March 2017
best sinhala blog in sri lanka
RAID කියන්නේ Redundant Array of Inexpensive (Independent) Disks.

ඔය sysadminලා ඒ වගේම නෙට්වර්ක්  පැත්තට ආස අයට අදහසක් දෙන්නම්

දැන් හිතන්න අපිට තියනවා හාඩ් ඩිස්ක් එකක් ඉතින් 1 TB එකක් එහෙම තිබ්බොත් මොකෝ වෙන්නේ ගෙන පුරවන එකනේවෙන්නේ

හරි ඉතින්හෙන ගහන්න වගේ පිච්චුනොත් මොකෝ වෙන්නේ ඔක්කොම ලොස්

අන්න ඕක සර්වර් වලට nas වලට ඔහොම බෑනේ ඉතින් අන්න ඒකට තමා මේ raid කරනවා කියන එක ආවේ

raid ප්‍රදාන වශයෙන් 4ක් තියනව

raid 0
raid 1
raid 5
raid 1+0,10

කියල

RAID LEVEL 0

raid 0 කියන්නේ අපි ගාව හාඩ් 2ක් තියනවා ඒ දෙකේම අපි ful capacity එක allocate  කරනවා data ටික store කරන්න.


මේ තියෙන්නේ disk 2ක් ඉතින් පේනවනේ 1 ඉදන් 6ට එනකල් store කරලා තියනව මොකුත් වෙනසක් නෑ



හරි දැන් බලමු raid 0 වල තියන ලක්ෂණ
අඩුම disk 2ක් ඕනි
කොහෙටවත් කොපි වෙන්නේ නෑනේ ඉතින් පට්ට performance.
කිසිම redundancy එකක් නෑ ඉතින් full capacity එක පාවිච්චි කරන්න පුළුවන් ( no mirror, no parity ).
හැබැයි මේක Production Environment එකට ගන්න බෑ, මොකද කෙල උනොත් උනාමයි.

RAID LEVEL 1


මේක ඇවිල්ලා කෙලින්ම කන්නාඩිය වගේ අරකට මොකක්ද දාන්නේ මේකේ බඩු කොපි වෙනවා

ඉතින් මොකද වෙන්නේ එකකට කෙල උනත් අනිත් එකේ කිසිම අවුලක් නැතුව ඔක්කොම data තියනවා


මේකේ තියන හොද තමා ඉතින් කිසිම අවුලක් නැතුව හාඩ් එක ගියොත් අනිත් එකෙන් අප් වෙනවා ඉක්මනින්

හැබැයි අවාසිය තමා අපිට 2 TB පාවිච්චි කරන්න තිබ්බ එක කරන්න වෙන්නේ 1 TB තමා

RAID LEVEL 5



මේක තමා ඉතින් ඔක්කොම shape එකේ කරගෙන යන්න පුළුවන් raid එක

ඒ වෙන මොනවත් නිසා නෙමේ මේකෙදි අඩුම disk 3ක් ඕනි වෙනවා
ඒ වගේමයි හොද performance එකක් සහ හොද  redundancy එකක් තියනවා

ඔය P1 P2 P3 කියන්නේ parity කියන එක වෙන මොකුත් නෙමේ recovery space එක



RAID LEVEL 10

මේක ඉතින් හැදිලා තියෙන්නේ 1+0 කියන 2ක එකතු වෙලා




පින්තුරේ දැක්කම පේනවනේ ඉතින් කෝස්ට් එක වැඩි හදන්න යන හැබැයි ඉතින් එකපාර disk 2ක් කෙල උනත් අවුලක් නෑ මන් කිව්වේ එකම ජාතියේ නැතුව

ඒ වගේම පට්ටමoption එක තමා මේක
අඩුම වශයෙන් disk 4ක් ඕනි
පට්ටperformance ඒ වගේම පට්ටම redundant

