram එකකන්නේ නෑ කියන්නේ cache memory එකේ තමා මේක run වෙන්නේ අන්න එකයි ලොකුමහොදේ මොකද අනිත් ඒවා හැම එකම ram එකෙන් අදිනවා

ගොඩක් දෙනෙක් Antivirus / Guard කියන ඒවා දාගෙන ඉන්නේ නෑ මොකද Android වලට virus නෑ malware adware වගේ තියන නිසා, එහෙම කියලා අපි තියන virus guards anti theft apps ඔක්කොම අයින් කරලා දානවා,
එත් හදිස්සියෙන්වත් පෝන් කෑල්ල නැති උනා කියමුකෝ ඇපල් වල iCloud ලොක් එකට සාපේක්ෂව Android වල "Activation Lock" කියන එක අඩු වෙන්න පුළුවන් 
නමුත් හැම හොරාම හාඩ් reset / software ගහන්නේ නෑ ගත්ත ගමන්ම,
**හොරුත් මේක බලයි කියල දන්නවා, 
නමුත් පෝන් එක නැති උනාම ගතවෙන එක තප්පරයක් උනත් අපිට වැදගත් වෙනවා,


 කතා ඇති අපි වැඩේට බහිමු

මේක බාගන්නකො



දැන් open කරන්න



 දැන් Next දෙන්න

දැන් මෙහෙම එයි
දැන් ඔකේ තමන් පාවිච්චි කරන අනිත් පෝන් එකේ නම්බර් එක කොටන්න, ඔව් මන් දන්නවා ලොකු ලොකු ස්මාට් පෝන් තිබ්බට අපි හැමෝම ගාව පොඩි නොකියා හරි Sony Ericsson එකක් තියනවා කියලා

දැන් Next denna ද මෙහෙම එයි



දැන් Finish දෙන්න ඊටපස්සේ මෙහෙම එයි එකේ තමා අපිට ගේම ගහන්න තියෙන්නේ


දැන් settings යන්න එතකොට රූට් Permission ඉල්ලයි දෙන්න එතකොට reset කරාට ඔකේ data ටික යන්නේ නෑ 





දැන් මෙහෙම එයි


රූට් කරපු අයියල මේක system app එකක් කරන්න මෙහෙම



දැන් yes දෙන්න
reboot කරන්න දැන් වැඩේ ගොඩ

දැන් මෙහෙම කරන්න
යන්න settings

දැන් යන්න security වලට

දැන් යන්න device administrators එකට
දැන් මේ වගේ තියෙයි

ඔන්න ඔකේ Xtrasec Mobile Security එකට ටික් එක දාන්න



දැන් activate දෙන්න

ඔන්න දැන් ගොඩ


 දැන් ආයෙත් app එකේ settings වලට යන්න

 දැන් auto capture කියන එකේ ටික් එක දාන්න

දැන් ඊට පහලින් එකටැප් කරන්න

 ඔකේ පැටන් එක වැරදියට ගහපු ගමන් mail එකට පින්තුලේ යන්න හදන එක

දැන් මෙහෙම කරන්න
දැන් ඔකේ grant gmail permission කියන එක දෙන්න දැන් මෙහෙම එයි
allow access දෙන්න

දැන් වැඩේ හරි

මේ තියෙන්නේ sms Commands ටික ඈ

එහෙනම් මන් ගියා ඈ හැමෝටම ජයවේවා !

best sinhala blog in sri lanka
ඔන්න අළුත් අවුරුද්ද දවසේ මන් නම් වැඩ අල්ලන්න කියල ගත්තේ මේකෙන් මෙතෙක් කල් රැදී සිටි ඔයාලට ලැබුවාවූ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන එකක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන්ම මන් අද කියන්න යන්නේ ගොඩ දෙනෙක් මුහුණ පාන ගැටලුවකට විසදුම් කිහිපයක් ගැන,

ඒ තමා Google Play Store එක අවුල් යනවා සමහරු Apps බාගන්න ගියාම අවුල් වෙනවා
එකට විසදුම් කිහිපයක් ගැන අද මන් මේකෙන් ඔයාලට කියල දෙනවා
අපි බලමු ඒ මොනවද කියල

