Samsung M20 ගන්න කලින් කියවන්න

ඔන්න ඉතින් මන් ගත්ත Samsung M20 පෝන් එක ගැන පොඩි විස්තරයක් කරන්න කියල හදන්නේ
මේකේ හොඳ වගේම නරකත් ලියන්නේ කාගේවත් බිස්නස් කඩන්නවත් වැඩි කරන්නවත් නොවන බව සහ මේක මගේ review එකක් ඒ කියන්නේ පෝන් එක පාවිච්චි කරන්න අරගෙන ලියන review එකක් කියන එක මුළින්ම කියන්න ඕනි

පෝන් එක දැන් යන්නේ 3GB ram 32GB Internal Memory එක යන්නේ 28-29ත් අතර ගණන් වලට

පෝන් එක release වෙලා සතියක් විතර වෙද්දී ගොඩක් දෙනෙක් මේක අරගන්නවා කියල මන් ගන්න යද්දී ඒ වෙලාවේ 4ක් ම ගත්ත පෝන් එක, මේ දවස් වල කඩේකට ගියොත් M20 සීන් එකක් තියෙන්නේ

මාත් ඉතින් ගත්තනේ පෝන් එක දැන් කරන්න හදන්නේ ඒක ගැන පොඩි review එකක්

මුලින්ම කිව්වොත් මන් පෝන් එක ගත්තේ බැටරිය ගැන හිතලා කලින් පොස්ට් එකේ කිව්වා වගේ පවර් බෑන්ක් එකත් ගත්තා ඒත් වැඩක් උනේ නෑ S6 edge එක බැටරිය බහිනවා ලෙසටම ඉතින් ඔහොම වෙලාවක ලොකු හදිස්සියක් වෙලාවේ පෝන් එක off උනා ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව ගිහින් බැටරි කැපාසිටිය වැඩි මගේ requirements වලට සෙට් වෙන පෝන් එක ගත්තා

අපි ගොඩක් දෙනෙක් පෝන් ගන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් සංසන්දනය කරලා නෙමේ නේ ඒ වෙද්දී තියන හොඳම එක ගන්න තමා කවුරුත් ආස,

මෙතැනදී මන් බැලුවේ මගේ අවශ්‍යතාවය ලොකුම දේ උනේ පෝන් එකේ බැටරිය, ගෙවන ගානට වටින්න ඕනි සහ මන් දැන් පාවිච්චි කරන Samsung Gear S එකට සපෝට් කරන්න ඕනි කියන එක සහ ඩිස්ප්ලේ එක පොඩ්ඩක් ලොකුවට තියෙන්න ඕනි කියන කරුණු ටික

කැමරා ගැන ලොකුවට හොයන්න ගියේ නැත්තේ GoPro එකයි S6 edge එකේ කැම් එකෙන් මට ඕනි වැඩ ටික කරගන්න පුළුවන් නිසයි.

පෝන් එක ගැන කියනවනම් පෝන් එක එන්නේ කලර් 2කින් එකක් නිල් අනික කළු හැබැයි වටේ ප්ලාස්ටික් ඒ නිසා බක් කවර් එකක් පාවිච්චි කරේ නැත්තම් සිරීම් පාරවල් දැකගන්න පුළුවන්, ලොකුවටම නෙමේ

එන්නේ 3GB Ram 32GB internal Storage හරි 4GB Ram 64GB internal memory විදහට

මේක ඇවිල්ල Mid-range budject phone එකක් ඒ නිසා features , සෙන්සර් සහ අනෙකුත් ඒවා අඩුවෙන් තියෙන්න පුළුවන් Note/ S Series එක්ක බලද්දී

පෝන් එක එන්නේ fast charger එකයි Datacable එකයි එක්ක හෙඩ්සෙට් / temperd / backcovers මොකුත් නෑ වෙනම ගන්න වෙන්නේ

පෝන් එකේ spec එක බලාගන්න මේකට යන්න


Display


TFT ඩිස්ප්ලේ කිව්වට මන් හිතුවේ චාටර් ඇති කියල එහෙම නෑ ඉතින් ඩිස්ප්ලේ එක හොදයි අව්වේ උනත් පේනවා හොඳට හැබැයි අර Amoled වගේ නම් අමුතු කලර් නෑ අනික තමා නොච් එක ලොකුවට නෑ ලස්සනයි මට නම් කලර් නම් natural ඒවා පෙන්නන්නේ

iPhone X එකයි Samsung M20 එකයි Nova 3 එකයි





Camera


M20 එකෙයි Y9 2019 එකෙයි එකම වගේ තියෙන්නේ

කැමරාව ගැන කිව්වොත් දවල් ට නම් හොඳයි හවසට නම් අවුල් Google camera වත් පොර්ට් කරපු එකක් ආව නම් පට්ට වෙයි කියල හිතනවා ලෝ ලයිට් නම් ඇත්තටම අවුල්

මේකේ පිටිපස්සේ කැමරා 2ක් තියනව Wide angle 5mp කැමරා එකයි නෝමල් 13 mp කැමරා එකයි
ඉස්සරහ තියෙන්නේ 8mp එකක් එකත් ලෝ ලයිට් නම් ගන්නම දෙයක් නෑ


මේ S6 Edge Camera එකෙන් ගත්තේ නෝමල්


මේ M20 එකෙන් ගත්තේ නෝමල්


මේ gopro එකෙන් ගත්තේ wideangle


මේ M20 එකේ wide angle



හැබැයි අළුතෙන් එන Huawei 3i, Y9 2019 redmi Note 7 වල නම් රෑට ගහන පොටෝ පට්ට මේකට වඩා, නොට් 7 එකේ එහෙම පට්ට අනික video එහෙමත් EIS වගේ features දෙනවා අනිත් ඒවගේ මේකේ නම් මන් දැක්කේ එකම දේ දවල්ට පට්ට රෑ නම් ගන්න දෙයක් නෑ කැමරාවේ ඒ වගේම depth cam නැති නිසා portrait photos වල edges අවුල් යනවා හොඳේ.....