ඉතින් ඔය ලොකු ලොකු ඒවගේ ගන්නේ මේවා තමා




ඔන්න කෙටියෙන් මේක මතක තියාගන්නකෝ











best sinhala blog in sri lanka
ඔව් අද කියන්න හදන්නේ මොනවද මේ Passive & Active Attacks කියන්නේ කියල

දන්නවනේ ඉතින් අපි නෙට්වර්ක් එකේ ඉන්නකොට අපිට බලන්න පුළුවන් මේකේ මොනවද වෙන්නේ කියල ඒ කියන්නේ traffic එක analyze කරන්න පුළුවන්


ඉතින් ඔන්න ඔය තාක්ෂණයේ අතුරුපලයක් විදිහට hackers ලට පුළුවන් අපිට ලස්සනට ගේමක් දෙන්න

ඉතින් මේ attack ප්‍රදානලෙස වර්ග 2කත බෙදනවා 
Active Attack සහ Passive Attack

ඉතින් අපි බලමු මොනවද මේ Active Attack කියන්නේ කියල

මෙතැනදී වෙන්නේ අපේ දත්ත වෙනස් කරනවා එහෙමත් නැත්තම් modify කරනවා

මේකෙදිත් ප්‍රදාන ආකාර 3ක් තියනවා

  • Masquerade
  • Message modification
  • Denial of service (DoS)


Masquerade

මෙතැනදී වෙන්නේ Hacker වෙනත් කෙනෙකු නමින් පෙනී සිටීම
ඒ කියන්නේ අමල් කියන්නේ සර්වර් එක දන්න කෙනෙක් ඒ කියන්නේ හරියට ඔෆිස් එකක user කෙනෙක් වගේ කියල හිතන්නකෝ
ඉතින් hacker මොකෝ කරන්නේ අමල් සර්වර් එක access කරන විදිහට යනවා ඇතුලට






Modification එකේදී වෙන්නේ මනුෂ.  අමල් යවන request එක වෙනස් කරලා හරි එකම  යවන එකයි


ඔන්න දැන් සර්වර් එක හිතනවා ඔක්කොම 200ක් යවන්න ඕනි කියල යවනවා

එක අපිට කියන්න පුළුවන් reply attack කියල



දැන් බලමු Alteration Attack කියන්නේ මොකක්ද කියල
කලින් වගේමයි හැබැයි කරන්නේ Masquerade වගේ msg එක අරන් සර්වර් එකට යවන එක



Denial of service (DoS)

මේකෙදි වෙන්නේ hacker මැද්දේ ඉදන් අමල්ට සර්වර් එකට යන්න දෙන්නේ නැතිවෙන එකයි




දැන් අපි බලමු මොනවද මේ Passive Attack කියන්නේ කියල

මේක තමා බයානකම මොකද කිසිම user data එකක් මෙතන වෙනස් කරන්නේ නැතුව hacker බලාගෙන ඉන්නවා ඔයාගේ යන සයිට් ටිකයි user info ටිකයි msg dycript කරලා ඒ කියන්නේ username සහ පාස්වඩ් වගේ Sensitive data අරන් කාට හරි දෙනවා නැත්තම් ඉන්ටෙර්නෙට් දානවා.





best sinhala blog in sri lanka
IS Exam එකට පාඩම් කරන ගමන් ඉන්න වෙලාවක tv එකේ යන ad එකක් දැකල මට මෙහෙම දෙයක් මතක් උනා

ඔන්න ad එකේ කොල්ල බිස්කට් පැකට් එකක් සහ කොලයක වචන සෙට් එකක් ලියල උගේ යාළුවො දෙන්නට දෙනවා කෙල්ලට ගිහින් දෙන්න කියල
 

හරිනේ ඔන්න අදාළ එක ගත්තා ඉතින් කොල්ලෝ දෙන්න යනවා

ඔන්න ඔතනින් තමා අපි මාතෘකාවට එන්ටර් වෙන්නේ පින්වතුනි
මේ කොල්ලෝ දෙන්න අර කොල්ල දෙන ලියුම කියවනවා ඒ වගේම දුන්නේ Maliban Smart Cream Cracker එකක් කියලත් දන්නවා


ඉතින් මේ දන්න දේ නිසාත්, එලියට පැහැදිලිව පෙන්න තියන දේ නිසාත් මොකද වෙන්නේ?
මොනා වෙන්නද කනවා ඉතින් බිස්කට් එක රසයිනේ...