පලවෙනි එක තමා 1 Mobile Market කියන එක
මේකෙත් පට්ට apps තොගයක් තියනවා

>>>මෙන්න ලින්කුව<<<

දෙවැනි එක Moboroboo Market
මේකෙත් එහෙමම තමා
>>>මෙන්න ලින්කුව<<<

තුන්වෙනි එක තමා Mobogini Market කියන එක මේකෙත් එහෙමයි
>>>මෙන්න ලින්කුව<<<


හතරවෙනි එක තමා Paid Apps Free ගන්න පට්ටම Store එක Blackmart කියන එක

>>>මෙන්න ලින්කුව<<<


පස් වෙනි එක Amazon Apps Store
>>>මෙන්න ලින්කුව<<<

හයවෙනියට AppsLib

>>>මෙන්න ලින්කුව<<<


හත්වෙනියට Sideme

මෙන්න ලින්කුව


අටවෙනියට Getjar

දැන් නමවෙනියට Apitoid


ඕවගේ දේවල් තියනවා
හැබැයි මේවගේ ඇඩ්ස් නම් එනවා ඒ නිසා ඇඩ්ස් බ්ලොක් කරන එක හොදයි
තවgoogle play එකේ වගේම මේකෙත් malware එන්න පුළුවන් ඒ නිසා සතියකට සැරයක් පෝන් එක ස්කෑන් පාරක් දාන එක ඇගට ගුණයි
එහෙනම් මන් ගියා කන්නත් ඕනි බඩගින්නේ බෑ

හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා !
                     _/\_



best sinhala blog in sri lanka
ඔන්න ඉතින් HTC සමාගමේ ඊලග දුරකථනය ලෙස නම් කරන්නේ HTC M9+ කියන එක
මේ තියෙන්නේඑක

පෝන් එක ගැන කියනවනම්

 

Display

HTC One M9+ එන්නේ 5.2” 2K display එකකින්
හැබැයි MediaTek Helio X10 core processor එකක් තමා තියෙන්නේ

HTC BoomSound™ with Dolby Audio™

HTC එකේ dual front-facing speakers දෙක 5.1 channel Dolby Audio surround sound එකක් දෙනවා ගින්දර 7ට high-definition, high-quality listening experience එකක් සමග ඒ කියන්නේ game ගහන්න Videos බලන්න එහෙම නම් සුප්පා.

HTC Duo Cameras

HTC One M9+ එකේ තියෙන්නේ 20-megapixel Duo Camera දෙකක්

HTC Sense 7™


Fingerprint Authentication

ඔය ටික තමා දැනට ආරංචි

තව විස්තරපස්සේ කියන්නම්
best sinhala blog in sri lanka

අපේ කස්ටියට ටිකක් අලුත් අත්දැකීමක් දෙන්නයි හදන්නේ,වැරදි දෙයක් නම් නෙමේ හැබැයි මේක ඇවිල්ලා webcam game එකක්, එකක් කිව්වට 2ක්ම තියනව හැබැයි windows 8 යට සහ 8.1 යට තම play කරන්න වෙන්නේ....

 
 මේක install කරගන්න දැන් open කරන්න දැන් එකේ කියන විදිහට කරන්න 

>>>>>download bugylon here:-
 
 
 
>>>>>download ballstrike here :-
 
 පොඩි ආතල් එකක් නම් තියනවා 

ප.ලි
කැඩෙන බිදෙන දේවල් වලට මන් වගකියන්නේ නෑ හොදේ කාමරේ අස් කරලා ගේමට බහින්න
2ක් හෝ වැඩි ගණනක් ඉන්නකොට අතේ දුරින් ඉන්න නැත්තන් මුණ ඉවරයි අත්දැකීමෙන් කියන්නේ ඔව්
best sinhala blog in sri lanka
ඔන්න අද කියන්න හදන්නේ sony සමාගමෙන් ඊළගට එන පෝන් එක, ඒ කියන්නේ Sony Xperia Z4 එක ගැන කියන්නයි

Sony Z4
20.7MP camera
IP68 certification
5.2″ QHD screen
Snapdragon 810 and 4GB of RAM

තියනව කියලයි මෙයාල කියන්නේ තවම Confirm නම් නෑ

මෙන්න පොටෝ ටික