Battery

5000mah බැටරියක් තියන නිසා මට නම් දවස් 1යි පැය 17ක් වගේ තියාගන්න පුළුවන් උනා මගේ සාමාන්‍ය වැඩ ටික කරලා

චාජ් කරන්න ගියේ පැය 2යි මිනිත්තු 30ක් වගේ


පේනවනේ පැය 7ක් වගේ Screen on time එක ගත්තා


Sensors and Others


මේකේ finger print එක සාමන්‍ය පිහිටීමට වඩා පොඩ්ඩක් උඩින් තියන නිසා පොඩි අත් තියන අයට පොඩ්ඩක් අපහසුවක් තියෙයි කියල හිතෙන්නේ,
Notification light එකක් නෑ ඒ නිසා ඩිස්ප්ලේ එක on කරන්නම ඕනි notification බලන්න
Face Unlock එකත් හොඳයි speed 
USB Type C තියෙන්නේ
හෙඩ්සෙට් 3.5mm ජැක් එක එන්නේ
























සාමන්යෙන් Mid Range Phone වල සමහර සෙන්සර් ආවේ නැති උනාට මේකේ නම් ඕනි වෙන ඒවා දාල තියනව IR නම් නෑ Remote වලට වගේ නම් පාවිච්චි කරන්න බෑ


හැබැයි ඉතින් සින්දු අහනවා නම් Net එකේ ඉන්නවා නම් game ගහනවා නම් shape පෝන් එකක් තමන්ගේ අවශ්‍යතාවයට අනුව සලකල බලල එකක් ගන්නවා නම් වටිනවා ඔන්න ඕකයි මගේ අත්දැකීම Samsung M20 එකත් එක්ක


game ගැන කිව්වොත් PUBG / asphalt 9 ගහන්න පුළුවන් lag වෙන්නේ නෑ pubg max graphic නම් ගහන්න බෑ නෝමල් ගහන්න පුළුවන් Mid range එකකින් කරන වැඩ ටික අවුලක් නැතුව කරගන්න පුළුවන් අවුලක්ම නැතුව

overall පෝන් එක හොඳයි ඩිස්ප්ලේ එහෙම හොදට තියනව IPS නැති උනාට පිටිපස්සේ පොඩ්ඩක් හිරෙන්න බලනව කොහොමත් බක් කවර එකක් දාගන්න ගත්ත ගමන්,
කැමරාවේ ලෝ ලයිට් නම් අවුල් මේ දවස් ටිකට lag උනේ නෑ තාම බැටරිය නම් දවස් එකහමාරක් පුළුවන් අවුලක්ම නැතුව ඉක්මනට චාජ් වෙන නිසා තවත් හොඳයි ගොඩක් එහෙ මෙහෙ යන කෙනෙක්ට වගේ නම් හොඳයි Speed Ram Management අතින් නම් මේක ඉදිරියෙන් ඉන්නේ Note 7 එකට වඩා
Camera එක තමා එකම අවුල ලෝ ලයිට් වෙන නම් මොකුත් අවුල් ආවේ නෑ තාම

Comparison

Battery Charging Speed
මාත් youtube එකෙන් ගත්තේ හොඳේ





Speed Test




Overall Review




ඇතුලේ හාඩ්වෙයා



හරිනේ ඉතින් මන් හිතනවා කට්ටිය දෙයක් දැනගන්න ඇති කියල

7 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. මම නම්බහිතුවෙ නෑ උඹ ම⁣ේකක් ගනී කියල

    ReplyDelete
  2. "ඉක්මනට චාජ් වෙන නිසා තවත් හොඳයි ගොඩක් එහෙ මෙහෙ යන කෙනෙක්ට වගේ නම් හොඳයි Speed Ram Management අතින් නම් මේක ඉදිරියෙන් ඉන්නේ Note 7 එකට වඩා"

    Methna Note 7 qwwe Samsung Note 7 da ? redmi note 7 da ?

    attama math ekk ganna blanwa..mn baluwe Redmi note 6 pro, Redmi note 7 Samsung M20, but redmi note 7 india release wenneth feb-28...

    Make Ram eke minimize karala tiyna apps recent eken attama refresh wenwda ???

    ReplyDelete
    Replies
    1. Redmi එක ගැන කිව්වේ මචං
      කැමරාව නම් අවුල් මට වෙන නම් අවුලක් උනේ නෑ තාම

      Delete
  3. Machan samsung hugak budget phone stuck wenawa. J7 ekath ehemail. M20 kohomada.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post