හරි දැන් මොකද වෙන්නේ ඊළගට


 මේ කොල්ලෝ දෙන්න අර කොල්ල දුන්න ලියුම වෙනස් කරනවා ඊටපස්සේ ගිහින් කෙල්ලට දෙනවා


දැන් කෙල්ල කොල්ලට sms එකක් දානවා කොල්ලට එයා එවපු එක ලැබුනා 1ක් කියල



 ඉතින් අර කොල්ලට කොයිල්


සාමාන්යෙන් කිව්වොත් අන්තර්ජාලය පාවිච්චි කරන අපිටත් වෙන්නේ මේ ටිකම තමා

අන්න ඒ නිසාමයි අපිට Information Security කියල දෙයක් හදුන්වා දීලා තියෙන්නේ

Security කිව්වම ඇයි අපිට සික්කෝ ඕනි වෙන්නේ කියල කාගෙන් හරි ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ?

හොරුන්ගෙන් අපේ දේවල් ආරක්ෂා කරගන්න
හොරුන්ට එන්න දෙන්නේ නැති වෙන්න
හොරුන්ට විතරක් නෙමේ අපිට උනත් අනවශ්‍ය වෙලාවට අදාළ තැනට යන්න දෙන්නේ නෑ
සික්කා ඉන්නවනේ බයවෙන්න දෙයක් නෑ - ඔන්න ඔහොමත් කියනවා


අන්න ඒ වගේමේ Information එහෙමත් නැත්තම් තොරතුරු වලටත් ආරක්ෂාවක් ඕනි වෙනවා කලින් අර ad එකේ වගේ දෙයක් වෙන්න පුළුවන් නිසා.
බයවෙන්න දෙයක් නෑ කියන්නේ මොකක්ද? අන්න එතන තමා විස්වාසය කියන එක තියෙන්නේ

ad එකට අනුව මොකද කියන්නේ අපි බලමුද මොකද උනේ කියල

කොල්ල යාලුවොන්ට බිස්කට් පැකට් එක දෙනකොට ඒක මොකක්ද කියල යාළුවො දන්නවා ඒ වගේම ඒ ලියුමේ තියන දේත් යාලුවෝ දන්නවා ඒ කියන්නේ අවශ්‍ය නැති පුද්ගලයන්ට පේන්න තියනවා ඒ කියන්නේ  Confidentiality කියන එක නෑ...

ඔන්න මේ යාලුවෝ මොකද කරන්නේ මගදී බිස්කට් එක කනවා ඒ වගේම ලියුම වෙනස් කරනවා අන්න එතන වෙන්නේ මොකක්ද තමන් දීපු දේ වෙනස් කරලා ඒ වගේම දීපු දත්ත වෙනස් අරුතක් එන විදිහට වෙනස් කරනවා මේ බිස්කට් 1 කියල ඒ කියන්නේ මොකක්ද Integrity කියන එකත් නැති වෙනවා.

ඔන්න ඉතින් අන්තිමේදී බලද්දී ඉතුරු වෙන්නේ එක බිස්කට් එකයි එත් කොල්ල එව්වේ බිස්කට් පැකට් එකක් ඉතින් මෙතැනදී නැති උනේ මොකක්ද? ඒ තමා Availability
කියන දේ ඉතින් තොරතුරක මුලික දේවල් ටික තමා මේ.

