ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
බලපත්‍ර අධිකාරිය 




ලියාපදිංචි දිනයේ සිට ඉදිරියට වසරක‍ට බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
බස්නාහිර පළා‍‍‍තේ යතුරු පැදි හා ත්‍රි ‍‍‍‍රෝද රථ හැර සියලුම වාහන සඳහා පළමු බලපත්‍ර පළා‍ත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාල‍‍‍‍ය මඟින් ලබා ගත යුතුය.
දෙවන බලපත්රියේ සිට ලියාපදිංචි සහතිකයේ ලිපිනයට අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර අළුත් කිරීම ආරම්භ වේ.( කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශිකය හැර)
ප්‍රධාන කාර්යාලයට අමතරව බස්නාහිර පළාතේ ලියාපදිංචි ඕනෑම වාහනයක් සඳහා ආදායම් බලපත්‍ර කඩුවෙල, කටාන,
පානදුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගත හැක.

වෙනත් පළාත් වල නම් ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් වැඩේ කරගන්න වෙනවා

ගොඩක් වෙලාවට online එන්න පරක්කු වෙනවා ඉතින් ඒ වෙලාවට පොලිසිය ඒක පිළිගන්නේ නෑ date පහු වෙලා කියන්නේ දඩ

ආදායම් බලපත්‍ර යක් ලබා ගැනීම සදහා අවශ්‍යය ලේඛන.

1)    වාහන ලියාපදිංචි ලේඛන හෝ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරනු ලබන බලාත්මක උදෘතයක් (CMT 76, CMT 11) හෝ මූල්‍ය  ආයතනයක් මගින් සහතික කරන ලද ලියාපදිංචි ලේඛනයේ පිටපත.
2)    පෙර වර්ෂයේ ආදායම් බලපත්‍රය.
3)    වලංගු රක්ෂණ සහතික.
4)    වෙළද වාහන සදහා යෝග්‍යතා සහතික.
5)    ඔමිනි බස්රථ සදහා මගී සේවා අවසර පත්‍රය
6)    වලංගු වායු පරීක්ෂණ සහතික.

වෙළද වාහන

1)    මෝටර් ලොරි
2)    ප්‍රයිවට් කෝච්
3)    ඔමිනි බස්
4)    මෝටර් ට්‍රයිසිකල් වෑන්
5)    ගිලන් රථ
6)    අවමංගල රථ

දඩ මුදල්

1)    බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය යන්නෙන් මෝටර් වාහනයක් සඳහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ යම් වර්ෂයක් සඳහා ද එකී වර්ෂය තත් වාහනය මුල් වරට ලියාපදිංචි කර ඇත්තේ යම් දවසකද  එකී මාසයේ එකී දිනයේ සිට ආරම්භ වන අතර  ( මෙහි මින් මතු බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය වශයෙන් සදහන් කරනු ලබන) එකී මාසයේ එකී දිනයේ සිට වැඩ කරන දින තුනක් වන අතර නියමිත දිනය ඉක්මවා මාස 6ක් නොඉක්මවා ඇත් වි‍ටෙක ගාස්තුවෙන් 10%  
2)    අළුතින්ම ලියාපදිංචි කරන වාහනයක් සදහා ලියාපදිංචි දින සිට දින 7 ඇතුලත බලපත්‍ර   ලබා ගත යුතු අතර එම නියමිත දිනය ඉක්මවු විට ගාස්තුවෙන් 10%  
3)    බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය මාස 6 ඉක්මවා  ඇතත් මාස 12ක් නොඉක්මවා ඇති අවස්ථවක වාර්ෂික ගාස්තුවෙන් 20%
4)    බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය පසු වී මාස 12 ක් ඉක්මවා ඇති අවස්ථාවක වාර්ෂික ගාස්තුවෙන් 30%

9 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. //රධාන කාර්යාලයට අමතරව බස්නාහිර පළාතේ ලියාපදිංචි ඕනෑම වාහනයක් සඳහා ආදායම් බලපත්‍ර කඩුවෙල, කටාන,
    පානදුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගත හැක.// දැන් හැම කෙනෙක්ටම තමන්ගෙ පලාතෙන් පුලුවන් මමහිතන්නෙ.

    ReplyDelete
  2. Aiya. Wena palathaka ekak thawath palathakata genawoth. Ex. Basnahira palathe ekak madyama palathakata genawoth e wahanaye licen insurance kohomada ganne.

    ReplyDelete
  3. Aiya. Mage bike eke 2019-2020 adayam balapathraya nathi una. 2020-2021 adayam balapathraya ganna kalin eka onada.

    ReplyDelete
    Replies
    1. ow , police antry ekak dala eke copiyak aran gihin pennala hadaganna puluwan dan ekama

      Delete
  4. Aiya mm aluthin bike ekak gaththa.thama eke adayam බලපත්‍රය heduwe ne .eka hadanne khmd .monada oni dewal .kohetada yayannoni

    ReplyDelete
  5. අයියා මම බයික් එකක් ගත්තා.. එකේ2015 ඉඳන් ආදායම් බලපත්‍රය හදලා නෑ... ඒකට ලොකු දඩයක් වදීද?

    ReplyDelete
  6. අයියෙ මගෙ යාලුවගෙ බයික් එකේ ආදායම් බලපත්රයෙ 2017 න් පස්සෙ අලුත් කරල නෑ එයාට ඒ දඩේ ගෙවන්න මාලිගාවත්තට යන්න ඕනි කීව .එයාගෙ අම්මගෙ නමට තමයි වාහනේ තියෙන්නෙ ඉතින් දැනට එයාගෙ අම්ම මැරිලා .යාලුවට කියල ටාන්සර් පෝම් අත්සන් කරල එයාගෙ නමට පොත එන හදා ගන්න පුලුවන් කියල .

    ReplyDelete
Post a Comment
Previous Post Next Post