ඉතින් මේ අපි ඉන්න හැමදෙයක්ම අන්තර්ජාලයට open වෙලා තියනකොට කොහොමද අපි බය නැතුව ඉන්නේ අපි යන්නේ කොහෙද කන්නේ මොනවද ආස මොනවටද කරන්නේ මොනවද අම්මගේ නම මොකක්ද කෑල්ල කවුද එයා මොනවද කරන්නේ මේ හැමදෙයක්ම තියෙන්නේ දැන් අන්තර්ජාලයේ පින්වතුනි

ඉතින් information security කියන්නේ  කෙටියෙන් කිව්වොත්
  1. Integrity(අඛණ්ඩතාව)  තොරතුරු වෙනස් කිරීම හෝ විනාශ කිරීමට එරෙහිව ආරක්ෂා කිරීම හා තොරතුරු nonrepudiation කිරීම හෝ අව්යාජ ලෙස ඇතුල්වීම මේකට ගන්න පුළුවන්.
  2. Confidentiality(රහස්යභාවය) පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මාධ්යයන් සහ වානිජ තොරතුරු ඇතුළුව, ප්රවේශ හා අනාවරණය මත බලයලත් සීමා පැනවීම
  3. Availability(ලබා ගත හැකි) අවශ්‍ය වෙලාවට සහ විශ්වසනීය ලෙස තොරතුරු භාවිතය තහවුරු කිරීම.
කියන කොටස් 3න අනවශ්‍ය අයගේ ඇතුල්වීම නැති කිරීම, පාවිච්චිය, අනාවරණය, කඩාකප්පල් කිරීම, වෙනස් කිරීම, වගේ දේවල් වලින් ආරක්ෂා කරන එක තමා මේ IS කියල කියන්නේ    

දැන් තේරුනා නේද?

best sinhala blog in sri lanka
ඔව් ඉතින් එල කොල්ලෙක් උනාම දැනගන්න ඕනි පොර්ට් සෙට් එකක් තියනවා

මෙන්න මේ ටික බලන්නකෝ



Application/Web Servers

  • Tomcat Startup - 8080
  • Tomcat Startup (SSL) - 8443
  • Tomcat Shutdown - 8005
  • Tomcat AJP Connector - 8009
  • GlassFish HTTP - 8080
  • GlassFish HTTPS - 8181
  • GlassFish Admin Server - 4848
  • Jetty - 8080
  • Jonas Admin Console - 9000
  • IHS Administration - 8008
  • JBoss Admin Console - 8080
  • WildFly Admin Console - 9990
  • WebLogic Admin Console - 7001
  • WAS Admin Console (SSL) - 9043
  • WAS Admin Console - 9060
  • WAS JVM HTTP - 9080 (first one only)
  • WAS JVM HTTPS - 9443 (first one only)
  • Alfresco Explorer/Share - 8080
  • Apache Derby Network Server - 1527
  • OHS - 7777
  • OHS (SSL) - 4443


Well-Known Common Protocols

  • FTP - 21
  • HTTP - 80
  • HTTPS - 443
  • LDAP - 389
  • LDAP (SSL) - 636
  • SNMP - 161
  • SSH - 22
  • Telnet - 23
  • SMTP - 25
  • Microsoft RDP - 3389
  • DNS Service - 53
  • NNTP - 119
  • Database/Datastore
  • DB2 - 50000
  • Redis Server - 6379
  • Oracle Listener - 1521
  • mongoDB - 27017
  • MySQL - 3306
  • MS SQL - 1433
  • Memcached - 11211
  • MariaDB - 3306
  • Messaging/Transfer
  • MQ Listener - 1414
  • IBM Connect:Direct - 1364
  • RabbitMQ Web UI - 15672
  • Tibia RV Daemon - 7474
  • GoToMyPC - 8200


මේ පොඩි වචන සෙට් එකක්

WAS - WebSphere Application Server

AJP - Apache JServ Protocol
 

SSL - Secure Socket Layer
 

HTTP - Hyper Text Transfer Protocol
 

LDAP - Lightweight Directory Access Protocol
 

SSH - Secure Shell
 

SMTP - Simple Mail Transfer Protocol
 

IHS - IBM HTTP Server
 

NNTP - Network News Transport Protocol
 

SNMP - Simple Network Management Protocol
best sinhala blog in sri lanka


Nginx කියන්නේ  free, open-source, high-performance HTTP server එකක්. හරියටම කිව්වොත් Apache වගේ ඉතින් අපිට පුළුවන් සයිට් හොස්ට් කරන්න apache වල වගේම.

install කරන්න කලින් කරන්න ඕනි දේවල්

CentOS install කරපු මැෂින් එකක්
අන්තර්ජාල පහසුකම්.
install කරන්න දන්නේ නැත්තම් මේක බලන්න

මුලින්ම Nginx Repository එක දාන විදිහ බලමු

මේ cmd එක ගහන්න
sudo yum install epel-release

 දැන් අපි Nginx install කරමු

මේ yum command එක ගහන්න
sudo yum install nginx
දැන් ඔය එක එක ඒවා එයි ඒවාට y එක දෙන්න.

දැන් තියෙන්නේ මේ service එක start කරන්න

එකට මේ cmd එක ගහන්න මොකද මේක auto start වෙන්නේ නෑ
sudo systemctl start nginx
හරි දැන් අපි බුට් එකේදී මේක on වෙන්න හරිගස්සමු
sudo systemctl enable nginx
දැන් තියෙන්නේ firewall එකෙන් HTTP සහ HTTPS පොර්ට් allow කරන එක
නැත්තම් ඉතින් lan එකෙන් තියා wan එකෙන් වත් හොස්ට් කරන සයිට් එක බලන්න බෑ.
sudo firewall-cmd --permanent --zone=public --add-service=http 
sudo firewall-cmd --permanent --zone=public --add-service=https
sudo firewall-cmd --reload
ඉස්සෙල්ලම ඔයාගේ ලෝකල් මැෂින් එකෙන් localhost එක ගහල බලන්න

ඊටපස්සේ lan එකේ මැෂින් එකකින් URL එක ගහන්න
http://server_domain_name_or_IP/
දැන් මෙහෙම එනවා නම් වැඩේ ගොඩ.

දැන් තමන්ගේ HTML files, php සෙට් එක 
/usr/share/nginx/html/
එක ඇතුලට දාන්න
මොනවා හරි අවුලක් ආවොත් msg එකක් දාන්න
best sinhala blog in sri lanka
හරි පින්වතුනි අපි බලමු ip එකක් කියන්නේ මොකක්ද එකෙන් මොනවද කරන්න පුළුවන් කියල


හරි හිතන්න අපි ඉන්නේ කාත් කවුරුවත් නැති තැනක තනියම



ඉතින් අපිට නමක් ඕනිද ?
ගමක් ඕනිද?

නෑ නේද

හැබැයි ඉතින් තව එකෙක් ඉන්නවා නම් මොකෝ වෙන්නේ අන්න එතකොට තමා නමක් ඕනි මොකද ඒ ? එතකොට තමා අදුරගන්න පුළුවන් වෙන්නේ

ඉතින් පිංවතුනි සිද්දිය පැහැදිලි නේද

ip එකත් මේ වගේම තමා තමන්ගේ ගෙදර තියෙන්නේ එක device එකක් නම් තමන්ට ip නෙමේ මොකක් තිබ්බත් වැඩක් නෑ එත් 2ක් 3ක් එද්දී මේ ip එකක් ඕනි වෙනවා වැඩ කරන්න
වැඩ කරන්න කිව්වේ අන්තර්ජාල භාවිතා කරන්න file එකක් යවන්න document එකක් print කරන්න වගේ

ip කියන්නේ කෙටියෙන් කිව්වොත් Internet Protocol address කියන එකයි මේක ඉලක්කම් සෙට් එකක් හැබැයි යම් යම් නීති මාලාවකට යටත්ව තමා මේක හැදෙන්නේ
ඉතින් අපිට පුළුවන් ip එකක් දාල lan එකෙන් file එකක් copy කරන්න lan game එකක් ගහන්න

හරි ඉතින් මන් කිව්වනේ මේක නීති මාලාවකට යටත්ව හදපු එකක් කියල

ඉතින් අපිට ඕනි ඕනි විදිහට පාව්ච්චි කරන්න බෑ
නෙට්වර්ක් එකක් හදද්දී ඉස්සෙල්ලම අපි අහන්නේ devices කියක් තියනවද කියල
මොකද මන් කලිනුත් කිව්වනේ ip එකත් හරියට නමක් වගේ ගෙදර address එක වගේ ඉතින් එකම address 2ක් තියන්න බෑ මොකද ලියුමක් යවන්නේ address එකට ඒ වගේමයි ip එකට තමා data packet එකත් යන්නේ.

ඉතින් මේ ip කියන්නෙත් ඉක්මනට ඉවර වෙන එකක් කියල කියන්න පුළුවන්
අන්න ඒ නිසා තමා අපි දන්නා IP v4 IP v6 එහෙම ඇවිල්ල තියෙන්නේ


දැන් අපි බලමු මොකක්ද මේ ip v4 එකක තියන විශේෂ ලක්ෂණ කියල

  • මුලින්ම කියන්න ඕනි ip Staticඒවාත් තියනවා Dynamic ඒවත් තියනව
  • මේ ජාතියේ ip වර්ග 2ක් තියනවා ග්ලෝබල් ip සහ ලෝකල් ip
  • ඒ වගේම ip එක කොටස් 2කට කැඩෙනවා Network සහ host කියල
  • ඒ වගේම ip class 5ක් තියනවා

Static IP සහ Dynamic IP 

සරලවම කිව්වොත් ip එක වෙනස් වෙන්නේ නැත්තම් ඒ Static ip

නමුත් dynamic එකේදී වෙනස් වෙනවා


Global IP සහ ලෝකල් ip

මෙහෙම දෙයක් හදුන්වල තියෙන්නේ වෙන මොකටවත් නෙමේ ip ඉතුරු කරන්න
මොකද ලෝකේ හැම device එකකටම Public IP එකක් දෙන්න බැරිවෙලා තියනවා

ඉතින් එකට විසදුමක් විදිහට

අපි නෙට් එකට යද්දී අපේ අන්තර්ජාල සේවා සපයන්නාට දීලා තියනවා ip බ්ලොක් එකක්

අපේ රවුටර් එකට එනවා ග්ලෝබල් ip එකක් එත් ගෙදර තියන අනිත් devices වලට තියෙන්නේ ලෝකල් ip

ඔන්න පොඩි උදාහරණයක්



අපේ රටේ සෙට් එක ඉන්ටෙර්නෙට් ගන්නෙත් තවත් ISP කෙනෙක්ගෙන්

එයාල කොටස් වලට කැඩෙනවා Tier 1 , 2 , 3, කියල

අපේ රවුටර් එකට එක පබ්ලික් ip එකක් දෙනවා ඉතින් අපිට lan එකේ ඕනි තරම් private ip කඩාගන්න පුළුවන්


දැන් ඔය කඩාගන්න පුළුවන් කිව්වට එකෙත් එක විදිහක් තියනවා

අන්න එතන තමා එන්නේ Network සහ host කියල



ip v4 වලදී ip එකක කෑලි 4ක් එනවා උදාහරණයක් කිව්වොත් 192.168.100.100 කියල

ඉතින් ඔය හැම කෑල්ලක්ම බිට් 8 කින් නිරුපනය වෙනවා

ඉතින් ඒවාට සබ්නෙට් හරි class එක අනුව හරි තමා ඉන්නේ නෙට්වර්ක් ද නැත්තම් හොස්ට් ද කියල තීරණය වෙනවා.





ඕක බැලුවම තේරෙනවනේ Class A එකට මැෂින් ගොඩක් පුළුවන්

class c එකට පොඩ්ඩයි පුළුවන්

ඉතින් මැෂින් 10ක් 20ක් class a එකකට දාල වැඩක් නැනේ නේද


ඔන්න පහලින් බලන්න මේ class 5 සහ කොච්චර නෙට්වර්ක් ගානක් හදන්න පුළුවන්ද කොච්චර මැෂින්ගානක් add කරන්න පුළුවන්ද කියල




වැරදි එහෙම තියනවා නම් කියන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා
best sinhala blog in sri lanka
හරි ඔන්න දැන් කියන්න යන්නේ කොහොමද හදාගත්ත ad එකට users add කරන්නේ ඒ වගේම මැෂින් ad කරන්නේ කොහොමද කියල
මන් නම් මගේ Screen 2කට Server VM එකයි Client VM එකයි දාගත්තා


වම් අත පැත්තේ සර්වර් එක දකුණේ Client

හරි දැන් අපි windows 10 කලින් වගේ install කරගන්න

එක බූට් වෙනකල් යන්න සර්වර් එකේ ad එකට
ඔන්න ඉතින් එකේ තියන ඒවා ටිකක් බලන්න



සර්වර් එකේ users කියන ටැබ් එක click කරා අරකෙ user කෙනෙක් හදන ගමන්




 Client ව config කරන්න



 ඔන්න windows 10 එක හරි


 දැන් යන්න නෙට් settings වලට
ගිහින් IP V4 වල මේ වගේ IP එකක් දීලා
Default Gateway එක සර්වර් එක දෙන්න
DNS එකත් සර්වර් එක දෙන්න

 වැඩේ හරි නම් මෙහෙම එයි


 පුලුවන්නම් cmd එකෙන් ping කරලා බලන්න


හරි දැන් යන්න Server එකට

ගිහින් අපේ office එකේ Diagram එක ගහන්න
ඒ කියන්නේ OU හදන්න







හරි දැන් යන්න Client එකට
දැන් This PC එකෙන් යන්න Properties


දැන්ඔන්න ඕක change යන්න


දැන් domain කියන එක click කරන්න
ඊටපස්සේ අපේ domain නමේ එක ඒ කියන්නේ manusha කියන එක type කරන්න ඕනි
ඊටපස්සේ ok දෙන්න


 දැන්  sign in වෙන්න admin acc එකෙන්







ඔක්කොම හරි නම් මේ විදිහට වැටෙයි

 දැන් restart කරන්න



දැන් other user කියන එකෙන් අපේ admin acc එකෙන් ලොග් වෙන්න



ඔන්න ඉතින් එතකොට සර්වර් එකේ computers කියන එකට අපේ windows 10 එක පෙන්නයි



හරි දැන් එක drag කරන්න අපි හදාගත්ත ou එකට



හරි එතකල් හදන්න user කෙනෙක් server එකෙන් යන්න new user කියන අයිකන් එක උඩ click කරන්න



අදාළ දත්ත ටික පුරවන්න



පාස්වඩ් දෙන්න



finish කරන්න



ඊටපස්සේ ඌ ඉන්නේමොන department එකේද කියල බලල drag and drop කරන්න

දැන් යන්න windows 10 එකට
 admin එකෙන් sign out වෙන්න

දැන් අපි හදපු acc එකෙන් ලොග් වෙන්න



ඔන්න පුතේ වැඩේ ගොඩ



ඔන්න එහෙනම් අපි ad එකට PC එක ad කරලා එකට user කෙනෙක් හදල එකෙන් ලොග් උනා


ඉතින් කියන්න තියෙන්නේ මේකෙන් පොඩි හරි දෙයක් ගත්තනම් ඒ හැබැයි ඒ දේ තවත් කෙනෙකුට කියල දෙන්න ලොබ වෙන්න එපා මොකද අපි ඉන්නේ නිතරම අප්ඩේට් වෙන යුගයක ඉතින් කියන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කරන්න හැමෝටම පුළුවන් එත් manage කරන්නයි බැරි, ඉතින් අවුලක් අවොත් මට MSG එකක් දාන්න පුළුවන් වෙලාවක reply එකක් දානවා ලොවෙත්
එහෙනම් මන් ගියා ජයවේවා....